Tweets by @Tweetsbysuku myblog: “ ආදර්ශයෙන්ම ගුරුවරයෙක් බව පෙන්වූ ගුරු + උතුමා “

Facebook Fan Page

Thursday, July 12, 2018

“ ආදර්ශයෙන්ම ගුරුවරයෙක් බව පෙන්වූ ගුරු + උතුමා “




ලෝකයේම කතාබහට ලක්වුනු තායිලන්ත ගල්ගුහාවක ගුරුවරයෙක් සහ ළමයින් 12ක් හිරවී දවස් 9ක් හිටපු කතාවේ මූලික කතා නායකයා වෙන්නෙ මේ ගුරුවරයායි.
ඔහු අවුරුදු 25ක තරුණයෙක්. ඇත්තටම එයාල ගුහාව පරික්ෂා කරන්න ගියාට දවස් ගණනාවකට කෑම - වතුර ගෙනිහින් තිබ්බෙ නැහැ. නමුත් මේ විශිෂ්ට ගුරුවරයා දරුවො 12 අතර ඒ කෑම බොහෝම පරිස්සමට නිවරදිව බෙදල දීලා තියෙනවා දවස් 9 පුරාවටම. අඳුරින් පිරුණු ගුහාවක, හරියට හුස්ම ගන්නත් අමාරු තැනක, දවස් 9ක් පුරාවට ඉවසීමෙන් ඉන්න එක කොයිතරම දෙයක්ද අපහසු දෙයක්ද කියල හිතෙනව නේද ?

මේ ගුරුවරයා කාලයක් තාවකාලිකව පැවිදි වෙලා හිටිය කෙනෙක්. තායිලන්තය තාවකාලික පැවිද්ද තියෙන රටක්.
ඉතින් ඒ ආභාෂයත් එක්ක බෞද්ධ භාවනා ක්‍රම මනාව ප්‍රගුණ කරල හිටිය ගුරුතුමා තමන්ගෙ දරුවන්ටත්, ඒ භාවනා ක්‍රම කියල දීලා ජිවිතය පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලිව තේරුම් කරල දීලා තිබුනා. දවස් 9ක් කියන්නෙ ලොකු කාලයක්. හිතන්න සතියකටත් වඩා වැඩියි.

ඉතින් ඒ මුළු කාලය පුරාවටම ඔහු තමන්ගෙ  සිසුන් සියලුදෙනාව රැක බලාගත්තා. ආරක්ෂා කලා. සහන කණ්ඩායම් ඇවිල්ලා ඔක්සිජන් - ජලය - කෑම දෙනකොට පවා දරුවන් සියලුදෙනාට දෙනකම් ඔහු ඒව මොනවත් ගත්තෙ නෑ. ඒවගේම ගුහාවෙන් එලියට යන්නෙත් තමන්ගෙ සිසුන් සියල්ලම ආරක්ෂාකාරිව එලියට ගියාට පස්සෙයි. වචනයෙන් පමණක් නොවෙයි ක්‍රියාවෙනුත් නියම ගුරුවරයෙක් බව පෙන්නපු වටිනා කෙනෙක්.

No comments:

Post a Comment