Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Monday, December 3, 2018












We completed more than 750 Km & visited homes and schools and also restaurants, lakes and many more and returned within 24 hours to Colombo. Thing is, people in North area specially in Kilinochcchi and Vavuniya still not doing well.
I wish I could tell how I felt about famous political slogan " Tigers rising again" by some so called fake patriotic people, and it is so far a politically motivated quote, nothing else.
These people are having difficulties to find even basic needs. Buildings & Roads are not people. Making them won't make people's life.
Government has given lands to them, and that's it. Wild Elephants threat is a crisis here. They don't even have minimum facilities. Ashamed as a Sri Lankan. Also felt so sorry for myself. Politicians whatever the party they represent, still haven't done things to make this civil life a better one. Hope this will change soon !

කිලිනොච්චියෙදි අපිට සහය වූ බොහෝදෙනා සිටින අතර LOLC ආයතනයේ වව්නියාව දිසාවේ ප්‍රධාන නිලධාරි පාලිත ධර්මසූර්ය මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

- 20 වනදා අළුයම හරියටම 12.00ට කොළඹින් පිටත් වූ අපි, 20 වනදා මධ්‍යම රාත්‍රි 11.45 වනවිට නැවත කොළඹ පැමිණ සිටියෙමු. පැය 24කට අඩු කාලයකදී කිලෝමීටර් 750කටත් වඩා වැඩිදුරක්ද, පාසල්, ආපන ශාලා මෙන්ම නිවාස සැලකිය යුතු ප්‍රමාණයකට යෑමටද, වැව් වලින් නෑමටද මෙන්ම රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, ථූපාරාමය, අභයගිරියද රන්මසු උයනද දැකීමටද හැකියාව ලැබුනි.

- “ කොටි නැගිටිනවා“ ප්‍රකාශය කරන ඊනියා දේශ හිතෛශීහු කිලිනොච්චිය සහ වව්නියා යන පැති වල මිනිසුන්ගේ ජිවිත නොදකින්නේ එය ඔවුන්ගේ අරමුණ වන දේශපාලන ප්‍රකාශනයේ නැති නිසා විය යුතුය. යුද්ධෙ කාලෙ ඇදන් යට සිටි එවන් කාඩ්බෝඩ් වීරයන් ගැන ඇතිවන්නේ කුමක්ද යන්න නොකියමි. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා මෙම පැති වල බොහෝමයක් අසරණ මිනිසුන් අපේ පැතිවල අසරණ මිනිසුන්ටද වඩා අසරණ බව දුටුවෙමි. කැබිතිගොල්ලෑව හා ඒ අවට ගම් වලටද පසුගිය කාල වල ගිය අතර, ඒ ගම් මේ ගම් වලට වඩා බොහෝ අංශ වලින් දියුණුය. මේ මිනිසුන්ට බොන්න වතුර ටික හරියට ලබාගන්නත් සෑහෙන කරදරය. යුද්ධෙට හුරු වූ නිසා දෝ මංදා මේ පැතිවල ඉන්න වල් අලි දරුණුය. අලි වෙඩි 100කටවත් යන්නේම නැත. ගෙවල් වලට ඇවිත් පැල - ගස් විනාශ කරන්නේ ඔවුන්ගේ බිම මේ මිනිසුන් සිටින නිසාද මංදාය. දැනට වල් බිහිව තිබුනත් බොහෝ පැති පෙර මනුෂ්‍ය වාසයන්ය. රජය ඉඩම් දුන්නද ඒවායේ ගෙවල් හදන්නට හෝ ආර්ථික මාර්ග වලට කිසිදු සහනයක් ලබාදී නැත. එනිසා බොහෝ මිනිසුන් යාන්තමට අටවාගත් නිවාස වල තවම වෙසෙති. එහෙව් රටක අපි...
- කොටි සංවිධානයට බැදී කටයුතු කල අය සමහරක්ද මුණගැසුනු අතර, එක් ගැහැණු ළමයෙක් යුද්ධයෙදි තුවාල ලබා, පසුව කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබන කාලයේ සිංහලද ඉගෙන, දියුණුවක්ද ලබා අද කිලිනොච්චියෙ තමන්ගෙ ගෙදරට වී සිටිනවාය. ඇය දක්ෂතා පරිපූර්ණ ගැහැණු ළමයෙකි.
ඇය අප සිංහල බව කී විට මට කියවුනේ අපි “ ශ්‍රී ලාංකික“ බවයි. ඇය ඒ ගැන සතුටු උනු බව දුටිමි. රටක යුද ගිනි දැල් සහ අමන දේශපාලකයන් නිසා අදටද පිටරටකදී අපිට පිලිගැන්මක් නැත. අපේ විදේශ ගමන් බලපත්‍රය ගණන් ගන්නේම නැත. හරිහමන් නිෂ්පාදනයක්වත් නැති රටක අපේ අයට අවශ්‍ය වන්නේ පිටරටවල් අපිට ඕන නැ කියා සිටින්නටය.
- යුද්ධය පැවති කාලයේ ප්‍රදේශයක් භාරව සිටි කිට්ටු නම් එල්ටීටීඊ නායකයා අද දරුවන්ද සමග හොද ජිවිතයක් ගත කරන්නේය. තම නිවස නංගිට සහ පවුලට ලබාදී කුඩා ඉඩක තමන් ජිවත් වන කෙනෙකි. යුද්ධය ගැන බොහෝ අදහස් දැක්වූ ඔහු, “සිංහලයන් කියන්නෙ දෙමල අයව මරණ කොටසක් බවටත්, හාමුදුරුවරු කියන්නේ සිවුර ඇතුලෙ පිහි තබාගෙන මරන්නට ලෑස්ති පිරිසක් බවත් “ කොටි සංවිධානය උගන්වා ඇති බව කීවේය. මෙයට සමාන අදහස් උතුරේදි බොහෝ අවස්ථාවල දැකගත හැකි වේ.
- අන්තිමට සන්නිවේදන දුර්වලතාවයන් සහ මුග්ධ දේශපාලකයන්ගේ අවස්ථාවාදි ක්‍රියා නිසා අවුරුදු 30ක් එකදිගටත් තවමත් අපි වන්දි ගෙවමු !

● මැදවච්චියෙදි සඳමාලි අවන්හල ඉතා විශේෂ සේවාවක් ලබාදෙන තැනකි. පූජ්‍ය පක්ෂය, ගර්භණී මාතාවන්, 70ට වැඩි අය සහ අසරණ අය වෙනුවෙන් නොමිලේ ආහාර ලබාදෙයි. ගොඩක් ආහාර වර්ග කාබනික ඒවා වන අතර රසයද, ගුණයද සහිතය. ඉතා ගරු කටයුතුව ලබාදෙන පාරිභෝගික සේවාවද අගය කරමි. අනිවාර්ය යන්න - https://goo.gl/CZVmyk

● කිලිනොච්චියේ හෙල බොජුන් අවන්හලේ නම, “අම්මච්චිය“. මෙහි එළවළු ආහාර පමණක් ලබාදුන්නද ආහාරයන් සැබවින්ම ඉතාම රසවත්ය. ඒවගේම මිලෙන් අඩුය. පලතුරු බීමද නැවුම්ය. අපි ආහාර ගනිමින් සිටියදී අපට ආහාර වල වටිනාකම සහ ඉතුරු නොකර කෑම ගැනද එතන අයගෙන් අදහස් ලැබුනි. පුදුම තරම් ඒවා ගැන හිතන මිනිසුන්ය. ඒ අයද ශ්‍රී ලාංකිකයෝය !
කිලිනොච්චි ගියොත් යන්න - https://goo.gl/pmn6cw
-

*** දෙමල නොදැනීම සන්නිවේදනයට බරපතල කරදරයක් සිදුකලද, මම පුලුවන් විදියට දෙමල කතා කරන්නට බැලුවේය. අපට උදව් කල පාලිත මහතා හොදින්ම දෙමල බස හැසිරවීමට දැන සිටීම වාසනාවකි. ඉදිරියෙදි සිංහල - දෙමල - ඉංග්‍රිසි 3ම අනිවාර්ය විෂයන් කලේ නම් රටටම හොදය.

#srilanka #northcentral #northprovince #kilinochchi #vavuniya #anuradapura #slpeople

No comments:

Post a Comment