Tweets by @Tweetsbysuku myblog: September 2013

Facebook Fan Page

Saturday, September 28, 2013

කලකිරීමකිනි.. හ්ම්

2009 දි විතර මට නුවරඑලියෙ රතනවංස හාමුදුරුවො මෙතනදි මුණ ගැහෙනව. පස්සෙ දැනගන්නවා උන්වහන්සේ අපේ සීයලගෙ ගමේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන බවත් එහි පරිවේණාධිපති ධූරය ඇතුළු වගකීම් රැසක් දරන බවත්. ආරණ්‍ය සේනාසන සර්වඥ ධාතුන්වහන්සේලා වැඩ සිටින නුවර දළදා මාලිගයේ මෙන් සියලු වත්පිලිවෙත් සහිතව කටයුතු කරන විනයගරුක රටම දන්නා ආරණ්‍යයකි.

ගරුතර ස්වාමින්වහන්සේ කෙනෙකුගෙ ඇසුර ලැබීම පිනකි. ටික කලකදි උන්වහන්සේට අපහාස කරන දේවල් වෙද්දි මම උන්වහන්සේට මම විතරක් ෆැමිලි සහෝදරයට දාන විදියට පවසලා ඒ සියලු කරදර බාධක ඉවත් කලා. බොහෝ දෙනෙක් දැන සිටියෙ මගෙ සහෝදරය විදියට. පැවිදි උතුමෙක් සහෝදරයෙක් වගේ සලකන්න ලැබීම මටත් ලොකු දෙයක් උනා, හැබැයි ඒ ගරුත්වය ගිහි පැවිදි සම්බන්ධය වෙනස් කලේ නෑ. උන්වහන්සේ සමග බෝධි පූජා වගේ ඒවටත් සහභාගි උනා. හොඳට බණ කියන්න පුලුවන්. ඔය තරම තමයි අළුතෙන් බෞද්ධයෙක් උන කෙනෙක් සර්වඥ ධාතුන්වහන්සේ නමක් තියෙනවා ලබාදෙන්නම්, ෆැමිලි දාගන්න කියල ඉල්ලන්නෙ. මට කිව්වම ඒක මම කිව්වා මගේ වචනෙ වෙනස් කරන්නෙ නෑ, ඔබවහන්සේට කැමැත්තක් කරන්න කියල, හාමුදුරුවො අර කෙනාව ෆැමිලි දාගත්තම මම අයින් උනා ෆැමිලි එකෙන්.

ඔය අතර විවිධාකාර දේවල් සිදු උනා. “ මම මෙතන දකින බොහෝ දෙනෙක් කරන ජනප්‍රිය මාතෘකාවේ“ දේවල්, අය සමග උන්වහන්සේ සම්බන්ධ උනා. මම හෙව්වෙ නෑ. වතාවක් බෞද්ධකම රැකගන්න කටයුතු කරනව කියන කෙනෙක් ඇත්තටම ඒ එකවුන්ට් හැක් කරලා ප්‍රශ්න වගයක් ආවා. මම එතනදි හැප්පෙන්න ගියත් මට වඩා එයාලගෙ කම්පියුටර් දැනුම ඉතා ඉහලයි, සහ මට දැනුම් දුන්නා ඒ පාර්ශවයෙන් මේ මේ වැරදි තියෙනව ඉවත් වෙන්න කියල, මම ඒව විශ්වාස නොකලත් මම අයින් උනා.
ඔය අතර තමයි එක එක කතා එහෙමත් අහන්න ලැබුනා. මේ ලගදි මෙතන යාළුවෙක් කිව්ව සිවුරු ඇරල කියල. මට හිතාගන්න බැරි උනා. මම තීරණය කලා ආරණ්‍යයට ගිහින් අහන්න.

ලොකු හාමුදුරුවන්ව මුණ ගැහිලා අද කතා කලා. ලොකු හාමුදුරුවො මට කිව්වා, “වතුරුවිල ආරණ්‍ය සේනාසනය සමග කිසිම සම්බන්ධයක් දැන් නුවරඑලියෙ රතනවංස හාමුදුරුවන්ට නැති බවත්, විනය විරෝධි කටයුතු නිසා නිකායෙන් ඉවත් කර ඇති බවත්.“

උන්වහන්සෙ බොහොම හොදට ඉගෙන ගෙන හොදට හිටිය හාමුදුරු කෙනෙක්. මට මං ගැන තරහයි වගෙම කණගාටුයි, මොකද මෙතන අපි දන්න ගොඩක් අයට කරදර වෙද්දි ඒවට මැදිහත් වෙලා අවශ්‍ය වෙලාවට පවුල් බලය, හිතවත් අයගේ උදව් පවා අරගෙන ඒවට උදව් කරල තියෙන නිසා... නමුත් මෙතන ස්වාමින්වහන්සේ කෙනෙක් නිසා මම කරන වැඩ වලට බාධා කරන්න හිතුවෙ නෑ, ගිහියෙක් විදියට මට ඒවට අයිතියකුත් නැ කියල හිතුව නිසා.
දැන් කිසිම හාමුදුරු කෙනෙක් ෆේස්බුක් එනවට මම කැමති නෑ. හොදට ඉන්න සිල්වත් හාමුදුරුවරු මෙතන ඇවිත් නැති කරදර ඇති වෙනවා, දාගන්නවා. ඒනිසා මින්මතු හාමුදුරුවරුන්ගෙ රික්වෙස්ට්ස් ගන්නෙත් නෑ. බොහොම කලකිරීමකින් ඉන්නෙ...
මෙහෙම දේවල් වලට මුල් වෙච්ච අයට සාප වෙනව... එච්චරයි කියන්න තියෙන්නෙ....

Wednesday, September 25, 2013

Making Dream (Compelling reason) (24 to 25)

1. Man without a dream is as good as Dead....

2. No 1 is Dream... There must be dreams, before business.

3. Something you want to achieve so badly, pushes you to achieve you.....
No Boss, no orders... unlike traditional job..... - Negative motivation...





 
4. No negative Motivation... Only DREAM > pushes....

5. Simple Dreams, buying a ferrai, giving comfortable life to Family....... etc..






6. * Have dreams > not believing.....

Short term, Long Term

Cannot start something without knowing where to go...... ---
If don't know where to go, ---> MUST BE  Crystal Clear


7. NEED a LIST of DREAMS>>>>

Tuesday, September 24, 2013

Hmm * Life still

Life is kicking off somethings, my things which happened.....

Mandura's funeral, Job, Business, Health issues, Family duties and expectations, and also social media service providing...

Life is giving all troubles and yet try to make things better.....

Although I started again(dnt rem, which time), Wake up, worship, exercised, make things to do, planned... etc... hmm still goes....

Mandura's Funeral (09/21)

මන්දුරගෙ අවසාන කටයුතු කරපු දවසේ යන්න ලැබුන එක හොඳ බව ගියාට පස්සෙයි හිතුනෙ. කොළඹ වගේ පිටම පලාතක පැත්තක ඉදගෙන, ඔය වගේ දේකට දුක් වෙන කොට දුක හරිම අනනුකම්පීයයි....

ඒත් ගමට ගිහින් දන්න අයත් එක්ක දුක බෙදාගන්න කොට, දුක තුනී වෙනව. මන්දුරගෙ තාත්තත්(පෙරේරා අංකල්), අම්මත් එක්කත් කතා නොකර ඉන්න හිටියත් කතා කරන්නම උනා. ෆේරෝස් අයිය එක්ක කතා කලාට පස්සෙ මන්දුරගෙ තාත්ත එක්ක කතා කරන්න ලැබුනා.
උවමනා උනේ මන්දුරගෙ අම්මගෙ එක්ක කතා නොකර ඉන්න උනත්, කරන්න උනා. අකමැති උනේ දරුදුක ගැන යම් දැනුමක් තේරුමක් තියෙන නිසයි අකමැති උනේ.
මැරුණට පස්සෙ තව මොනව කියන්නද... කරන්නද... ජීවිතේ ගැනම එපාවීමක් ඇතිවෙන්නෙ මේ වගේ දෙයක් උනාම තමයි....

කාලෙකට පස්සෙ, සුමීර, සුමිත්, තරංග, චන්දන, නිර්මාල්, යසිරු වගේ යාළුවොත්, මල්ලිලත්, නුවන් චින්තන, ශශික වගේ අයියලත් මුණ ගැහුනු එකටත්, සිරිපාල අංකල්, තව දහම් පාසලේ උගන්නපු අයිය කෙනෙක් වගේම, අකුරටියෙ නන්ද හාමුදුරුවන්ගෙ දායක පවුලක ආන්ටිත් අංකලුත් එක්ක ධර්මය ගැන කතා කරන්න ලැබුනු එකත් හොඳ දෙයක්...

මල ගෙදර පිලිවෙලට තිබුනා, ජේවිපි එකේ ක්‍රමයට තමයි තිබුනේ, හැමදේම හොඳින් තිබුන. ඊෂිතා අක්කත් එක්ක කතා කරන්න බැරි උනා, උචිත මල්ලි එක්ක නම් ටිකක් කතා කලා.
පවුලෙ අයට තරම් වේදනාවක් නැති උනත්, අසාමාන්‍ය දෙයක් නිසා වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ.
මල ගෙවල් වලදි පොදුවේ බුම්මගෙන එක ඉන්න එක පුරුද්දක් උනත් එදා මට දන්න අය, දන්න පලාතක් නිසාද මංදා හිනා ආවා. වෙනද නම් මල ගෙවල් වලදි වෙන අය හිනා වෙද්දි මට එන්නෙ තරහක්. එහෙම තරහ ආවම හිත හදාගන්නෙ ඒ අය සෑහෙන ආයුෂ විඳල කියල හිතලයි... හ්ම්.. ඒත් එදා එහෙම තත්වෙකට මම ආවෙ මොකද කියල හිතාගන්න බෑ.

තරංග මතක් කලා විහිළු කලත් ඇස් වලට කඳුළු එන තරම් සංවේදි කෙනෙක් කියල මන්දුර... ඒක ඇත්ත මටත් මතකයි... ඒ අතීතයේ පිස්සු වැඩ අනන්තයි, හිත් නරක් කරගැනීමුත් සතුටු අස්සෙ නොතිබුනාම නෙමෙයි. ඒත් පොදුවේ අපි සතුටින් හිටියා ජිවිතේ ගැන බරක් පතලක් තිබ්බෙ නෑ... අපිට ඕන වෙලාවට ක්ලාස් ගියා, ඕන නැත්නම් කට් කලා.. ඉස්කෝලෙ නම් පිලිවෙලට හැමදාම වගේ ගියා...

මොනදේ උනත් හිත හොඳ බව 100%ක්ම විශ්වාසයි මන්දුරගෙ, වෙච්ච දේ තාමත් හිතාගන්න බැරි උනත්, කොහේ හිටියත් කොහොම හිටියත් හොඳින් ඉන්නව ඇති කියල විශ්වාසයක් තියෙනව මන්දුර ගැන... 

සමහරවිට ආයෙ මුළු සංසාරෙදිම මුණ නොගැහුනත්.... හොඳින් ඉන්න.. සංසාරෙ පුරාවටම තුනුරුවන්ගෙ සරණයි ආරක්ෂාවයි ඔයාට !

Tuesday, September 17, 2013

Miss You Mandura...

Still wondering wat happnd to U Mandura.... just cant admit it yet... hmmm
T. S for whole Sansara ! (RIP)

තාම හිතාගන්න බෑ මන්දුර නැති උණා කියල නම්... ඉස්කෝලෙ කාලෙ රණ්ඩු වෙච්ච ඒවා, කරපු පිස්සු වැඩ වගේ කොච්චර තියෙනවද... අපි එක්ක හිටියට ජනවාරි 1 වෙනිදා නිසා අපිට වඩා බාලයි... හ්ම්... මාස 3කට විතර කලින් බොරැල්ලෙදි අහම්බෙන් දැක්ක මතකයි....

ඊයෙ Chinthaත්, අද මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයත් කතා කරලා කිව්ව නිසා හොයද්දි තමයි දැනගත්තෙ හ්ම්....

අන්තිමට අපි මුණ ගැහුනෙ ජනාධිපතිවරණෙදි ජෙනරල්ට සපෝට් කරපු ගාල්ල රැලියෙදි... මන්දුරලගෙ පවුලේ ජවිපෙ දේශපාලනය නිසාත් අපේ පවුල් වල එජාප දේශපාලනය නිසාත් ඉස්කෝලෙ කාලෙ ඉදල යම් යම් දේශපාලන වෙනස් මත තිබුනත් ජෙනරල් නිසා අපි එක තැනක කියල අපි එදා කතා උනා මතකයි.....

වෙච්ච දේ හරියටම හිතාගන්න බෑ. සංසාරේ පුරාවටම තුනුරුවන්ගෙ සරණයි .... !

Monday, September 16, 2013

අද දැනුනු දෙයක්

අද බස් එකේ එද්දි ලැපත් දාගෙන ආවා, Yellow Page(SLT) පොතට වඩා ලේසියෙන් ඒවා නෙට් එකෙන් හොයාගන්න පුලුවන් නිසා. හොඳටම තද බස් එකේ ලැපත් එක්ක අනිත් ඒවත් උස්සගෙන යන එක අමාරුයි. ඒත් ගාණක් නෑ කරන නිසා.

කොහොම හරි මම ඉස්සරහට ටික ටික ඇවිත් බෑග් එක එල්ලගෙන ඉද්දි, වාඩිවෙලා ඉදගෙන මොබයිල් එක ටයිප් කර කර හිටපු මුස්ලිම් තරුණ මහත්තයෙක් කියල ඉල්ල ගත්තා. බෑග් එක තව කාටවත් දෙන්න මම කැමති නෑ. මම අනිත් අයගෙ බෑග්ස් බස් එකේදි ගත්තට, කොහොම හරි මට හිතුනා දෙන්න, බර වැඩි නිසා වෙන්න ඇති.

මට දැනුන දේ තමයි අර ජාතිවාදයේ යම් යම් දේවල් තියෙනවා ඇතිනෙ මං ගාවත්, ඒ තියෙන හැමදේම නැති වෙලා ගියා. අන්තවාදය තියෙන බව මම නොදන්නව නෙමෙයි. ඒත් ඒක කියල අමානුෂික විදියට හැසිරෙන්න බෑ. නීතියට අනුකූලව සදාචාරය එකඟව වැඩ කරලා තමයි මේ අවුල් ලිහන්න වෙන්නෙ.

මට හිතුනෙ එහෙමයි හ්ම්.....

Sunday, September 15, 2013

ධනපතියා... දානපතියා....

අද වෙලා තියෙන්නෙ ධනපතියන් ඉන්නවා... දානපතියන් නෑ.

ධනවත් වෙන්න විවිධාකාර ක්‍රම තියෙන එකේ, ඒවායින් කුම්මැහි විදියට ඉදල, ධනවත් කෙනෙක් විවාහ කරගෙන, යටහත් පහත්ව ඉදලා, ධනවත් වෙන අය දනට පිනට පොදුවේ වැඩි කැමැත්තක් නෑ.
ධනවත් වෙච්ච බහුතරය කොහොමත් වෙන අයට උදව් කරන්න පොදුවේ වැඩි කැමැත්තක් නෑ, ලංකාවෙ විතරක් නෙමෙයි ඒක ලෝකෙම තත්වයක්. එයාල දන් දෙන බව කරන්නෙ පේන්නයි, ප්‍රදර්ශනයට... සමාජයට, ලෝකෙට, ආගමට, සිරිත් විරිත් වලට ගරු කරන බව ලෝකෙට කියන්නයි.

කොහොම උනත් නැති වෙලා යන “දානපති“ සංකල්පය මෙහෙම නෑ. අනේපිඬු සිටාණන්ට අපේ ගමේ පන්සලේ ඇඳපු චිත්‍රයේ තියෙන්නෙ “පිනේ නිති වැඩු, අනේපිඬු සිටු“ කියල...

දානපතියා, තමන් භුක්ති විඳින දෙය තව කෙනෙක්ට දෙන්න මැලි වෙන්නෙ නෑ. දානපතියා තමන්ගෙ මෙහෙකරුවන්ටත් ගරු කරනවා. මෙහෙකරුවන් කිව්වට එයාල කරන්නෙත් වෘත්තියක් බව දානපතියා දන්නවා. ඒවගේම තමන් ආහාර ගන්න විදියටම තමන් යටතේ ඉන්න අයටත් ලබාදෙනවා.

අපි දන්දීම ගැන කොච්චර දන්න ජාතියක්ද... හ්ම් “සිරි ජාතකයේ“ ඉදන්ම අපි දන්නවා... හ්ම්...

Hmm Feel bit better

Life is not mega exciting, I have to work hard. No rest time in holidays too. Business, marketing, plus many more.

It was good to have Sony Camera with help of Upul Agbo Uncle.

I stared Upul Agbo Photography fan page. It was a thing I wanted to do so long.

It was good to walk without finding proper place in the road, and it was fine in Hemas, maintenance Engineer is good.

hmm......

Friday, September 13, 2013

Hmm time is going....

Life is not bad though, but I m still lazy I think. I was expecting support and it is not happening. I m on my own. But I m ok, cause I know things are like that in life, I m thanking people who gave me this chances to be like this, I mean this tough time, but I m sure I ll have good time in future cause of this.



නුග ගස් පෙල අප නැතිවත් තව දළුලනවා.....
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා......
ඔබත් එක්ක ආයෙත් මෙහි එන්න හිතෙනවා.... “

හ්ම් හ්ම්... පාරේ යද්දි හිතෙන ඒවා...
_________

ලංකාවේ අතිබහුතරයකට ජිවිතය ගැන හැඟීමක් බලාපොරොත්තුවක් නැත... ජිවිතය ඔහේ යයි, හැමදාම ජිවත් වෙන බවක් දැනෙන සිතෙන නිසා ඔවුන් ඒ ගැන වැඩිය වද නොවෙති. මේ වගේ රටක දේශපාලකයෙක් වීම මදක් අසිරු වුවත් වුවොත් නම් පාලනය ලේසි බව දැන් පසක් වේ.
කොහොම උනත් මගේ ටාගට් තියෙන්නෙ මෙතන නෙමෙයි, ඒහින්දා කොච්චර මහන්සි උනත් ගොඩක් වෙලාවට බස් එකේදි උනත් වෙන අයට සීට්  එක දෙනවා...
වෙලාවකට බෙන්ස්, ප්‍රාඩෝ, හයිබ්‍රිඩ් වගේ ඒව වලත් තව වෙලාවකට ත්‍රිවිල්, බයිසිකල්, පයිනුත් ගිහිල්ලා දැන් මට හුරුයි හ්ම්....

Sunday, September 8, 2013

Feel to write again...

Hmm I feel I wasn't blog for some time. There are things I should blog but when the time past, I loose my interest to blog it... hmm

Last week was bit bored and busy. I went to Galle suddenly for few hours. Village hasn't change much. People suffer, talked and I realized it. Most or people with free thinking tired of this Gov.
Cost of living effects them a lot. As I see its harder to live in Village than Colombo; although we have to pay for everything here.... hmmm

Today(Sunday) was quite boring, rested. Did not do things as I was ready to.

I watched " Definitely, Maybe (2008) " in the evening, it was good, watched " Date Night " yesterday and it was good, adventurous.....

Definitely May be is also good, I like it.... I remembered you cause it was about love stories. In that story, guy got child and he was happy in the end. I wish I could be like that too, I told you so, few months ago... hmm just a wish....

Sunday, September 1, 2013

සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

සමනල වැව පුරවන්නට...
බෙලිහුල් ඔය ගලා ඇවිත්....
ආදර කඳු තරණය කර....
දෙහදක් අද වෙන්ව ගිහින්....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

පහන් තරුව පායාවිත්...
ඔබ එන බව පවසන විට...//
සරසවියේ රෑනින් ඔබ වෙන්ව ගිහිල්ලා.....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

පෙරදින අප හමුවූ තැන...
නටඹුන් පමණකි කඳුළක....//
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා.....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

http://www.youtube.com/watch?v=D84wV0E7NTw