Tweets by @Tweetsbysuku myblog: _ කාන්තා ආධිපත්‍යය _

Facebook Fan Page

Wednesday, September 17, 2014

_ කාන්තා ආධිපත්‍යය _

අපේ Prasanjith අයියා නම් කියන්නේ ඉස්සර ඉදලාම තිබුනෙ පුරුෂාධිපත්‍යයක් බවයි.
“පතිවත“ යන්න පවා ස්ත්‍රිය පාලනයට පිරිමින්/බමුණන් සෑදුවක් යන්න ගම්‍ය කෙරෙන පෝස්ට් අයියා අතින් පලවේ.
එවන් ආකාරයට බොහෝ කරුණු කියයි.
කෙසේ වුවද මා/අපගේ අත්දැකීම් අනුව පිටින් පෙනෙන පුරුෂාධිපත්‍යයක් සැබෑවටම තිබේද කියා සිතේ. එවන් අවස්ථා ගණනාවකි.

1. අපි කෙනෙක්ට කරන ව්‍යාපාරයකට ආරාධනය කරාම, එයා බොහෝවිට තම මවගෙන්, පෙම්වතියගෙන්, බිරිඳගෙන් අසා මිස පැමිණෙන්නේ නැත. (බොහෝ කාන්තාවන් දන්නේ මසුරුකම හා බැඳුනු ඉතිරිකිරීම් සහ ගොඩගසා ගැනීම් නිසා ඒවායෙන් ඇතිවන ඵලක්ද නැත)

2. බස් වල යන විටදී කාන්තා පාර්ශවයට සීට් දීම(ගැබිණි මව්වරුන්ට, වයස්ගත කාන්තාවන්ට නොව)
පොදුවේ සිදුවන්නක් වුවද නැවත සීට් එක ලැබීම විරලය, ඊටත් වඩා නැගිටලා තද වෙලා යද්දි යාන්තමට අතක් තියාගන්න ඇවිත් අපිව අදාල තැනින් වඩා දුෂ්කර තැනකට යවන්න තරම් ටිකින් ටික ආධිපත්‍යය පැතිරවිමට කාන්තාවන් දක්ෂය.

3. ATM මැෂින්, Food City යනාදි බොහෝ තැන්වලදීද සිනාවක් සමග විටෙක අසරණකමක් පා අපගේ තැන ගෙන කටයුත්ත කරගැනීමට තරම් කාන්තාවන් දක්ෂය.
ඉතින් කොහෙද පුරුෂාධිපත්‍යය තියෙන්නෙ ? ....

ස්ත්‍රිය ස්වභාවයෙන්ම ලාමකය... චපලය... තමන් ගැන විතරක් සිතන සුළුය... ඒනිසා පුරුෂාධිපත්‍ය පෙනුනද පවතින ආණ්ඩුවටත්, ගෙදර පෙටිකෝට් ගවමන්ට් එකටත් යටත් වැසියන් වීමට බොහෝ පිරිමින්ට සිදුව ඇත....

පෞද්ගලික සහ පොදු අත්දැකීම් වලින් පවා කාන්තා පාර්ශවයේ බොහෝ තමන්ගේ කටයුත්ත කරගැනීමට උත්සුක වන ඊට පසු මලාට නොසොයන පිරිසක් බව පසක් වී ඇත.

* මෙය පොදු කාන්තා/ස්ත්‍රි ගැන මිස මව, සහෝදරිය, මිතුරිය යන අයට එතරම් අදාල නොවන්නකි.
සමාජයට මව විය යුතු මව ගැන විස්තරය වෙනම කතාකල යුත්තකි...

No comments:

Post a Comment