Tweets by @Tweetsbysuku myblog: April 2016

Facebook Fan Page

Tuesday, April 26, 2016

ලෝකයේම රස්සා කරන අය 80%කටත් වඩා සිටිති.
එනම් ව්‍යාපාර කරන අය, තමන්ගේම ව්‍යාපාර කරන අය සිටින්නෙ
20%කට අඩුවෙනි.

●  රස්සා කරන අයට ලෝකයේම පොදු තත්වය නම් දවසේ වටිනාම කාලයේ රැකියාවට වැය කිරීමට සිදුවීමයි.
රස්සාව ලැබෙන්නේ උගත්කමට, හැකියාවටයි. දවසේ හොඳම කාලයේ රස්සාව කරනවාට මාසයට වතාවක් පඩියක් ලැබෙයි. එය නිවරදිම අගයද නැද්ද කෙසේ වෙතත්, එය වටිනා දෙයකි.

- ජිවිතයේ වටිනාකම කාලය රස්සාව වෙනුවෙන් කැප කරනවා ගැන කතා කරන්නට ගිහින්, පඩිය ගැන කියන්නේ පඩිය සැබෑවටම වටිනා බව දන්නා නිසාය. පඩියක වටිනාකම තේරුම් ගන්නට, ව්‍යාපාර කර පාඩුවී කරගන්නට දෙයක් නැති අයගෙන් හෝ රැකියාවක් නැති කෙනෙකුගෙන් අසා බලන්න.
රස්සාවේ පඩිය එතරම්ම වටිනා බව කියනු ඇත.

●  මූලිකව කිව යුත්තේ රස්සාවක් යනු “ ස්ථිර ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් බවයි“
- එනිසා මූලිකව තමන්ගේ පවුලේ අයට මුල් තැන දෙන්න. රැකියාවේ වගකීම් කරන අතරම නිදහසේ සිටින්නට ලැබෙන වෙලාව මනාව භාවිත කරන්න. එනම් රාත්‍රියට ගෙදර ගියද, ගෙදර අය සමග කතා කරන්න.
ප්‍රේමයක් පවති නම් ඒ ගැනද මනාව සොයා බලන්න. මිතුරන් ගැනද සොයා බලන්න.
-- එහිදි අදාල වන්නේ එම අය සමග ඔබට ඇති වටිනාකමේ තරමට අනුව කාලය ඒ වෙනුවෙන් කැප කිරිමට හැකි වීමයි !

● ඔබ රැකියාවක් කරන්නේ නොකර බැරිකමට නම්,
ඔබට රැකියාවේ මුදලින් කොටසක් ඉතිරි කර එය ආයෝජනය කල හැක. අයෝජනයට විවිධාකාර මාර්ග ඇති අතර නිසි විශ්වාසදායි දෙයක් කිරීම ඔබගේ වගකීමකි.
- “බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා - Richest Man in Babylon පොතේ සදහන් වන පරිදි, ආදායමෙන් 10%ක් ඉතිරි කල යුතුය. කාලයක් ඉතිරි කර ඉන්පසුව එය ආයෝජන කල යුතුය. ආයෝජනය සාර්ථක වුවොත් එම ලැබෙන මුදල්ද නැවත ආයෝජනය කල යුතුමය.
● පූජාවලියේ සඳහන් වන්නේ හොඳින් අඟහිඟයෙන් තොරව සිටිමට නම් වියදම මෙන් 8 ගුණයක් ඉපයිය යුතු බවයි.


● කුමන ආකාරයට ජිවිතය ගෙන ගියද, රැකියාවේ වටිනාකමක් තිබේ. විශ්‍රාම යන කාලයට ලැබෙන දේ නිසා රැකියාවේ වටිනාකම අවතක්සේරු කල නොහැක...
එසේ වුවද පෙර කී ලෙස සිතා බලා වෙලාව භාවිත කිරීම තුලින්, සහ ඔබගේම කැපවීම තුලින් සියලු අඩුපාඩු දුරු කරගන්නට කටයුතු කරන්න !

#හිතෙනදේවල් 

Tuesday, April 19, 2016

මල් කඩද්දි

‪#‎Flower‬ “ ‪#‎මල්‬ “

‪#‎ගමේදී‬,
තව මල් කඩා ගන්න..., අපිටත් පින් ලැබෙනවනෙ...
වඳින කොට පින් ටිකක් අපිටත් දෙන්න...

‪#‎නගරෙදි‬,
ඔයා කොහේටද මල් ගෙනියන්නෙ ? මොකක්ද පූජාව ?
මේ මල් අයිති අපිට.., අපේ ඉඩමෙ නොවුනට මේ හරියෙ මල් අයිති අපිට,
අපේ මල් කඩනවට අපි කැමති නෑ..
අපිත් බෝධි පූජාවට, බුද්ධ පූජාවට ගන්නේ මේ මල්...

අහිංසක - අසරණකම්, මෝඩ - කුහකකම් අතර දෝලන වෙන..
ගමෙයි නගරෙයි මනුස්සකම් වල එක පැත්තක්...