Tweets by @Tweetsbysuku myblog: Susanthika නොදත් අපේ “යසෝදරාව “

Facebook Fan Page

Sunday, January 4, 2015

Susanthika නොදත් අපේ “යසෝදරාව “

සුසන්තිකා ජයසිංහට නොතේරුනාට... නොදත්තාට... රට වෙනුවෙන් පදක්කම් ලබාදුන්නාට බුද්ධිය නැති වෙන්නට ඉඩ ඇතිවාට... අපි නම් අපේ “යසෝදරා දේවිය“ ගැන දනිමු..

යසෝදරා දේවිය... කල්පයටම පහල වූ වාසනාවන්තම, යහපත්ම ස්ත්‍රී රත්නයයි....

බුද්ධ ශාසනයේ යසෝදරාව තරම් කැපවීම් කල කෙනෙක් නැත.  බුද්ධ ශාසනයක් ඇති නොවුනා නම් අපි සිංහල බෞද්ධයන් වන්නේ නැත... අප සිංහල බෞද්ධයන් නොවූවා නම්... සිහල දේශයක් තිබේද... ? ලංකාවක් තිබේද... යන්නවත් අද කාලයට පැමිණ සුසන්තිකාට ලොව දිනන්නට ලැබේදවත් සැක සහිතය..

එනම් සුසන්තිකා දේශපාලන වාසි තකා, වැරදි පාලනයකට කඩේ යන බව නොදැන කලේ බෞද්ධත්වයේ හරයටම දරුණු පහරකි...
ඒක නිසා සුසන්තිකාට දඬුවම් පැමිණවිය යුතුයි කියා හෝ, සුසන්තිකා අදහන දේශපාලන මතවාදයට විරුද්ධව ඡන්දය දිය යුතුයැයි අපි යෝජනා කරන්නේ නැත...

අපි ගැහැණු ළමයින්ට පතන්නේ, යසෝදරාවක් වේවා කියාය... ඒ පැතුම එහෙම කරන්නට අපි යසෝදරාට කෙතරම් ගෞරවය කරනවාද යන්න අපි දනිමු... අන්න ඒ හැඟීමට...
සමස්ත ලෝකයටම මේ කරදර වලින් මිදෙන්නට මග කියා දුන් බෝධිසත්වයන්ට සංසාරය පුරාම වැඩියෙන්ම උදව් කල යසෝදරාවට අර වගේ අපහාසයකදී අපිට රිදෙන්නේ එබැවිනි....

අපේ ජනසාහිත්‍යයේ එන පරිදි, යසෝදරාව  පිරිනිවන් පෑ පසු තනන ලද සෑයට මුල්ම මල පුදා ඇත්තේ බුදුරදුන් විසිනි... එයට හේතුව “සංසාරය පුරා කල උදව් වලට කලගුණ සැලකීමටය...“

ඉතින් අපි හිතන්නෙ මේ ප්‍රකාශය හුදෙක් දේශපාලන ප්‍රකාශයකට වඩා, තමන්ට චරිතවත් වන්නට බැරිවුනු නිසා යසෝදරාව ගැන තිබුනු ඉරිසියාවට කටින් පැන්නක් බවය...
ඊට ආසන්නව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘යුගාන්තයේ‘ එන දෙමාලසිංහ නෝනා යසෝදරාවගේ චිත්‍රයක් දැක ඉරිසායාවෙන් පෙලෙන බව කියනවා මතකය...

නොදන්නා අයට.. යසෝදරාව ගැන,

* යසෝදරාව... බුද්ද ශාසනයේ මහා අභිඤ්ඤා තත්වයට පත්වු 4 දෙනාගෙන් කෙනෙකි.
මහා අභිඤ්ඤා තත්වයට පත්වූ අය ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දැකීමට සමත් වූහ.

* වෙස්සන්තර ජාතකයෙහි රටත්, රාජ්‍යයත්, දරු දෙදෙනාත් අවසානයේ තමාවත් දන් දෙද්දි ඉවසාගෙන බුද්ධත්වයම ලැබේවා පතමින් කටයුතු කල උතුම් මද්‍රි දේවිය යසෝදරාවය..

* සඳකිඳුරු ජාතකයේ රජ සැප ප්‍රතික්ෂේප කරමින්, තම පතිවත රැකගනිමින් අවසානයේ තම අධිෂ්ඨාන බලයෙන් බෝධිසත්වයට පණ දුන්නෙ යසෝදරාවමය..

* උම්මග්ග ජාතකයෙදි තම පතිවත රැකගත් අමරා දේවිය අපේ යසෝදරාවමය..

* දසරථ ජාතකය, චම්ප්‍යෙය ජාතකය, ජයද්දිස්ස ජාතකය, චුල්ලසුතසෝම ජාතකය, මහාජනක ජාතකය, ඛණ්ඩහාල ජාතකය, මණිචෝර ජාතකය, අතනුසෝවීය ජාතකය, විසය්හ ජාතකය, සුචි ජාතකය, මනෝජ ජාතකය යනාදි සෑම ජාතක කතාවකම යසෝදරාවගේ උතුම් වූද ස්ථිරසාරවූද ගතිගුණ බෝධිසත්වයන් බුදු බවට පෙරුම් පිරූ සෑම අත්භවයකම දැකිය හැක..

No comments:

Post a Comment