Tweets by @Tweetsbysuku myblog: “ Colombo Story “ - Bikshu Chapter ~ Upul Shantha Sannasgala

Facebook Fan Page

Monday, November 19, 2018

“ Colombo Story “ - Bikshu Chapter ~ Upul Shantha Sannasgala

“ හාමුදුරුවරුද මනුෂ්‍යයන්ය “

කාලෙකට පස්සෙ විශේෂයෙන් දැනුනු පොතක් කියෙව්වා. “කොළඹ කතාව“ - භික්ෂු පරිච්ඡේදය.
ඒක විශේෂ වෙන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල සර් ලියපු නිසා නෙමෙයි.
( සර්ගෙ  ගෝලයෙක් නෙමෙයි. මම සර්ව දන්නෙ මම සර්ගෙ දේශන බොහෝමයක් අන්තර්ජාලය හරහා අහපු නිසයි. රෝයල් තප්‍රෝබේන් වගේම පොත් ප්‍රදර්ශනයෙදිත් සර්ව දැක්කට කතා කලේ නැත)
 ඇත්තටම කාලෙකින් දැනුනු පොතක් වීමයි. මම පොත් දහස් ගානක් කියවල තියෙනවා. පොත් කියෙව්වට මදිනෙ. 1 ඒ පොත් දැනෙන්න ඕන. 2 ඒකට අදාල දැනුමක් තියෙනව නම් ඒක නිවරදිව ගන්න ඕන - ඒක මට කියල දුන්නෙ ජිනදාස සර්..

කොහොම හරි මේ පොත ගැන මට ඔය හැටි උනන්දුවක් ආවෙ නෑ. සන්නස්ගල සර් කියන දේ බොහෝම යථාර්ථවාදියි. හැබැයි ඒව කියන්නෙ අමුවෙන්. ඉතින් වදින අයට, එහෙම නැත්නම් මිනිස්සු මරලා බුදු දහම රකින්න හිතන අයට ඒව බොහෝම වැරදි විදියට පේනවා ඇති. මාත් සෑහෙන්න දහමට අනුකූලව හිතලා හොයන නිසාද මංදා මටත් සමහර කාරණා වල විවේචන වලට ඒ තරම කැමති නෑ. හැබැයි දැන් හිතෙනවා සර් ලියන්නෙ මේව අත්දැකීම් සහ අදහස් විදියට පමණයි, ඒ ගැන වෙනම තරහක් - ද්වේෂයක් හදාගෙන නෙමෙයි කියල.

- ඔය අතර අපේ
@Ven Yatalamate Kusalananda නායක හාමුදුරුවන්ගෙ මේසෙ උඩ පොත තියෙනව දවස් කීපෙකට කලින් දැක්කා. කොහොම හරි මම නිකමට වගේ පොත කියෙව්වා මුල් පිටු. කියවන්න හිතුනා. ඉතින් මම හාමුදුරුවන්ට කිව්වා මේක කියවන්න හිතුනු බව. එහෙම කියද්දි පිටු 20ක් විතර කියවල හිටියෙ. හාමුදුරුවො ඒ පොත කියවන බව දැනගත්ත නිසා තියල ආවා.
ගෙදර ඇවිල්ලත් පොත මතක් වෙනව. ඉතින් මම ඊයෙත්(17) පන්සලට ගිහින් පොතේ පිටු කීපයක් කියවද්දි හාමුදුරුවො දැකල මට කිව්වා - මම දැන් වෙන පොතක් කියවනව, කමක් නෑ කියවල ගෙනත් දෙන්න කියල. ඔන්න මගෙ වැඩේ හරි. ඊයෙ හවස මට අපෙ දන්ත වෛද්‍යවරිය මුණගැහෙන්න තිබ්බා. මම දන්නවා පැය 2කට වඩා යන බව ඉතින් මම මේ පොත අරගෙන ගිහින් පිටු 50ක් විතර කියෙව්වා. සමහර ලද බොදල පොත් වගේ එකපාරට කියවල ඉවර කරන්න අමාරුයි මොකද, මේකෙ හැමදේම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සිම්බාට කියල තියෙන ඒවත් අර්ථයෙන් හිතන්නම වෙන නිසා.

- කොහොම හරි මම අදත් තාම පොත කියවනවා. ඒ අතර දැනුනු දේවල් තමයි කාලෙකට පස්සෙ මොලේ ටිකක් හෙල උනා වගේ දැනීම. මම දන්නවා භික්ෂු ජිවිතය ලේසි නැති බව. අපි හිතාගෙන ඉන්නෙ ගිහි ජිවිතය තමයි කරදර භික්ෂු ජිවිතය නොවෙන බව. ඇත්තටම කෙනෙක් භික්ෂුවක් වෙන්නෙ සසර කලකිරිලා මේ බැඳීම් වලින් දුරස්ව ඉන්නයි. ඒකට තමයි සුපටිපටිපන්න ගුණය කියල කියන්නෙ. ඒක තියෙන්නෙ මේ තුන් ලෝකෙම සංඝරත්නයට විතරයි ( මම ලගදි සංඝානුස්සතියත් කරන නිසා දන්නව). නමුත් අද අතිබහුතරයක් පන්සල් වල  භාවනාවක් තියා හරියකට හාමුදුරුවරුන්ට හිතේ සැනසීමෙන් ඉන්නවත් ලැබෙනවද මංදා. ඒ තරමට කටයුතු බහුලයි. ඒවගේම ප්‍රායෝගිකව මුහුණ දෙන දුෂ්කරතාත් නැතිව නෙමෙයි. පොතේ එක තැනක කියවෙනවා පිරිකර විකුණනලා ගමන් ගාස්තු හොයාගන්න වෙන බව. ඉස්සර බෞද්ධ රජවරු භික්ෂූන්ට නොමිලේ ගමන්බිමන් දුන්නට අද එහෙම නෑ. ඛුද්දානුඛුද්දක ශික්ෂා පද අතර මුදල් පරිහරණය සීමාවකට කෙරෙන්න ඕනද කියලත් මතක් වෙනවා.

- කොහොම හරි මේකෙ කියවෙන මූර්ති කියන හාමුදුරුවන් ගැන, බොහෝ දේවල් හොයපු, විශේෂයෙන් නිවන අරමුණු කරගෙන කටයුතු කලත් ඒක එහෙම නොවිම ගැන මම කල්පනා කලා. ධර්මය “සන්දිට්ඨිකයි“ ඒකියන්නෙ මේ ජිවිතය තුලදීම අවශ්‍ය නම් අවබෝධ කරගත හැකියි. නමුත් බොහෝම කැපවීමෙන් ඉවසීමෙන් ඒ කටයුතු කලත් ඒක නොවුනේ මොකද ? ඒකට මට හිතෙන්නෙ ඒකට අදාල කුසල් පිරිලා (සසර කරපුවත් මදි) නැති බවයි. එහෙම නැත්නම් මේ ජිවිතය තුල ආපු විවිධාකාර බාධක එක්ක ඒකට අවශ්‍ය කටයුතු සිද්ධ නොවුනු බවයි. මොකද එහෙම පෙර සංසාරයෙ කුසල් කරලා දහම් පද කීපෙකින් සෝවාන් උනු කතා අපි අහල තියෙනවා. ඒවගේම එහෙම අය අද මේ ලෝකෙ ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා.

අපේ හාමුදුරුවරු මේ පොත කියවල දක්වන අදහසුත් අහගන්න ඕන.
මූර්ති කියන හාමුදුරුවො සිවුරු ඇරියට තරහක් නෑ, ඒත් තරමක දුකක් ඇති වෙනවා, අපි හරියට අපේ ශාසනය ගැන හිතන නිසා වෙන්නැති, එහෙම හිතද්දි ආයෙ මතක් වෙනවා හැමදේම අනිත්‍ය බවත්. සිදුහත් කුමාරය නිවන හොයාගෙන බුද්ධත්වයට ගියපු ගමන හරි. මාත් ඒ ගමනට කැමතියි. ලෞකික ජිවිතයේ අත්දැකීම් ලබල ඒකෙ නීරස භාවය අවබෝධ කරගෙනයි අයින් වෙන්නෙ. පොඩි කාලෙම හාමුදුරුවරු දෙමාපියන්ගෙ කැමැත්තට ශාසනේට භාර දෙන එක හරිද මංදා.
* පහුගිය කාලෙ මම ආදරේ කරපු ගෑණු ළමයෙක් එහෙම හිතාගෙන හිටිය. එයාට එහෙම දරුවෙක් සංසාරගත බැදීමකට හිටිය තමයි ඉතින්, ඒවගේම ඒ දරුව බොහෝම කුසල් ශක්තිය ඇති කෙනෙකුත් තමයි. ඒත් මගෙ අදහස නම් ඒක ඒ දරුවගේ අයිතියක්. දෙමාපියන්ගෙ නෙමෙයි. සංසාර පුරුදු වගේම කර්ම ශක්තිය අනුව ඔය වගේ දරුවො බිහි වෙනව. මට මතකයි දවසක් මහා පින් කරනව කියල, උදම් අනපු ජෝඩුවක් අපෙ කුසලනන්ද නායක හාමුදුරුවන්ට එයාලගෙ යාළුවෙක් අවුරුදු ගානක් දරුවෙක් නැතිව ඉදල, ලැබුනු දරුවා ශාසනේට පූජා කරනව කියල බොහෝම උජාරුවට කියපු හැටි. හාමුදුරුවො බොහොම පැහැදිලිව වගේම ඍජුව ඒ අදහස් වැරදි බවත් ඒක ඒ දරුවගේ අයිතිය බවත් කියල දුන්නා. මාත් ඒකට එකඟයි හ්ම්..,

තාම පිටු 200 ගානයි කියෙව්වෙ... මතු සම්බන්ධ ඇති..

#srilanka #lka #UpulShanthaSannasgala #kolambakatawa #කොළඹකතාව #භික්ෂුපරිච්ඡේදය

No comments:

Post a Comment