Tweets by @Tweetsbysuku myblog: මේ දිනවල ඇවිදින නිසා හිතුනු දේවල්

Facebook Fan Page

Wednesday, July 4, 2018

මේ දිනවල ඇවිදින නිසා හිතුනු දේවල්

මේ දවස් වල තරමක් රට වටේත් ඇවිදින නිසා එක එක කාරණා ගැන ගැඹුරින් හිතන්න තරමක් හරි හේතු කාරණා ඇති වෙනවා. බුද්ධානුස්සතියත්, ධම්මානුස්සතියත් තරමක් හොදින් කරන්න කටයුතු කරනවා. නමුත් සංඝානුස්සතිය කරගන්න අමාරු වෙනව. ඊට අමතරව සුපටිපන්න ගුණය අද ඉන්න ස්වාමින්වහන්සේලා බොහෝමයකට නැති දෙයක්. ඉතින් ආදි ආර්ය මහා සංඝරත්නය කියල හිතන්න වෙන තරමට ඒක එහෙමයි.

ඊට අමතරව පව් නිසාම හිරවුනු ආත්ම කෝටි ගණන්, භූත, ප්‍රේත අය වැහි වැහලා. එයාල තමයි මිනිසුන්ට ලෙඩ රෝග, කරදර දෙන්නෙ. එයාල පුදුම අහංකාරකමින් ඉන්නවා. ඒ පීඩන ආවාම මිනිස්සුත් අහංකාර වෙලා තව කරදර කරගන්නවා. කිව්වට විශ්වාස කරවන්න බැහැ. පේන්නෙත් නැහැනේ. එහෙම හිතුවාම මේක හරි සංකීර්ණයි.

එක චරිතයක් ගැන හිතුවාම, ඒ චරිතය පෙර අකුසල් නිසා උන්මත්තක වෙන්නත් බොහෝවිට ඉඩ තියෙනවා. නමුත් ඒ චරිතයට ඒක කිව්වට පැහැදිලි කරන්න හැදුවට තේරුමක් නැහැ. ඒකට හේතුව අධික අහංකාරය. මුලදි ඒ චරිතය එහෙම අහංකාර නොවුනත්, පස්සෙ පස්සෙ අමුතුම උද්ධච්ඡකමක් එක්ක අහංකාරකමක් ඇති කරගත්තා. ඒතුල වැරදි තීරණ ගන්නවා. වැරදි අය එක්ක සම්බන්ධ වෙනව. උන්මත්තක ස්වභාවයට ලං වෙන්න හේතු වෙන පව්කාර චරිතයක් නිසා ඒ තත්වය ඇති කරගන්නට බොහෝම ඉඩ තියෙනවා. මොනව කරන්නද බේරගන්න බැහැ. සමහර අකුසල් බුදුන්වහන්සේ වැඩ හිටියත් වලකන්න බැහැ.

පහුගිය දවසක ධර්ම දේශනාවකදී එක්තරා මහත්තයෙක් දෙවියන්ගෙන් විනිර්මුක්ත බුදු දහමක් ගැන කියනවා වෙනත් ආගම් වල අයට. බුදු දහම දෙවියන්ගෙන් අයින් වෙච්ච දෙයක් නෙමෙයි.
 බුදු දහම කියන්නෙ මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන, සර්ව බලධාරි දේව සංකල්පය ප්‍රතික්ෂේප කරන ආගමක් නොවුනු, ඇදහීමක් නොවුනු ජීවන දර්ශනයක්.
අපි අහල තියෙන්නෙ, කියන්නෙ, “ දෙවියන් - බුදුන් ඇතුළු “ කියල. බුදුන් දෙවියන් නෙමෙයි. ඉතින් දෙවිවරු තමයි ශාසනය ලෝකය බලාගන්නෙ. රකින්නෙ. බෝධිසත්වයන්ට බුදු වෙන්න වඩින්න කියන්නෙත් දෙවිවරුයි. දැන් ඊලගට බුදු වෙන මෛත්‍රි බෝධිසත්වයන් තුසිත දිව්‍ය ලෝකයේ වැඩ හිටිනවා දෙවි කෙනෙක් වෙලා. ඊටපස්සෙ බුදු වෙන්න ඉන්න නාථ දෙවියොත් එහෙමයි.

දේව සංකල්පයේ ගැටළුව වෙන්නෙ යාඥා කරගෙන සියල්ල ඒ වෙනුවෙන් කැප කරාමයි. ඒ වෙනුවට දෙවියන් කියන්නෙ පුද පඩුරුයි, පූජා වට්ටියටයි රැවටෙන - කැමති වෙන කොටසක් නොවෙන බව තේරුම් අරගෙන වැඩ කරන්න පුලුවන් නම් එච්චරයි. ඇත්තටම දේවාල වල අරක්ගෙන ඉන්නෙ භූත - ප්‍රේත - අසුර කොටස් වැඩි හරිය. ඒකියන්නෙ එයාල ඒ ඒ දෙවි කෙනාගෙ සේනාවෙ ඉන්න පරිවාර සේනාවට අයිති අය. දෙවිවරු  ගොඩක් වෙලාවට භාවනා කරගෙන නිවන් ගමන සාක්ෂාත් කරගන්න වැඩ වල තමයි දැන් කාලෙ ඉන්නෙ.

සමහර අය ශක්‍ර දෙවියෝ ගැන කිව්වාම එයාලට මතක, චාතුර්මහා රාජිකයටයි, තුසිතයටයි අධිපති කියල විතරයි. ඒත් දැන් කුසල ශක්තිය වැඩි දියුණු වීම තුල දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වෙන්නෙ ශක්‍ර දෙවියො තමයි. සුමනසමන් දෙවියො ගැන පොත් වල තියෙන්නෙ සෝවාන් කියලයි. නමුත් ඇත්තටම දැන් දෙවියො සකෘදාගාමි වෙලා ඉන්නෙ. ඒ පොත් වල තියෙන දේ නෙමෙයි. ඒ අනුව වැඩ කරන්න ඕන. 

No comments:

Post a Comment