Tweets by @Tweetsbysuku myblog: අද පරපුර සහ වේගවත් භාවය

Facebook Fan Page

Thursday, January 9, 2020

අද පරපුර සහ වේගවත් භාවය

අද ළමයි හරි වේගවත්. විශේෂයෙන් අද වයස 25ට අඩු 23 ඉදල වගේ වයස් වල ඉන්න ළමයි ඉදල ඒ හැමෝම වගේ හරිම වේගවත්. වේගවත් වගේම බොහෝවිට එයාල දක්ෂතා වලිනුත් ඊලග පරම්පරාවලට වඩා දියුණුයි බොහෝවිට. ඒක හැම රටකම සාමාන්‍ය දෙයක්.
දැන් තියෙන තාක්ෂණික දේවල් සහ අනිකුත් දියුණු දේවල් එක්ක ඒකට සාපේක්ෂව දරුවන් දියුණුයි කියල කියන්නත් පුලුවන්. ඕක හැමදාම ඔය වගේ තමයි වෙන්න ඇත්තෙ.

අද පොඩි ළමයි සෙල්ලම් කරනවා හොයාගන්න අඩුයි. බොහෝවිට ඉගෙනීමේ දේක හරි, කොම්පියුටර්, ෆෝන්, ටැබ් වගේ දේක ඉන්නවා වෙන්න පුලුවන්. ඒ තුල සෑහෙන දැනුමක් ලැබිය හැකියි ඒක හරි.

●  මේ වේගවත් භාවය එක්ක ළමයි කැමති හැමදේම වේගවත්ව කරන්න. පිටු 250-300ක පොතක් කියනවට වඩා එයාල කැමති ඒක රූපමය විදියට තියෙන සිනමා පටයකින් බලල පැයක් ඇතුලත ඒක උකහා ගන්න. ඒකෙත් වරදක් නෑ.
●  හැබැයි, එක්ස්ප්‍රස් ට්‍රේන් එකක විනාඩි 15ක ගමනයි, ඒකම පයින් හෙමිට පැය 1 හමාරක් වගේ කාලයක් තුල වටපිට බලමින්, ඒ අත්දැකීම් විඳිමින් ඒ සියලු අත්දැකීම් එක්ක කරන ගමනයි 2ක්.
●  පුටුවක වාඩි වෙලා පැය කීපයක් හරි දවසට යම් වෙලාවක් හරි වෙන් කරගෙන හොඳ නවකතාවක් කියෙව්වාම ( ඊ බුක් ක්‍රමයට උනත් කාරි නෑ), ලැබෙන අත්දැකීම, දැනුම සහ ඒ විඳීම වේගවත් වීම තුල නැති වෙනවා..
සිංදුවක් උනත්, විෂුවල් තියෙන සිංදු තමයි දැන් තියෙන්නෙ. ඒ තුල චිත්ත රූප මවාගෙන ඒ සිංදුව රස විඳීමේ හැකියාව ටික ටික මොට වෙන්න ඉඩ වැඩියි.

●  මේ වේගවත් වීම තුල හොද වගේම භාවාත්මක තත්වයට ලොකු හානියක් වෙනව කියල මට හිතෙනව. නියම දක්ෂතා පිලිබිඹු වෙන්න ඉඩ අඩු වෙනව කියල හිතෙනවා.
ඒක තරමක් පැහැදිලි  උනේ මට පහුගිය කාලෙ මුණගැහුනු නිර්මාණශීලි නිර්මාණ කරන අය තුලිනුයි, කොයිතරම දක්ෂයන් හිටියත් නියම විදියට නිර්මාණශීලිත්වය ඇති අය අඩු බවත්, ඉක්මණින් ඒක ඉවර කරන්න විතරක් හිත යොමු කරන බවත් කියවුනා.

●  ඉතින් අද දරුවන්ට, විශේෂයෙන් දරුවන්ගෙ දෙමාපියන් ඇතුළු අයටත්, වේගවත් වීම හොදයි තමයි. නමුත් ඒ වේගය තුල අහිමි වෙන්න පුලුවන් දේවල් බොහෝමයි. ඒ අහිමි වීම තුල පසුකාලීනව වෙන්න පුලුවන් පාඩුත් තියෙනව.
එනිසා පොඩි කාලේ ඉදන් පොතක් කියවන්න හුරු කරා නම්, සතියකට - මාසෙකට වතාවක්වත් හොද වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, සිනමා පටයක් නරඹන්න හුරු කලා නම්, වේගවත් ගතිය එක්කම මානුෂීය වගේම හොඳ භාවාත්මක හැඟීම් තියෙන දරුවන් ඉන්න ඉඩ වැඩි කියල හිතනව..
දරුවන්ටත් තමන්ගෙ වේගවත් භාවය එක්කම, දවසට කෙසේ වෙතත් සතියකට වතාවක් හරි පොඩි ඇලක් දොලක් ගාවටවත් ගිහින් ස්වභාව ධර්මය විඳිනවා නම්, මාසෙකට 1 පොතක් හරි කියනවා නම්, සෑහෙන වෙනසක් ජිවිතය තුල ඇති කරගන්න පුලුවන් වේවි කියල හිතනව..


#යථාර්ථවාදිජනතාවාදියා 

No comments:

Post a Comment