Tweets by @Tweetsbysuku myblog: දිව්‍ය ලෝකයේ සහ අපායේ වෙනස ( මේක කතාවක් විතරයි) 

Facebook Fan Page

Monday, July 9, 2018

දිව්‍ය ලෝකයේ සහ අපායේ වෙනස ( මේක කතාවක් විතරයි) 

 බිස්නස් ට්‍රේනිං එකකදි අහපු කතාවක් මේක

ගොඩක් පින් කරපු කෙනෙක් මැරිලා, දිව්‍ය ලෝකෙ යනවා, යන්නෙ අපාය හරහා. ඉතින් අපාය ගාවින් යද්දි බෙල් එකක සද්දෙ නිසා කෙට්ටු, කනාටු වෙච්ච ගොඩක් අය ඒ දිහාවට ඇදෙන නිසා නිකමට යද්දි ඒක තමයි කෑම වෙලාව. ඉතින් කෑම මොනවද කියල බලාගන්නත් එක්ක යද්දි, හොඳටම සුවඳක් දැනෙනවා. කෑම තියෙන තැනට ආවාම ලොකු ඉඩක හැම රසවත් කෑම ජාතියම තියෙනව. හිතාගන්න බෑ ඇයි මේ ඉන්න අය කෙට්ටු කියල. කෑම ගන්න තියෙන්නෙ අඩි 10ක් විතර දිග හැන්දක්... ඉතින් හැන්දට ගන්න කෑම ටික කටට ගන්නේ අඩුවෙන්.....

මෙතනින් කන්න බෑ කියල හිතල ඉතින් යනවා, දිව්‍ය ලෝකෙට එහෙත් කෑම වෙලාව. හොඳ ලස්සන පෘෂ්ටිමත් දෙවිවරු යනවා පේන නිසා ඇතුලට යනව. ගියාම කලින් වගේම හොඳ සුවඳ කෑම තියෙනව. අර වගේමයි හැම කෑමම තියෙනවා, අර වගේම දිග හැඳි තියෙන්නෙ කන්න. කලින් වැඩේම වේවි කියල හිතද්දි මතක් වෙනවා දෙවිවරු හොඳට ඉන්න අයනේ කියල, එතකොට දකින්නෙ අර දිග හැන්දකට තමන් කැමතිම කෑම ජාතිය අරගෙන, හැන්දෙ දුරින් ඉන්න අනිත් දෙවියට කවනව. අනිත් දෙවියත් ඒකම කරනවා... ඉතින් සතුටින් ඉන්නවා...

එකමුතුකම, සබැඳියාව ගැන කතාවක්... හ්ම්...


No comments:

Post a Comment