Tweets by @Tweetsbysuku myblog: Watched PK Movie ... sumthing worth to watch...

Facebook Fan Page

Saturday, January 3, 2015

Watched PK Movie ... sumthing worth to watch...

මේ චිත්‍රපටිය වෙනස්... ඒත් ඒකෙ ආදර්ශය ඊට වඩා වැදගත්...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204334649120863

ඉන්දියාව කියන්නෙ දේව වන්දනාව ඉහලින්ම කරන රටක්... දේව වන්දනාව අන්ධ වන්දනාවක් උනාම තත්වය එච්චර හොද නෑ...

හැමදේම දෙවියන්ට භාර කරල ඉන්නවා... දේව වන්දනාව, ජ්‍යොතිෂ්‍ය ඔක්කොම ලගින් ලගින් යන ඒවනේ...

චිත්‍රපටයේ දේව වන්දනයට අදාල කරුණු ව්‍යාපාරික උවමනා වලට හදාගත්ත ව්‍යාජ අය ගැනත්, දේව වන්දනයෙන් ඇත්තටම හිතන දේ වෙන්න කල් යෑමත් තියෙනවා...

දෙවියෝ කියන සංකල්පය වැරදි නෑ භාවිත කරන අයගේ වරදක් සහ ඒකෙන් මුලාවට පත්කිරිම වැරදියි කියල කියන්නෙ අන්තිමට...
එතනදි දේව සංකල්පයට වැදෙන්න ඕන පාර වැදිලා... හරියට සූරියඅරණ චිත්‍රපටියෙ හාමුදුරුවරුන්ට කරන අපහාසය වගේ... අන්තිමට තමයි වරද හරිගස්වන්නේ... එතකොට වෙන්න ඕන දේ වෙලා..

ඒනිසා 3 Idiots Movie වගේම ප්‍රසිද්ධ වේවිද නම් දන්නේ නෑ...

අත්දැකීමෙන් දන්න විදියට... දෙවිවරු කියන්නෙ අපිට වඩා මනස උසස්, අපිට වඩා සැප විඳින ජීවින් කොට්ඨාශයක්... තමන්ගේ කර්ම ශක්තිය අනුව....

බුද්ධාගමට දෙවිවරු වගේම, හින්දු ආගමටත් දෙවිවරු ඉන්නවා... කතෝලික ආගමටත් ඉන්නවා... ඉස්ලාම් ආගමටත් ඉන්නවා... (ඇත්තටම ඉන්නවා..)

දෙවියන්ගෙන් පැතුම් ඉටුවීම, ආශිර්වාදය වගේ ඒව ගන්න හැමෝටම බෑ...
මිනිස්සු වෙන අපි වගේ තමයි... දෙවිවරුත් විවිධාකාරයි... අපි කාටවත් එකපාරට උදව් කරනවද... නෑනේ...දෙවියොත් ඒ වගේ..
දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබෙන්න, තමන් ප්‍රතිපත්තිගරුවක ඉන්න ඕන, සිල්වන්ත වෙන්න ඕන, සමහරවිට පෙර භවයක ඥාතියෙක් නම්, පෙර භවයන් වල ඉදලා වැදුම් පිදුම් කරල නම්... අන්න ඒව වගේ කාරණා උඩ දේව පිහිට ඇත්තටම ලැබෙන්න ඉඩ තියෙනව...

තව දෙයක්... මේක ටිකක් විවාදාත්මකයි...

දෙවිවරු ආගම් වලට හිටියට... අපි හැමෝම යන්නේ එකම අපායකට... එකම දිව්‍ය ලෝකෙකට.. ඒකියන්නේ සිංහල අයට වෙනමත්, මුස්ලිම් අයට වෙනමත් කියල 2ක් නෑ... සදෙව් ලෝකය, සතර අපාය අපි හැමෝටම පොදුයි....
( මම සර්ව ආගමික මේනියාවෙන් පෙලෙන්නේ නැත)

ඒවගේම... නිර්වාණය = මෝක්ෂය = ස්වර්ගය....
හැම ආගමකට බලාපොරොත්තු වෙන දේවල් වල තියෙන්නෙ පොදු තැනක්...
දන්න ඉතිරිවා කිව්වොත්... ඒක අනවශ්‍ය ගැටළු එනවා.. උදාහරණයක් විදියට ජේසුස් සමිදාණන්ගේ දේවත්වය..... අල්ලා දෙවියන්ගේ දේවත්වය වගේ ඒව...
හැබැයි ඒ දෙවිවරු ඉන්නව...

“ හිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වඳී.... - දෙවියන්ගේ ගරුත්වය ලැබෙන්න හරියට ඉන්න ඕන...
සියලුම ආගම් වල... මූලික හරයේ තියෙන්නෙ කිසිම කෙනෙකුට සතෙක්ටවත් හිංසා නොකර යහපතින් ජීවත් වීම ගැනයි...

face book වල දැම්මෙ නැති මේ ටික.... වෙනත් ආගම් වල දෙවිවරු පවා විශේෂයෙන් ජේසුතුමාත්, අල්ලා දෙවියනුත් යම් කාලෙක නිර්වාණය අවබෝධ කරගන්නවා....
ඒක වෙන්නෙ අවබෝධය තුලින්...

නිර්වාණයට යන නියම මාර්ගය කියන්නෙ බුදු දහම විතරයි...

ඒත් මේව එතන කිව්වම එක කොටසක් තරහ වීම වගේම, තව කොටසක් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි, අපේ ආගම තමයි උතුම් කියන කතා කියන්න ගනිවි..

මම දන්න විදියට, ජේසුතුමා පත්තිණි දේව මෑණියන් බුදු වන ශාසනයේදි... අනාගතයෙදි... නිවන් අවබෝධ කරගන්නව... අංගුලිමාල රහතන්වහන්සේගෙ තත්වයට පත් වෙනව.. මස් මාළු විශේෂයෙන් මරන කොටස අයිති එතනට..

අල්ලා දෙවියන් කියන්නේ දෙව්දත් තෙර... සමහර මුස්ලිම් අය දන්නවා... දේව මස්සිනාලා කතාව...

No comments:

Post a Comment