Tweets by @Tweetsbysuku myblog: Interfaith Colombo's Event at Poorvaramaya

Facebook Fan Page

Friday, June 29, 2018

Interfaith Colombo's Event at Poorvaramaya

 

Interfaith Colombo කියන්නෙ බොහෝදෙනක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ගමන් විවිධාකාර ආගමික විශ්වාසයන් තියෙන අය එකතු වෙලා පිහිටුව ගත්ත සංවිධානයක්. එයාල ආගමික සහජීවනය සහ ආගම් වල වටිනාකම් ගැන පර්යේෂණ මට්ටමට වගේම දැනුම ලබාගැනීමත් සිදු කරනවා.

                                
පොසොන් පෝයට කලින් දවසේ, ඒකියන්නෙ 27 වෙනිදා මම පූර්වාරාම පන්සලට ගිහින් ඉන්නකොට නායක හාමුදුරුවන් වෙන යටලමත්තේ කුසලානන්ද හාමුදුරුවො මට කිව්වා හෙට 2.30ට වැඩසටහනක් තියෙනවා එන්න කියල. ඒ එක්කම අපි ජාතිවාදය සහ ඒ එක්ක බැදුනු දේවල් කීපයක් ගැන කතා කරා, මම කිව්වා හාමුදුරුවනේ ජාතිවාදය අපේ හිතේ තිබුනත් වෙච්ච තරමක් කරදර වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගෙන් මිසක් වෙන ආගම්, ජාතින්ගෙන් නෙමෙයි කියල. හාමුදුරුවෝ කිව්වා ඔය කාරණාවත් කියන්න එදාට කියල.
ඉතින් පෝය දවසේ මම උදෙත් පන්සල් ගියා. පස්සෙ මම හවසත් ආයෙ ඔය වෙලාවට පන්සලට ගියා. මම කොහොමත් හැමදාම පන්සල් යන නිසා බෝමළු ඇමදීම, මලසුන් පිරිසිදු කිරීම, මල් - පහන් පූජාව වගේ ගොඩක් දේවල් නිතරම කරනවා.
                        


මම ගියාට පස්සෙයි වැඩසටහන ගැන දැනගත්තෙ. පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරුන්ට අමතරව ස්වර්ණපුස්තක සම්මානලාභි දයා දිසානායක මහත්තයත් ( මෙතුමා මට නිර්මාණ කියවීමේ හැන්දෑවෙදි බොරැල්ල පුංචි තියටර් හිදී මුණගැහිල තියෙනව), තව මහත්තයෙකුත් හිටිය.
මුලින්ම පොසොන් පොහොයේ වැදගත්කමත්, ලංකාවට බුදු දහම පැමිණීමත් ගැන විස්තර කෙරුනා. පස්සෙ බුදු දහම සහ බුද්ධාගම කියන කාරණාත් සැබෑ බුදු දහම ගැනත් විස්තර කෙරුනා. ආගම් කීපයක අය ඒකියන්නෙ කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් වලට අයත් පිරිස ඇවිල්ල හිටිය. සමහර අය පන්සල් කලින් ඇවිල්ල තිබුනෙ නෑ. එයාල තරමක් නොසන්සුන්ව මුලින් හිටියද කියලත් හිතුනා. පස්සෙ මට තේරුනේ මුස්ලිම් අය ගත්තොත්, එයාලට පොඩි කාලේ ඉදන් ආගමික උපදෙස් ලැබිල තියෙනවා දෙවියන්ට ඇර අම්ම තාත්තටවත් වදින්න එපා කියල. එතකොට අපි හාමුදුරුවරුන්ට මුල ඉදලම වදිනවා. ඉතින් එයාලට ඒක වෙනස් ඇති. එයාලගේ මව්ලවීවරයෙක් උනත් සාමාන්‍ය විදියට කතා කරනව මිසක් අමුතු විදියකට කතා කිරීමක් සිදුවෙන්නෙ නැහැ. නමුත් අපි හාමුදුරුවරු එක්ක කතා කරන්නෙ ඒ ගරුත්වය ලබාදෙමින්.

                                             
කොහොම උනත් නායක හාමුදුරුවෝ වැරදි මත හිතේ දරාගෙන නොහිටින කෙනෙක් නිසා ගැටළුවක් ඇති උනේ නෑ. සාකච්ඡාව බොහොම හොදට ගියා. මගේ අදහස් දැක්වීමෙදි මම මූලිකව කිව්වෙ, රටක් විදියට එක රටක් විදියට මේ රට හොද තැනකට ගේන එක ගැනයි. මට කරදර වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගෙන් විතරක් බවත් මම කිව්වා. ඒවගේමයි ඉස්ලාම් කෙනෙක් මැදපෙරදිග ගිහින් කරදරයක් උනත් බලන්නෙ අදහන ආගම නෙමෙයි, අදාල රට බවත්, අපේ රට දුර්වල නම් අපිට සැලකීමක් නැති බවත් කිව්වා. ඒක හින්දු අයටත්, කතෝලික අයටත් ඇතුළුව රටටම අදාලයි.

                
මෙතනදි සැබෑ බුදු දහම කියන කාරණාවෙදි, දෙවිවරු ගැන කතා නොකර කතා කිරීම ගැන මගේ එතරම් ප්‍රසාදයක් තිබ්බෙ නෑ. මම විස්තර කලේ සියලු දෙවිවරු දේව සභාවේ සිටින බවයි. අල්ලා දෙවියොත්, ජේසුස් වහන්සේත් ඉන්නවා. එක දෙවි කෙනෙක් වෙනුවට, බොහෝමයක් දෙවිවරු ගැනයි අපි කතා කරන්නෙ. “ අල්මයිටි“ කතාව අදාල කරගෙන නැතිව.
අනික ඊලගට බුදු වෙන්න ඉන්න මෛත්‍රී බෝධිසත්වයන් අද දෙවි කෙනෙක්. ඊටපස්සේ බුදුවෙන්න ඉන්න නාථ දෙවියන් අද දෙවි කෙනෙක්. එහෙම හිතුවාම දෙවිවරු වෙලා ඉදල බුදු වෙන අය ඉන්නවා. ඒවගේමයි දෙවිවරු තමයි ලෝකය ආරක්ෂා කරන්නෙ. දෙවිවරු තමයි “නිදුකාණෙනි වඩින්න“ කියල ඇරයුම කරන්නෙත්. ඒක සමහර බෞද්ධ අය තේරුම් ගන්නෙ නැති දෙයක්.

කොහොම උනත් තමන්ගෙම වියදමින් මෙහෙම  දේවල් කරන එක බොහෝම සතුටුදායක දෙයක්. රට වෙනුවෙන් ඉදිරියක් කරන්නට කැමති ළමයි ඉන්න එක රටටම වාසනාවක්. එනිසා ඔවුන්ට සුභ පතනව.

#InterfaithColombo #Interfaith

No comments:

Post a Comment