Tweets by @Tweetsbysuku myblog: තරහක් ඇවිත්.. හ්ම්...

Facebook Fan Page

Monday, September 29, 2014

තරහක් ඇවිත්.. හ්ම්...

Prostitute/ගණිකාව උනත් අනවශ්‍ය විදියට පහර දෙන්න අයිතියක් නෑ කාටවත්...
විශේෂයෙන් රටේ නීතිය සාමය රකින පොලීසියට..

කෙනෙක් කියාවි ඇය ගණිකාවක් කියල... ඇඟ විකුණනවා කියල... 
තව සමහර තමන්ගේ දරුවන්ගේ වයසේ ගෑණු දරුවන්ව අනියම් දේවල් වලට තියාගත්ත ඈයෝ කියාවි ‘ලාභ ශ්‍රමය‘ කියල... 

හැබැයි... රස්සාව කියන්නෙ තමන්ගේ හැකියාවට, කැපවීමට, උගත්කමට වැටුපක් ලැබීමක්...

ගණිකාව කරන්නෙත් ඒවගේම දෙයක් තමයි.. 

තමන්ගේ දරුවන්ට කන්න දෙන්න කරන දෙයක්....

පහුගිය කාලේ ලංකාවෙ ප්‍රසිද්ධ නිලියක් ගණිකා වෘත්තියේ යෙදෙන 
කෙනෙක් එක්ක කතා කලා... 
ඇය කියනව.. “ මගේ ඇඟ ලස්සන නම්, විකුණන්නේ මම නම්... ඇයි වෙන උන්ට බබ්බු හම්බ වෙන්නෙ “ කියල....

ඒ කතාවේ වරදකුත් නෑ... එහෙම කියන අයට සැලියුට් කරන සමහරු... තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න ඒ වැඩේම කරන වෙන අයට සලකන හැටි....

නීතියක් නැති රටක්... පිලිවෙලක් කරන්න කාලේ හරි...

No comments:

Post a Comment