Tweets by @Tweetsbysuku myblog: ඡන්දය සහ බැඳුනු දේවල්.. - අපි නම් මෛත්‍රි ජනාධිපතිතුමා ගැන විශ්වාසෙන් හිටිය...

Facebook Fan Page

Wednesday, July 15, 2015

ඡන්දය සහ බැඳුනු දේවල්.. - අපි නම් මෛත්‍රි ජනාධිපතිතුමා ගැන විශ්වාසෙන් හිටිය...

“ දේශපාලනේට එන්න හොඳ කාලෙලු... “ - ජුලි 12

කුඩුකාරයෝ ගේන්න කියල ඒ අයව ආරක්ෂා කරන්න, එතනෝල්කාරයොත්, මැරයොත්, ගණිකා මඩම් තියාගෙන ඉන්න අයත් කියද්දි...
ඒ මතයටත් ජන මතයක් තියෙද්දි... අපේ හාමුදුරුවරු රට ජනතාව විනාශ කරන අයට නොමිනේෂන් දෙන්න කියල කියද්දි....

අපිට මොන දේශපාලනයක්ද....
තනතුරු ලැබුනු ගමන් ඔළු ඉදිමිලා, ඇමතිකම සදාකාලික බූදලයක් කියල හිතන අයයි, චරිතෙ නරක, නීති විරෝධී වැඩ කරන අයයි අතර දේශපාලනයක් කරන එකේ තේරුමක් තියෙනවද මංදා...

* බුදුහාමුදුරුවො කියල තියෙනවා, අපිරිසිදු වතුර තියෙන භාජනයකට දිගටම පිරිසිදු වතුර වත් කලොත්... ඒ වතුර පිරිසිදු වෙනව කියල...
ජරාජීර්ණ වෙච්ච, තුප්පහි දේශපාලනයත් ඒකෙ ඉන්න වැරදි කරපු අයත් අයින් කරන්න වෙන්නෙ ඒ ක්‍රමයෙන්ම තමයි... හ්ම්...

________________________

කලින් අනුමාන කල පරිදිම ‪#‎UNPය‬ ඡන්දෙන් පැහැදිලි බහුතරය ලබාගන්නව... ජුලි 14 දවල්
https://www.facebook.com/sukumal.harischandra/posts/10205700851035057

රනිල්ගෙ පින ඉහලට ආපු කාලෙ, නැවත අගමැති වෙනවාය...

මහින්ද මහත්තයාගෙ චිත්ත පීඩනය උග්‍ර වෙන ලෙස ප්‍රතිඵල ලැබේවි..
අද උනු ගුරු මාරුව, කන්‍යා ලග්න අයට වගෙම මහින්ද මහත්තයටද නරකලු.. ‪#‎සෙනසුරු‬, ‪#‎රාහුද‬ ඉන්න තැන් හොද නෑලු..
කේන්දරයට එහා ගිය අකුසල කර්ම විපාක ගැන කියවෙන්නේද එහෙමය....

මෛත්‍රි ජනපතිතුමන් ගැන කොටසක් විරෝධය දැක්වුවද, එතුමා මේ දවස්වල නිහඬව සිටීම හොදයි..
රටට යහපත කරන්නේ, රනිල්-මෛත්‍රි සංයෝගය මිස, මෛත්‍රි - මහින්ද නොවේය..

_______________________________________________________________

" මේ ඡන්දයෙන් ශ්‍රිලංකා නිදහස් පක්ෂය දිනුවත්, මහින්ද රාජපක්ෂට වඩා ප්‍රවීණයො ඉන්නවා අගමැතිකම දෙන්න... "
- ජනාධිපති Maithripala Sirisena
(ජුලි 14 රෑ) https://www.facebook.com/sukumal.harischandra/posts/10205702637239711

Piyum මහත්තයා, Prasanna මහත්තයා...
(සම්පූර්ණ සාකච්ඡාව අද 10.30 සිරසෙ දෙනව කිව්ව)

“ මහින්ද මහත්තයගෙ පින ඉවරයි කියල අපි කිව්වෙ නිකමට නෙමෙයි “
(මහින්ද මහත්තයා ගැන තරහක් හෝ වෙනම අකමැත්තක් නැත. පින ඉවර උනාම ඔහොම තමයිය... ඒක ලෝක ස්වභාවයයි)

#‎යහපාලනය‬ ගෙනාවා කියලා අපිට උනු වාසියකුත් නැත, ගන්නට වාසි නොතිබුනාද නොවේ.
රටට වාසි වේ නම් එය අපිට යහපත් බව විශ්වාස පමණි !

No comments:

Post a Comment