Tweets by @Tweetsbysuku myblog: පූරුවෙ පිනට... - අමාදහර නරඹමින්

Facebook Fan Page

Friday, July 31, 2015

පූරුවෙ පිනට... - අමාදහර නරඹමින්

ස්වර්ණවාහිනියේ අමාදහර හැම පෝය දවසෙම බොහොම ආසාවෙන් බලන නිසා ඉගෙන ගන්න ඒව බොහොමයි..

අද දරුවො ගැන කතා කලේ... මූලිකව මට තියෙන ප්‍රශ්නයක් කතා උනා... ලංකාවෙ අපිට මෙච්චර ජාතික වීරයො ඉද්දි, බෙන්-ටෙන්ලා වගේ කෘතිමව හදන වැඩකට නැති කාටුන් චරිත වීරත්වයෙන් තියාගෙන ඉන්න එක ගැන...
ඒවයින් බිහි වෙන්නෙ පුහු අය...
අපි පොඩි කාලේ වැඩිය බැලුවෙ හා හරි හාවා, පිස්සු පූසා, දොස්තර හොඳ හිත වගේ කාටුන්... ඒවයේ භාෂා හැසිරවීම ඉහල තත්වෙක තිබුන... ටයිටස් තොටවත්ත මහත්තයගෙ වැඩනේ...

අපේ නම් සංසාරේ කරපු පින් වලට... අම්ම නිදි කෙරෙව්වේ එස් මහින්ද හාමුදුරුවන්ගෙ කවි කියල.. අවුරුදු 3-4 ඉදලම අපේ ආච්චි අම්මා ගැමුණු කුමාරය ගැන, සිරිසඟබෝ රජතුමා ගැන, පරාක්‍රමබාහු රජතුමා ගැන ඇතුළු සෑහෙන ඉතිහාස කතා කියල දුන්න...
පලාතටම යුග පුරුෂයෙක් වෙච්ච සීය කෙනෙක්ව වැඩි කාලයක් ඇසුරු කරගෙන ජිවත් වෙන්න ලැබුනා...

_________
https://www.facebook.com/sukumal.harischandra/posts/10205803976413127

දියණියක් නැති නිවස හරියට...  මල් ගහක් නැති මිදුල වාගේ...
මල් ගහක් නැති මිදුල හරියට... දෙව්රුවක් නැති දෙවොල වාගේ...
දෙව්රුවක් නැති දෙවොල හරියට... පුන් සඳක් නැති අහස වාගේ...
පුන් සඳක් නැති අහස හරියට... දියණියක් නැති නිවස වාගේ...
- අත්තනායක සර් අද කිව්වෙ අමාදහරෙදි... කවිය ලියපු මහත්තයගෙ නම මතක නෑ...
අපේ අම්ම මේක ටික දවසකට කලින් මට ලියල දුන්න හ්ම්...

- දූලා උපදින්නෙ දෙමාපියන් පූරුවේ ගොඩක් පින් කරාමලු... හ්ම් ඒක නම් ඇත්ත... ඒක හරියට පිරිමි ළමයි තේරුම් ගත්ත කාලෙක කිසි ගෑණු ළමයෙක්ට අනවශ්‍ය දෙයක් වෙන එකකුත් නෑලු... ඒකත් ඇත්ත..

1 comment:

  1. ඔව් ඔයා කිව්වා වගේ අයියේ අපේ සීයලා ආච්චිලා ඉස්සර කතා වගේ කියල දුන්න අපේ රටේ ඉතිහාසය ඇත්තෙන්ම ලස්සන හොඳ හැඟීම් ඇති කළා රට ගැන. අපි ඒවා කොයිතරම් හොඳට රස වින්දද?

    ReplyDelete