Tweets by @Tweetsbysuku myblog: ජිවිතය ඉදිරියට

Facebook Fan Page

Friday, July 13, 2018

ජිවිතය ඉදිරියට

ඇය ගැන තියෙන මතකයන් ටිකෙන් ටික බොඳ වෙද්දි ජිවිතය ටිකින් ටික ඉදිරියට යනවා. වෙලාවකට ලොකු සැනසීමක් දැනෙනවා. දිනුෂ් අයිය කාලෙකට කලින් කියල දුන්න වගේ, “ වෙලා ඉවර වෙච්ච දේකට  මොන දේ කලත් අපිට වෙනස් කරන්න බැහැ“ වගේ කියල තේරෙනකොට මගේ හිත ටිකෙන් ටික හැදෙනවද   කොහෙද..




අනුරාධපුරය ඊට එහා තඹුත්තේගම වගේම මැදවච්චිය පැත්තෙත් දවසක් 2ක් ඉක්මනට ඇවිදින්න උනා. 12 වෙනිදා ජිම් එකේ චරිදුගේ උපන් දිනේ නිසා ඉක්මණට එන්න ආවා. කොහොම උනත් සතුටට වඩා සැනසීමකින් තරමක උද්යෝගයක් තිබිච්ච දවස් ගානක්. අද පන්සල් ගිහිල්ලා එන ගමන් මල් කැඩුවා. වාහනේකින් බැහල ආව බැලුවාම දැකල පුරුදු ගතියක් තිබ්බා. ගෙදරකට ආවෙ, හෝටලේක වාහනයක් වෙන්න ඕන. බැලින්නම් පබිලිස් සිල්වා කියන සූපවේදි මහත්තය. මං දිහා බැලුවාම මම හිනා උනා. ඒපාර ඇහුව මොනවද කරන්නෙ කියල. මම කිව්වා මල් කඩනව කියල. ඔහු කිව්වා මල් කඩනව කිව්වොත් වැරදියට හිතයි මල් නෙලනව කියන්න කියල. මම ඒපාර කල්පනා කරා ඔව්, “plucking" කියන්නෙ නෙලනවා තමයි කියල කිව්වා. මම කිව්වා ඒත් නෙලනව නම් “ඕළු - නෙළුම්“ වෙන්න ඕන. මේව කඩනව තමයි මේ කියල. හිනා වෙලා ඔහු ඒ ගෙදරට ගියා. සතුටුයි ඇත්තට දැක්කට ඉතින් හ්ම්..



ඩෙංගු රෝගය ගැන නොපෙනන පැත්තෙන් පර්යේෂණ කරද්දි තේරුනු දෙයක් තමයි දේව දෝෂයකට වෙන දෙයක් කියල. ලංකාවෙ ඩෙංගු වලින් මැරුණු අතිබහුතරය මැරුණේ විද්‍යාත්මකව දැනගත්තාම නම් “ප්‍රතිශක්තිකරණය“ දුර්වල නිසා. ඩෙංගු හැදුනාම යම් දවස් ගානක් අනිවාර්ය ඒක ඇඟේ තියෙනවා. අනිත් කාරණය අනිවාර්ය විවේකය අත්‍යාවශ්‍යයි. කාලය එක්ක හොද වෙන්නෙ. නමුත් මේ දේව දෝෂයේ අදාල බලවේග ගැන දැනුමකින් තේරුමකින් වැඩ කරනව නම්, කලා නම් ඉක්මනට හොද වෙන්න තිබ්බා. වැඩේ තියෙන්නෙ ඉතින් ඕක හැමෝටම කියන්න බැරි එක. ඒකට අදාල අකුසල දෝෂය හොයල කටයුතු කල යුතුයි.

භූත අය එලවන වැඩේ තමයි ගොඩක් යකැදුරු අය කරන්නෙ. නමුත් එයාලත් දන්නෙ බොහෝම සීමාවයි. එයාල ගොඩක් දන්නෙ අත්දැකීම තරමකටත්, පොතපත සහ පරම්පරාවෙ දැනුම. එලවල භූත - ප්‍රේත - අසුර වගේ ආත්ම යවන්න බෑ. එයාල වෙලාව එනකම් බලාගෙන ඉන්නවා. බෝතල් වල දාලා හිර කිරීම තුලින් ඒ ආත්ම මරන්න බැහැ. නමුත් ද්වේෂය වැඩි කරන්න පුලුවනි. කවදමහරි දවසක ඒකෙන් ආවාම ඒක කරපු කෙනත්, කරවපු කෙනත් 2 ගැනම පුදුම ද්වේෂයකින් ඉන්නවා. යන්ත්‍ර දාලා අයින් කරත්, ගෙදරට ආරක්ෂාව දාලා අයින් කලත් ඒව හැමදේම තාවකාලික ප්‍රතිකර්ම විතරයි. ඇත්තටම ඒවයින් වෙන්නෙ අකුසලය වැඩි වෙන එකයි. හොදම දේ පුලුවන් තරම මෛත්‍රි සහගතව ඒ අය ගැන හිතලා පිනක් කරලා එයාලට වගේම සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට අනුමෝදන් කරන එකයි.
සරලව හිතන්න, බල්ලෙක් ගස් බැන්දත්, ඒ කියන්නෙ ඒවගේ සත්තු කූඩු කලත් ඒ සතුන්ගේ සාපය ලැබෙනවා. ඒනිසයි බල්ලන්ව නිදහසේ තියන්නෙ ඒ අදහස නොඑන්නට. හොයාගෙන යද්දි බල්ලො වෙලා ඉන්න ගොඩක් අය අපේ පෙර ඥාතින්. බල්ලො ගොඩක් ඉද්දි තෝරල හොයාගෙන ගන්නව කියන්නෙ ඥාති නිසයි. 

No comments:

Post a Comment