Tweets by @Tweetsbysuku myblog: The Child Bride - Cathy Glass

Facebook Fan Page

Saturday, December 8, 2018

The Child Bride - Cathy Glass

( කදුළු මලක් - කත්‍යානා අමරසිංහ )

සමාජ සේවා වලදීද, උපදේශන කටුයුතු වලදීද, මීට ආසන්න කතා සහ සිදුවීම් අත්දැකීමෙන් දන්නවා වුවද මෙයද සිත රිදවෙන කතාවකි. එවන් අත්දැකීම් මෙහි පල නොකලේ social media යනු, personal media නොවන නිසාය..
පොත් කියවීම අරුත්සුන් දෙයක් විදියට සමහරු කිව්වත්, මෙහෙම පොත් වලින් ලැබෙන අත්දැකීම මෙහෙම සිද්ධීන් වලදී තීරණ ගැනීමේදී ඉතා වැදගත් වන බව අත්දැකීමෙන් දනිමි.

● රට වල පවතින නීතිය සහ නීතියට අදාල නිලධාරීන් ගැන දැනගෙන මෙන්ම අවධානමත්ව සිටීමද අනිවාර්ය කටයුත්තකි. ලංකා නීතිය අනුව 345 දණ්ඩන නීති සංග්‍රහය අනුව ඇස් ගැසීම පවා ලිංගික අඩන්තේට්ටම්(sexual harassment) යටතේ නඩු පැවරිය හැකි දෙයකි. එසේම 18ට අඩු දරැවන් රැකීමටද දැඩි නීති පවති. කෙසේ වුවද ලිංගික අපචාර, දූෂණ උසාවියේ ඔප්පු කිරීම අපහසුය - එංගලන්තය වැනි රටක නීති තද මෙන්ම වින්දිතයින්⁣ට සාධාරණය කරන්නට සැදී පැහැදී සිටී.

● ලංකාවෙ තත්වය තරමක් වෙනස්ය. Big shot නීතීඥ මහතුන් බොහෝවිට අපචාරකයන්ට කතා කරන නිසා ලේසි නැත. වතාවක් එක්තරා මහාධිකරණයකදී මානසික ආබාධ සහිත දරැවෙකුට සිදු වූ අපචාරයකට නිසි සාක්ෂි ගත නොහැකිව සාමාන්‍ය දඩයකින් අවසන් කෙරින.
තවත් වතාවක, ආබාධිත දැරිය සංඥා භාෂාවෙන් සිද්ධිය විස්තර කල අතර, සංඥා භාෂාව උසාවියෙදි පිලිගන්නට නොහැකි විය.
එවන් සිද්ධි කීපයක් අත්විඳ ඇත.

● එංගලන්තය වැනි රටක පුරවැසිභාවය හිමි දරැවෙකුට මෙසේ වුවද ලංකාවෙ එම තත්වය අවම බව කිව හැක.. එය තරමක සැනසීමට කරැණකි. නොදන්නා කතාද අළුයට තිබෙන බව දනිමි..
යුරෝපය පුරා දැඩිව කතා කෙරෙන ආගමික උන්මත්තිකාමය සහිතව රටවල් ඉස්ලාමීකරණය කරන තත්වයන් ගැනද මෙවන් සිදුවීම් නිසා සිතන්නට කාලය එළඹ ඇත...
- ළමයි මල් වැනිය.. මල්.. මල් විදියට පිපෙන්නට ඉඩ ලැබිය යුතුය. එය සමස්ත ලෝකයේම වගකීමකි - යුතුකමකි. ඉන් පිට කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය....

- #kathyglass #thechildbride

No comments:

Post a Comment