Tweets by @Tweetsbysuku myblog: ප්‍රේමයේ පරාජය සහ ප්‍රේමයෙන් තේරුම් ගත යුතු දේ ගැන රත්න ශ්‍රී විජේසිංහයන් කල කතාවකින්...,

Facebook Fan Page

Saturday, July 14, 2018

ප්‍රේමයේ පරාජය සහ ප්‍රේමයෙන් තේරුම් ගත යුතු දේ ගැන රත්න ශ්‍රී විජේසිංහයන් කල කතාවකින්...,


ප්‍රේමය ප්‍රතික්ෂේප හෝ පරාජය උනාම... මොනවද කරන්නෙ ?
සමහරු නම් පලි ගන්නවා. එක එක ආකාරයට. මරල දාපු සිද්ධි පවා අපි ඕන තරම් දන්නවා.
අපේ අර්ථ ක්‍රමයම පරාජිතයන් බිහි කරනවා.
ප්‍රේමයේ පරාජය ගැන පුලුවන් විදියට කවියක් ලියන්න. කෙටි කතාවක්, නව කතාවක්, නාට්‍යයක්, චිත්‍රයක් අදින්න. එහෙම නිර්මාණයක් කරගන්නම බැරි නම් ලියවිච්ච නිර්මාණයක් තමන්ට සමීකරණය කරගන්න. ඒකට සිග්මන් ෆ්‍රොයිඩ් කිව්වෙ සබ්ලිමේෂන්/ උත්කර්ෂණය.

මිනිසුන්ගේ තියෙන අයහපත් භාවයන්, කෝපය - ක්‍රෝධය - කාමය - රතිය වගේ භාවයන් පිට කරන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනවා, හානියක් නැතිව. එකක් ක්‍රීඩාව, අනික සාහිත්‍ය කලාව. හොඳ කලා නිර්මාණයකින් යහපතක් විතරයි පුලුවන්.
අපිට කවි ලියන්න බෑ. වෙලාවකුත් නෑ. චිත්‍ර අදින්නත්, සංගීතයත් බෑ. හැබැයි නාන කාමරේ දොර වහගත්තාම බැරි මරගාතෙ හරි කියනවා. කවුරුවත් තහනම් කරන්නෙ නෑනේ. ඒ අත්දැකීම් සිහි කරනය කරගෙන ඒවා පිට කරන්න. කලාව තියෙන්නෙ ඒකට තමයි.

ජාතක කතා පොතේ එන හොදම පෙම්වතා, “ කුස ජාතකයේ කුජ රජතුමා “. කුස කියන්නෙ කඩවසම් කෙනෙක් නෙමෙයි. වැඩි ලකයක් නෑ. හැබැයි කුස හොද පෙම්වතෙක්.
පලවෙනි කාරණය කුස කවදාවත් පොලු තියන්නෙ නෑ. අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරනවා. කුඹල් කර්මාන්තය කරනවා, ඇත් ගාලේ ඉන්නවා. පොකුණේ හැංගිලා ඉන්නවා. මුළුතැන් ගෙට වෙලා ආහාර පිලියෙල කරනවා. වසුන් කද උස්සගෙන යනවා. මේ කවුරුවත් නෙමෙයි අධිරාජ්‍යයෙක්.
මේ හැමදේම කලත් පබාවතී ඔහුව දාලා යනවා, ප්‍රතික්ෂේප කරලා අපහාසත් කරලා සාගල නුවරට යනවා.

කව්සිළුමිණේ හැටියට, මේ යක්කු මා හිමි = මේ යකාලු මගේ ස්වාමියා.

කුස කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අධිරාජ්‍යයෙක්. මුළු දඹදිවම අධිරාජ්‍යයා. ඔහුට උවමනා උනා නම් තිබුනා චතුරංගනී සේනාව කැදවලා සාගල නුවර වගේ පොඩි රටක් අල්ලන්න තිබුනා. පබාවතීව අල්ලන්න තිබ්බා.
නමුත් එහෙම නොකල කුස කියපු දේ කව්සිළුමිණේ හැටියට,

කෙසේ දනිතිද දැන් සරතැස ඔහු තමාගේ
- පබාවතිය මගේ දුක කොහොම දැනගන්නද ? තමන්ගෙ දුකවත් නොදැන. එයා එයාටම දුක් දෙන කෙනෙක්.

එයා තමන්ගෙ පුන් පියවුරු උස්සාගෙන සිහින් ඉගට දුක් දෙනවා, විසල් පුළුලුකල උස්සාගෙන දෙපා වලට දුක් දෙනවා. එහෙම දුක් විදින ඇය කොහොමද මගේ දුක දන්නෙ ?
එහෙම කියල හිත හදාගන්නවා. ඒක තමයි නියම ප්‍රේමය.

පරපීඩක ප්‍රේමය නෙමෙයි... නියම ප්‍රේමය...

No comments:

Post a Comment