Tweets by @Tweetsbysuku myblog: කේවල් කිරීම

Facebook Fan Page

Friday, September 19, 2014

කේවල් කිරීම

මට කේවල් කරල පුරුද්දක් නෑ. ඒක ඉස්සර ඉදලම එහෙමයි.  කොහේ හරි ගිහින් බඩුවක ගාන කිව්වම ඒ ගාන දීලා එනව මිසක් අඩු කරගන්න පුරුද්දක් පොදුවේ මට තිබ්බෙ නෑ.
කේවල් කරන එක වරදක් නැති දෙයක් කියල හිතුනේ මේ ලගදි තේජන අයිය එක්ක පිටකොටුවට ගියාට පස්සේ.

අලුත් කැමරාව ගනිද්දි මම ගත්තෙ දන්න තැනකින්. එතන සිංහල බෞද්ධ තැනක් කියන කාරණයට වඩා දන්න තැන කියන කාරණය ප්‍රමුඛ උනා.
කොහොම උනත් නෙට් එකේ තියෙන ගොඩක් තැන් වලින් මට ඒකම ඊට වඩා අඩුවට ගෙදරටම ගෙන්න ගන්න තිබ්බ.
මම ඒක ගත්තෙ හොඳට හොයල බලල අන්තිමේ පොඩි කේවල් කිරීමකුත් කරලයි.

මොකද අඩුවට දෙන තැනින් මෙමරි කාඩ් එකවත්, පෝච් එකවත් දෙන්නෙ නෑ. දන්න තැන ඒව එක්ක දෙන්නෙ. වෙනස තිබ්බෙ 1000ක විතර. ඉතින් මම හොඳට හිතල බලල ඒ වෙනස 500කට උනොත් පාඩු නෑ කියල හිතුව.
එහෙම හිතල එයාලට කිව්වා මේ ගානට දෙනව නම් හෙට උදේ ගන්නව කියල, එහෙම කියල ඊයෙ ගිහින් ගත්ත.

2 comments:

  1. කේවල් කිරීම ගැන කියද්දි මතක් වුනේ......මාත් මෙ ලඟදි ගත්තා අලුතෙන් ලැප් එකක්.මටත් දුර්වල කමකට තියෙන්නේ එහෙම පුරුද්දක් නැති එක.මම ඔච්චර හොදයි කියන තැන් තියෙද්දි මාත් අදුරන තැන කින්ම ගත්තා.එතෙනින් ගත්තෙ වාසියක් ඇතුව නෙවෙයි.දන්න අදුරන තැනක් නිසා.techzone,කොළඹ galaxy එක එහෙම තව abans etc...තියෙද්දි ඒකෙන්ම ගත්තා.බලන් ගියාම ඇබිත්තක් විතර එක වගේ..........

    ReplyDelete
    Replies
    1. ටෙච් සෝන් නම් දන්නව... අබාන්ස් එහෙම ගණන් වැඩි කොලිටියත් එච්චර නෑ.. ආෆ්ට සර්විස් මදි..

      Delete