Tweets by @Tweetsbysuku myblog: වැරදියට හිතාගෙන හිටිය - හරියට සිතිය යුතු දේවල්..

Facebook Fan Page

Monday, July 16, 2018

වැරදියට හිතාගෙන හිටිය - හරියට සිතිය යුතු දේවල්..

අපි ගොඩක් වෙලාවට දවසම අපේ ස්මාට් ෆෝන් එක පාවිච්චි කරනවා. ගෙදර එනකොට රෑ වෙනවා. ඉතින් අපි ඒත් තව වැඩ ඒකෙන් කරලා නිදාගන්න ගියාම තමයි ෆෝන් එක චාර්ජ් කරන්න කටයුතු කරන්නෙ. නමුත් ඇත්තටම පැය 2කට අඩු කාලෙකින් ෆෝන් එක ෆුල් චාර්ජ් වෙනවනේ. එතකොට පැය 6ක් විතර ෆෝන් එක චාර්ජ් එකේ තියෙනවා. මේක බැටරියට හොද නැහැ. ඕනවට වඩා චාර්ජ් උනාම. ඕක තමයි අදහස නේද ?
ඇත්තටම අද කාලෙ තියෙන ස්මාට් ෆෝන් වල ඔය ගැටළුව නැහැ. 100%ට චාර්ජ් උනාට පස්සෙ දිගට චාර්ජ් වෙන්නෙ නැහැ. ඒනිසා බැටරියට අහිතකරයි කියල හිතන වැරදි අදහසින් මිදෙන්න. ෆෝන් බැටරි එකෙත් තියෙන්නෙ ලේයර් සිස්ටම් එකක්. ලේයර් 1කින් 1 තමයි චාර්ජ් වෙන්නෙ. ඉතින් ඒකට අනුව, 20%ට අඩු උනාම බැටරිය චාර්ජ් කරන්න. 80%ට වැඩි උනාම චාර්ජ් එකෙන් අයින් කරන්න. ඒක පුලුවන් වෙලාවට කරන්න. ඒක තමයි හොදම විදිය.

ගවයන් රතු පාටට අකමැති නිසා අනිනවද ?
හදිසියේ රතුපාට ඇදුමක් ඇදගෙන හරකෙක් ගාවින් යන්න උනොත් ඔයා තරමක නොසන්සුන්ව යාවි කියල හිතනවා. ලේ පාටට හරක් කැමති නෑ කියල කියනවනේ. නමුත් ඇත්තටම එහෙම එකක් නෑ. හරකෙක් පහර දෙන්නෙ තමන් ඉස්සර දක්වන චලනයන්ට අනුවයි. පාටට එහෙම අමුතු අකමැත්තක් හෝ විරෝධයක් නැහැ. 

චොක්ලට් වර්ග ශරීරයට අහිතකරයි. 
චොක්ලට් වර්ග වල සීනි සහ පිටි නිසා තරමක් ශරීරයට අහිතකරයි වැඩියෙන් කෑවම. නමුත් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා චොක්ලට් ආදරය සම්බන්ධ හැගීම් ඇති කරන්නත් හේතු වෙනව කියල. ඇත්තටම ඩාර්ක් චොකලට් කියන ඒව ඒ තරම අගුණ නැහැ. ඒව ශරීයරට හිතකරයි.

වැස්සෙ තෙමුනොත් හෙම්බිරිස්සාව හැදිල ලෙඩ වෙනවා.
වැස්සෙ තෙමුනාම හෙම්බිරිස්සාව හැදිල ලෙඩ වෙනව නම් වීදි වල ඉන්න වීදි දරුවො කොයිතරම ලෙඩ වෙන්න ඕනද ? ඇත්තටම එයාල ලෙඩ වෙනවද ? එහෙම නොවෙන්නෙ එයාල ඒ තත්ව වලට හුරු වෙච්ච නිසයි. ඒවගේම එයාලගේ ප්‍රතිශක්තිය දියුණු නිසයි. අනිත් අයටත් එහෙම වෙන්න නම් ස්වභාවධර්මයට අනුව ජිවත් වෙන්න ඕන.

කොල්ලො ආදරය ගණන් ගන්නෙ නැහැ.
මේකත් ඇත්තටම ඇත්ත නෙමෙයි. ගැහැණු ළමයි තරමටම සංවේදී නොවුනත් පිරිමි ළමයිත් ආදරේදි වේදනා විදිනවා. නිකමට හිතන්න ගෙදර අම්මයි තාත්තයි ගැන. අම්මා හැම කරදරයම හිතේ තියාගෙන කියනවා, ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒත් තාත්ත කරන්නෙ නිහඩව. හැමදේම වගේ හිතේ දරාගෙන. සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සමහර වෙලාවට ගෑණු ළමයටත් වඩා ප්‍රේමය නැති උනොත් පිරිමි ළමය දුක් වෙන බව. ඇත්තටම මුල් දවස් 2-3 එයාල ඒක පිටට නොපෙන්නුවත් ඊටපස්සෙ එයාල ඒ ගැන බොහෝම ඇතුලතින් වගේම පිටතිනුත් පේන්න විදවනව. ගෑණු ළමයි මුල් දවස් කීපය දුක් වෙලා සමහරවිට ඊටපස්සෙ හොදින් ඉන්නව.

No comments:

Post a Comment