Tweets by @Tweetsbysuku myblog: පහුගිය දවස් කීපයෙදි... ජුලි 14, 15 සිට 23 දක්වා....

Facebook Fan Page

Sunday, July 26, 2015

පහුගිය දවස් කීපයෙදි... ජුලි 14, 15 සිට 23 දක්වා....

මුලින්ම BMW 520d කතාව..
මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල යම් හැඟීමක් එනවා...
BMW 520d වාහනය අයිති මේ කාන්තාවගේ වචන සහ හැසිරීම නම් අන්තිමයි... ඒවගේ ඉහල ආර්ථික තත්වයක් තියෙන පැලැන්තියෙ කෙනෙක් මෙහෙම වෙන්නෙ අලුත් සල්ලි නිසාද කියලත් බලාගෙන ඉද්දි හිතුන...

කොහොම හරි කාන්තාවක් නිසා පොලිස් නිලධාරින්ට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. අන්තිමට හෙල්මට් එකත් අරගෙන යන්නෙ චණ්ඩිකමට...


අද ඔන්න අත්අඩංගුවට අරගෙන තියෙනවා, රාජ්‍ය දේපල සොරකම් කිරිම ඇතුළු චෝදනා වලට... රටේ නීතිය යම් විදියකින් හරි තැනකට එනව වගේද කියලත් හිතෙනව...





ඉස්සර අපිට මතකයි පොලිසියෙන් ලොකු වාහන නවත්තන්න මැලිකමක් තිබ්බා, එක එක්කෙනාගෙ ලොකු ලොකු අයගෙ හැසිරීම් නිසාම... හ්ම්...

_______________________________

ජුලි 18...

අනුරාධපුරේ ලොකු අම්මලත් එක්ක ඒ පලාතේ කීපදෙනෙක් සුදු ආච්චි බලන්නත් එක්ක ගමේ ආපු නිසා අපිත් ගියා ගමේ... 
ඒ අතර 18 වෙනිදා උදේම පන්සල් ගිහින් බෝධි පූජාවක් කලා... ඒ ගැන සතුටුයි..

https://www.facebook.com/sukumal.harischandra/posts/10205722831344551



_______________

ජුලි 21.


ආයෙ කොළඹ ඇවිල්ලා, ආයෙත් පන්සලේ... ඊයම් පෝරුව පන්සලට ගියා... තලවතුගොඩ... පන්සල හරි නිස්කලංකයි... අපේ පන්සල් වලට යම් සමානකමක් තියෙනව..
https://www.facebook.com/sukumal.harischandra/posts/10205744239039730


__________ මොනදේ තිබ්බත් _____________

*පබාලා වගේ චරිත ආයෙ පාර්ලිමේන්තු යවන්න එපා...

එජාපෙට, එජනිසයට, ජවිපෙට, ජෙනරල්ගෙ පක්ෂයට ඕන එකකට ඡන්දෙ දෙන්න...
හැබැයි ඒ පක්ෂ වල අය, ලංකාවෙ හිටිය අයද... අපේ මිනිස්සු ගැන දෙයක් දන්නවද කියල හිතන්න... මේ පොලවේ පය තියපු අයද කියල හිතන්න ඕන...
පබා වගේ අයට දෙන්න එපා. ඉගෙනීම වෙන රටක වගේම හැදිල තියෙන්නෙත් වෙන රටක, මිනිස්සු ගැන තියා සාමාන්‍ය දැනුමවත් නෑ රටක් ගැන.
මෙහෙම අයව පාර්ලිමේන්තු යවන අයට හොඳක් වෙන එකක් නෑ..
මේවගේ චරිත එජාපයෙන් එදා ගෙනෙද්දිත් අපි විරුද්ධ උනා... 
ඒකට විරුද්ධව කතා කරපු අය බොහෝමයි මේ පබාගෙ පැත්තට... 
අන්තිමට ගත්ත ඡන්ද වලටත් වංචා කරල ගියා... 
ඉම්ප්ලාන්ට්ස් එහෙම ජනතා මුදලින් කරගත්තෙ.. ඒ ඇර රටට කරපු දෙයක් නෑ.. කරන්න රට ගැන දැනීමක් තියෙන්න එපාය..
මේ චරිතෙ ගේන්න මූලික වෙච්ච කරු ජයසුරිය මහත්තයත් තමන් අතින් වරදක් උනා කියල තේරුම් අරගෙන පත්තරේට කියල තිබ්බ... හ්ම්...
මේපාර පරදින චරිතයක් වෙනවට අපි කැමති.. ඒක එහෙමම වේවි... !
‪#‎SLPolitics‬ ‪#‎paba‬ ‪#‎Upekshaswarnamali‬ ‪#‎lka‬



________________________________


ජුලි 23 - හදිසියෙම සෝමාවතිය පුදබිමට ආවා.
https://www.facebook.com/sukumal.harischandra/posts/10205757427529434

https://www.facebook.com/sukumal.harischandra/timeline/story?ut=43&wstart=0&wend=1438412399&hash=1564242663037338940&pagefilter=3













No comments:

Post a Comment