Tweets by @Tweetsbysuku myblog: April 2019

Facebook Fan Page

Monday, April 8, 2019

“ කර්මය අභිබවා යන මහේශාක්‍ය බව “ - පූජ්‍ය කකුල්පනේ සුද්ස්සී ස්වාමීන්වහන්සේ

අල්පේශාක්‍ය පුද්ගලයාට ඉතා කුඩා අකුසල කර්මයක් කරගෙන මහා විපාක ඇති කරලා මහා දුක් ඇති කරගන්නවා. මහේශාක්‍ය පුද්ගලයාට, එබදු අකුසලයක් සිද්ධ කරගනෙ තිබුනත්, දිට්ඨධම්මවේදනීය වශයෙන් ඉතා කුඩා විපාකයක් ඇති කරලා අහෝසි වෙලා යනවා.

“ ලෝණ ඵල සූත්‍රය “

සසරේ කල පුණ්‍ය විපාක වශයෙන් කෙනෙකුට මහේශාක්‍ය බව ඇතිවෙන්න පුලුවන්. නමුත් බාහිරින් ඇතිවන්නාවූ මහේශාක්‍ය බව පමණක් කර්ම වේගය අභිබවන්නට ප්‍රමාණවත් නෑ. “ රජකම් කලත්, කලකම් පල දේ“. මානසික මහේශාක්‍ය බව අවශ්‍යයි. යමෙක් මානසිකව මහේශාක්‍ය වනවා නම් කලකම් අභිබවා යන්නට පුලුවන්.

1. කාය භාවනාව
2. ශීල භාවනාව
3. චිත්ත භාවනාව
4. පඤ්ඤා භාවනාව

Saturday, April 6, 2019

ආදරේ සුව

ආදරේ සුව සොයා යද්දි ආදරී දිව යයි...
ආදරේ සිට නතර වෙද්දි ඈ හැරි යළි එයි....
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි...
සාගරය වෙත බැලුම් හෙලමි ...
මිරිඟු පෙම සිහිවෙයි...//

ඔබෙන් ඉල්ලූ ආදරය මට ඔබ නොදුන් හින්දා...
ඇගෙන් ලංවූ සොඳුරු සෙනෙහස මවෙත මං ගත්තා...
ඉතින් ලදුනේ මගේ වරදක්..
නැතැයි මට හැඟුනා...//

ලගින් ඉද්දී අගය නැති වී...නොවටිනා පරිදි...
දුරින් ඉද්දි අගය දැනු‍‍නේ ඔබ හටයි දුක් දී...
ඉතින් පැරදී යන්න මට බෑ...
තව වරක් ලං වී....//

#ආදරේසුව #සංගීත්විජේසුරිය #adaresuwa #sangeethwijesuriya #musicsl

Friday, April 5, 2019

The Bachelor of Art - R.K. Narayan

උපාධිධරයා - ගුණදාස යාපා ( පරිවර්ථනය )

“ මිත්‍රත්වයද ප්‍රේමය මෙන් මායාවකි. අවස්ථානුකූලව, එකට කටයුතු කරන විට, බොරු මිත්‍රත්වයක් මවා පෑම, මිනිසුන්ගේ ස්වභාවයයි. පාසල, පන්ති කාමරය, සමාජ ශාලා ආදි ස්ථාන වලදී ඇතිවන මිතුරුදම්, ස්ථානය වෙනස් වූ විට වියැකී යයි.

“ මිනිස්සු බඳින්නෙ කාමාශාව නිසා. අනෙක් කාරණේ ගෙදර දොර වැඩ බලාගන්නත් කෙනෙක් ඕන නේ. ඊට වඩා ගැඹුරු දෙයක් විවාහයේ නෑ“.

“ ආදරය යනු සිතිවිලි මාත්‍රයක් පමණි. සිඟා කෑමටත්, වංචා කිරීමටත් මා පෙළඹ වූයේ ව්‍යාජ ආදරයයි. කෙස් පැසී, මුහුණ රැළි වැටී අම්මා අකාලයේ මහලු වීමටත්, තාත්තා ගතින් සිතින් දුබල වීමටත් හේතුව වූයේ එයයි.“

#RKNarayan

Tuesday, April 2, 2019

ලොවීනා - Mohan Raj Madawala



“ මේ සිංහල රටේ ඔය හිතක් පපුවක් නැති කුලවත් මිනිස්සුන්ට වැඩිය ඔය පරදේසක්කාර පරංගි හොඳයි..“

“ සතුටයි දුකයි කියන්නේ ගොං කරත්තෙක ගොනයි රෝදෙයි වගේ. සතුට පිටුපස්සෙන් දුක එනවා... නැත්නම් දුක පිටිපස්සෙන් සතුට එනව. කවදාවත් මේ 2න් 1ක් විතරක් ජීවිතය වෙන්නෙ නැහැ...“