Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, December 5, 2018

ඔව් මම සිංහල බෞද්ධ, එතකොට තව කෙනෙක් දෙමල, මුස්ලිම් - බර්ගර් ඕන එකක් 🤔

මම සිංහල බෞද්ධ උනා කියල අමුතුවෙන් විශේෂ දෙයක් මට තියෙන්න ඕනද ?
ජන වර්ගය ආගම මත විශේෂත්වයක් අවශ්‍ය නැත. සිංහලයන්ගේ ගතිගුණ හරියට බලන්නට ඉතිහාසය කියවන්නට ඕනෑය. “ සිංහලේ “ කියල පර ලේ වල වැඩ කරාට හරියන්නේ නැත.

● අපි මහ ජාතිය නම් එහි ගරුත්වය රැකගන්නට උවමනාය. මක්නිසාද යත් ලෝකයේ ඉදිරියට ගිය හැම රටක්ම පාහේ මගේ රට සංකල්පය මත ඉදිරියට ගිය ඒවා නිසාය. ජන වර්ගය හෝ ආගම මත ගිය ඒවා නොවේය. ජාතිවාදය හෝ ආගම් වාදය ඉතා සුළු පිරිසකට යැපිය හැකි, අමන දේශපාලකයන්ගේ දේශපාලනික උවමනාවන් මත කෙරෙන දේවල්ය.
- රටක මූලික විය යුත්තේ නීතියයි. එයට සියලු ආගම් යටත් විය යුතුය. එසේ නොවන තැන් ඇති අතර ඒවා විසදිය යුතුය.

- ඔබ මුස්ලිම් හෝ දෙමල නම් පිටරටකට ගිය අවස්ථාවක ඔබට සලකන්නේ අදහන ආගම අනුවද, ගමන් බලපත්‍රය අයිති රට අනුවද ???
අපේ රටේ ගමන් බලපත්‍රය බොහෝම නොසැලකිල්ලට භාජනය වෙනවා නේද ?

- මුස්ලිම් රටකදී, ඉස්ලාම් ධර්මය ඇදහුවා කියා විශේෂයක් වෙනවාද ? නැත්නම් රට අනුව සලකනවාද ?
මැද පෙරදිග මුස්ලිම් අය, ලංකාවෙ මුස්ලිම් අයව නියම මුස්ලිම් හෝ ඉස්ලාම ධර්මය අදහන අය ලෙස සලකන්නේද නැත...

- දෙමල අයට, හින්දු වූ නිසා හෝ කතෝලික කියා වෙනම සැලකිලි ලැබේද ? ලැබෙන්නේද රටට අනුව නොවේද ?
ඉන්දියන් දෙමල අය ආඩම්බරයෙන් “ I am an Indian Citizen “ කියද්දි අපේ අයටත් මම හින්දු හෝ දෙමල කිව්වාට වාසියක් ලැබේද ?

* කුමන ජනවර්ගයක් හෝ ලංකාවේ වැඩිම ජනගහණය වූවා කියා එයින් සමස්ත ජනතාවට වාසියක් වෙයිද ? උදාහරණයක මුස්ලිම් ජනතාව ලංකාවේ වැඩි වූවා කියා සිතමු, එයින් දුප්පත් මුස්ලිම් අයට වෙන විශේෂ වාසිය මොකක්ද ? අන්තවාදයට උදව් කරන මුස්ලිම් දේශපාලකයන්ට නම් රාජ්‍ය බලය ගන්නට හොද ක්‍රමයක් එච්චරයි නේද ?

- වැඩි වැඩියෙන් දරුවන් හදන්නේ අධ්‍යාපන මට්ටම අඩු ජනතාව බව ලෝකයේම සොයාගෙන ඇති බව දන්නවාද ? උගත් ධනවත් මුස්ලිම් අයට පවා සිටින්නේ දරුවන් කීපදෙනෙකි. එය දමිල අයටද, සිංහල අයටද කියා වෙනසක් නැත.
- ජනගහණය වැඩි වීමෙන් අදාල ජන වර්ගයට සිදුවන වෙනම හොදක් නැත... ඒක තේරුම් ගන්නට මොලයක් තිබිය යුතුය. ඒක නොතේරෙන්නට වැඩ කරන්නේ කපටි සමහර දේශපාලකයන්මය...
අපි මෝඩ උනාම එයාලට රජ සැප නිසාය !

ඒවා දකින්නට හැමෝම දවසක පාර්ලිමේන්තු එක්කන් යන්නට හිතෙනවාය...😂

#සිරිලංකාව #ලංකාව #ජනතාව #ජනවර්ග #සිංහල #දෙමල #මුස්ලිම් #srilanka #lka #lanka #slpeople #couplk #lk

No comments:

Post a Comment