Tweets by @Tweetsbysuku myblog: Gym සහ බැඳුනු කතා

Facebook Fan Page

Tuesday, July 10, 2018

Gym සහ බැඳුනු කතා

ජිම් යනව කියන එක අද කාලෙ ඒතරම අමුතු දෙයක් නෙමෙයි. ලංකාවෙ ජිම් කියන ෆීල්ඩ් එකත් හැදීගෙන එන කාලෙ හොදට. ජිම් වලට යන්න වෙන්නෙ විශේෂයෙන් කොළඹ වගේ නගර වල ජිවත් වෙනකොට මහන්සි වෙලා ඇග පිලිවෙලට තියාගෙන ඉන්න බැරි නිසයි.
ගාල්ලෙ ඉන්න කාලෙ අපි සෙල්ලම් කරනවා. ක්‍රිකට් ගහනවා. හැමදාම වගේ උදේට ගාලු කොටුව වටේ ඇවිදිනවා. එතකොට දවසකට කිලෝමීටර් 5-8ක් විතර දවසකට ඒකෙන් ලැබෙනවා.

නමුත් කොළඹ ආවම, යාළුවො අඩුයි. ඇවිදින්න තැන් තිබුනත් ගාල්ලෙ වගේ දැනුනෙත් නෑ, ලස්සනත් නෑ. කොහොම උනත් මම ජිම් යන්නෙ කොළඹ ඇවිල්ලත් සෑහෙන කාලෙකින්. හිතුව තරම් හොදින් නොකලත් යම් දියුණුවක් තියෙනවා. ජිම් කියන එක මගේ ඇඟේ හරියට තියෙන දෙයක් නෙමෙයි. එහෙම උනා නම් මම මීට වඩා දියුණු වෙන්න ඕන.

විඩියෝවෙ මම කරන දේ නම් ඒ තරම අදාල නෑ. බොහොම සරලව කරන්න තියෙන දෙයක්. ඒත් අපෙ නංගි අද ලෙග් එක්ස්ටෙන්ඩඩ් ප්‍රෙස් එක කිලෝ 204ක් කලා. ඒක සෑහෙන දෙයක්. අනිත් කාරණය එයා ප්‍රී වර්ක් අවුට් කියන ජාතිවත් මොකුත් එනර්ජි ඩ්‍රින්ක් ජාති ගන්නෙ නෑ. ඒවගේ ශක්ති ජනක දේවල් ගත්ත නම් කරන එක තරමක් ලේසි වෙනවා. ඒව මොකුත් නැතිව කරන එක හරි වටින දෙයක් මම හිතන හැටියට.

අද සමහර ජිම් වලට පටන්ගන්න තැනම කියනවා සප්ලිමන්ට් ගන්න කියල. ඉතින් පටන් ගත්ත තැන ඉදලම ඇග හදාගන්නත් සප්ලිමන්ට් ගන්නවා. එතකොට ඇග පිම්බිලාත් එනවා. ඒත් අවුරුදු ගානකට පස්සෙ ඕවයේ අතුරු ඵල එක එක විදියට ලැබෙන බවත් කියනවා. ඒනිසා වඩා හොද පුලුවන් තරම් ස්වභාවික විදියට කරන්න බලන එකයි. 

No comments:

Post a Comment