Tweets by @Tweetsbysuku myblog: මස් කෑම සහ බොරුව ගැන මගේ අදහස

Facebook Fan Page

Tuesday, January 14, 2020

මස් කෑම සහ බොරුව ගැන මගේ අදහස

● බුද්ධ දේශනාවේ තියෙනවා, ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය...
( තමන් මරන්න බෑ. තමන් කියල මරවන්න බෑ. තමන් උදෙසා මරන්න බෑ).

(මේක පනවන්නට යෙදුනේ, බුදුන්වහන්සේ වතාවක් එක් ගෘහපතියෙකුගේ ගෙදරට සංඝයා සමග වැඩි අවස්ථාවක එම ගෘහපතියා තමන්ගේ එළුවන් රංචුවෙන්, එළුවන් මරා දානය ලබා දුන්නා.
මේක දැනගත්තු තීර්ථකයන් ඇතුළු අන්‍යාගමිකයන් ප්‍රචාරයක් යැව්වා, ශ්‍රමණ ගෞතම ශ්‍රාවකයන් එක්ක එකතු වෙලා එළුවන් මරාගෙන කෑව කියල. ඊටපසුව තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය ගැන දේශනා කලේ)
තව දෙයක් - එළුවන් මරා දුන්නා කියල දානය ලබාදීමේ කුසලය නැති වෙන්නෙ නෑ. සත්තු මරන අකුසලය වගේම දානය දෙන කුසලයත් ලැබෙනවා. මොකද දානය කියන්නෙ තමන්ට දෙන්න පුලුවන් දේ දන් දීමයි)

● ඒ ආකාරයට නම් මස් කෑමේ ගැටළුවක් නෑ ගිහි අයට.
හැබැයි ලෝකේ තියෙන්නෙ චක්‍රයක්... ගත්තොත් - දෙන්න වෙනව... ඒ ගැනත් සිහියේ තියාගන්න.
වෙන කෙනෙක්ගෙ මස් ගත්තොත්, අපිටත් මස් දෙන්න වෙන්න පුලුවනි..
- මස් විතරක් නෙමෙයි එළවළු - පලතුරු කෑවත් අධික ආශාවෙන් කෙලෙස් ඇති කරගනිමින් කනවා නම් අකුසල් විය හැකියි. වැදගත් වන්නේ ජිවත් වීමට ආහාරයක් කොට ගන්නවා යන අර්ථයෙන් ආහාරයට ගැනීමයි.

● බොරු කියන්නාට නොකල හැකි පාපයක් නැති බවත් බුද්ධ දේශනාවේම තියෙනවා. ඒවගේම අන් අයෙකුට හානියක් නැති, යහපත පිණිස කරන බොරුවක්, සම්‍යක් බොරු ගණයට වැටෙනවා. එනිසා ඒ ගැන තේරුම් ගත යුතුයි. සමහර අවස්ථා වල හිත හදන්නට යම් දේවල් අපිට කරන්න වෙන්න පුලුවනි ( දුටුගැමුණු රජතුමාගේ අවසාන මොහොතේ රුවන්වැලි සෑය සාදා ඇති ලෙස පෙන්වීම)

‍බොරු කියන නෙමෙයි කුමන සමාජයක සිටියත් තමන්ගේ සිත - කය - වචනය තමාට පාලනය කරගත හැකි නම් ගැටළුවක් නැත. හොද කුසල් තියෙන කුසල් වඩන මිනිස්සු ඉන්න පලාතක ඉන්නවා නම් බොහෝම හොදයි. ඒවගේම අබුද්ධෝද්පාද වගේම පවට බර සමාජයක සිටිනවා නම් එතනදි කරන පින උනත් මහා පිනක් නොවෙන්න ඉඩ තිබෙනවා. ඒ ගැන විය යුතුයි බොරු කියන සමාජයක ජිවත් වීම ගැන කියන්නට ඇත්තේ..
ඒ ගැනත් කොහේ හරි පොතක කියවල තියෙනවා මතකයි, අබුද්ධෝද්පාද කාලයක බොහෝ දන් දුන්නත් ලැබුනු විපාකය මහා එකක් නොවීම කියන කාරණාව. එතනදි සිද්ධ වෙන්න ඇත්තේ දහම ගැන වැටහීම නොතිබීම තුල පින ගැන නිවරදි වැටහීමක්, සිත පැහැදීමක් නොවීම වෙන්න ඕන.

No comments:

Post a Comment