Tweets by @Tweetsbysuku myblog: ජීවිතේ...

Facebook Fan Page

Saturday, July 7, 2018

ජීවිතේ...

මම මේ හිතුවෙ හදිසියේම මාස 3කට කලින් මුණගැහිලා හරියට මාස 1 හමාරක් තියාගන්න බැරි වෙච්ච මගෙ ආදර කතාව ගැන. සංසාරගත බැදීම හරි මොක හරි මම ඒ තරම ඒ වෙනුවෙන් හිතන්නෙ මොකද කියල වෙලාවකට මටත් තේරෙන්නෙ නැහැ.

කොහොම උනත් ජිවිතයේ දේවල් එක්ක හිතද්දි මේව ලොකු උනාට, සංසාරයේ දේවල් එක්ක හිතද්දි බොහොම සාමාන්‍ය දේවල්. සංසාරයේ කරපු දේවල් නිසා අද මේ ප්‍රතිඵල ලැබෙනවා වෙන්න පුලුවනි. ඒ කාලෙ අකුසල් කරද්දි ටිකක්වත් තේරුම් ගත්ත නම් විපාක ලැබෙන්න පුලුවන් කියල. 3 වතාවක් බේරෙන්නත් පුලුවන් නිසා පාඩුවෙ කරගෙන ඉන්නැති. අධික මමත්වය එක්ක තියෙන උද්ධච්ඡකමත්, බලයත් ඒ තුල කල හැකි දේත් බොහෝම නිසා ලේසි නැහැ.

එක අදහසක දැක්කා,  “ අද ශාන්තුවරයා ඊයෙ යක්ෂයෙකි “ කියල. ඒක ඇත්ත කියල හිතෙන්නෙ මේ ජිවිතයේ අසරණ වෙලා හෝ නැතිව බොහෝම අහිංසකව ජිවත් වෙන සෑහෙන පිරිසක් කලින් ජිවිත වල කරගත්ත දේවල් නිසා අසරණ වෙලා ඉන්න බව දැක්කාමයි. අනික එයාලට සම්බන්ධව ඉන්න යක්ෂ - භූත - ප්‍රේත - පිසාච - බහිරව - අසුර වගේ කොටස් වලට මොලේ නෑ. හරිම අහංකාරයි. ඒනිසාම ලේසියට ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ.
ඉතින් යම් චරිතයක්, අපි කොයිතරම ආදරේ උනත්, කොයිතරම තදින් අල්ලගෙන හිටියත්, වැරදි අය එක්ක එකතු වීම තුලම පෙර අකුසල් විපාක එක්කම, උන්මත්තක වෙන්න වගේම අපාගාමි වෙන්නත් සිදු උනොත් අපිට කොයිතරම උවමනා උනත් කරන්න දෙයක් නෑ.

ඉහලම බ්‍රහ්ම ලෝකයේ ඉදන් පහලම අවිචිය දක්වා තියෙනවා නඩු අහන තැනක්. එතනදී කර්ම ශක්තියට අදාලව විපාක ලැබීම් ගැන සාකච්ඡා කරනවා. කොයිතරම පින් ඇති කෙනෙක්ට උනත් අකුසල විපාකයක් ලැබෙන්න තියෙනව නම්, ඒකියන්නෙ පෙර කල අකුසලයක් තියෙනව නම් ඒක කිව්වාම ඒ ගැන සලකා බලනව. ඒ කියන්නෙ පින් ඇති කෙනෙක් ඉදලා එයාට ඉෂ්ට දෙවිවරු සෑහෙන්න හිටියත්, දිව්‍ය - බ්‍රහ්ම ලෝක වලට ප්‍රධාන වෙන ශක්‍ර දෙවියෝ ඇතුළු දෙවිවරු ආශිර්වාද කලත්, පෙර කල වරදක් තිබ්බොත් ඒ ගැන කියන්නෙ ප්‍රේත - අසුර වගේ පහත් අමනුෂ්‍ය ආත්මයක් උනත් ඒ කාරණය සලකා බලනවා. සමහරවිට විපාක ලැබෙන්න හේතු වෙනවා. අනිත් කාරණය ඒ අධිකරණයේ “අභියාචනාධිකරණයක්“ නැහැ. එතන සියල්ල සලකා බලල තීන්දුව දෙන එක තමයි වෙන්නෙ.
මේව දන්න නිසා තමයි බුදුහාමුදුරුවො දේශනා කරන්න ඇත්තෙ ඉක්මණට නිවන් යන්න කියල. අප්‍රමාදි වෙන්න කියල. බුදුන්වහන්සේගේ ගුණ සිහි කරද්දි, විජ්ජාචරණ සම්පන්න කියන ගුණය ඇතුලේ තියෙනවා චුතු පපාත(  සත්වයන් කර්මානුරූිව ඒ ඒ සත්ව ලෝක වලින් චුතවීම), ආසයානුසයඤාණය ( සත්වයන්ගේ කෙලෙස් සැගවී තියෙන විදිය), ඒවගේම චේතෝපරිය ( ඒ ඒ සත්වයන්ට ධර්මාවබෝධය ඇති වෙන ආකාරය) කියන ඥානයන්. ඉතින් ඒවත්, සියලු කෙලෙසුන් නසා ලබන ආසවක්ඛය ඥානයත් බුදුවරයෙක්ටම විතරයි තියෙන්නෙ. ඒව හරියටම තේරුම් ගන්නත්, විග්‍රහ කරන්නත් පුලුවන් බුදුවරයෙක්ටම විතරයි.

මේව හිතද්දි අපි කොයිතරම කොයි විදියට හිතුවත් සංසාරගත සියල්ල එක්ක විපාක ලැබෙද්දි ඒව සර්ව සාධාරණයි කොයිතරම අසාධාරණ විදියට අපිට හිතුනත්..
ඔය අතර කදුලුගේ පින්තුරයකුත් දැක්කා ඒකත් මේ ලෝකයේ වෙන දෙයක්.. හ්ම්...

No comments:

Post a Comment