Tweets by @Tweetsbysuku myblog: පහුගිය දවස් වල ජුනි 29-30 - ජුලි 01

Facebook Fan Page

Tuesday, July 3, 2018

පහුගිය දවස් වල ජුනි 29-30 - ජුලි 01



පහුගිය කාලය ටික දවසක් තරමක් කාර්යබහුල වෙච්ච නිසා බ්ලොග් එක ලියන්නත් තරමක් අමතක උනා.

  

28 උදේ ජිම් ගිහින් හවස කැළණි ගියා. කිත්සිරිමෙවන් රජමහා කැලණියෙත් , කැළණි රජමහා විහාරයෙත් වන්දනාමාන කලා. ඊට කලින් බත්තරමුල්ලෙ පන්සලකටත් ගියා. එතකොට දවසට පන්සල් 3ක ගිහින් තියෙනවා. මාර්තු මුල ඉදල අද වෙනකම් හැමදාම වගේ දවස් 2-3ක් ඇරුනාම හැමදාම පන්සල් ගිහින් තියෙනවා.




29 වෙනිදා ගමේ ගියා. ඒ අතර උඩු වියන හදවාගෙන ගෙනිච්චා. ධර්ම දේශනය කලේ කහදුවේ කෝලිත හාමුදුරුවො. බොහෝදෙනෙක්ගෙ අදහස අනුව උඩු වියනත්, මුතු කුඩයත් අපේ දානයට භාවිත කරලා පූජා කරනව කියල හිතුවා. සතුටු දවසක්. මහන්සියෙන් කැපවීමෙන් ගෙවුනු දවසක් උනා.




30 වෙනිදා ධාතු කරඩුව උඩු වියන සහ මුතු කුඩය යටින් වඩම්මලා එහෙමම පූජා කලා. සීයා සිහිකර 4 වෙනි වසරටත්, ආච්චි අම්මා සිහි කර 21 වන වසරටත් පවත්වපු දානමය පිංකම නිසා එතනදි අටපිරිකර ඇතුළු බොහෝ සෙසු පිරිකර අතර මේ පූජාව කරන්නට ලැබීම ගොඩක් සැනසිලිදායක දෙයක් උනා. නියාගම පන්සලේ විහාරාධිපති මාපලගම නන්ද හාමුදුරුවෝ අසනීප තත්වයෙන් සිටි නිසා වැඩියෙ නැහැ. ඒවගේම හැමදාම වැඩිය අම්බන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඇල්පිටියෙ ධම්මික හාමුදුරුවෝ ඇමරිකාවේ වැඩල නිසා වැඩියෙ නැහැ. ඒ ඇරුණු කොට මහා සංඝරත්නය වෙනුවෙන් 20 නමක් ස්වාමින්වහන්සේලා වැඩිය.
    

හවස “ගල් වලට “ ගියා. වැඩි වෙලාවක් නොතිබුනත් තරමක් සතුටු උනා. හොදින් ගෙවුනු දවස් කීපයක්.






No comments:

Post a Comment