Tweets by @Tweetsbysuku myblog: ___ යුධ ජයග්‍රහණය..... මහින්ද රාජපක්ෂ සහ කලගුණ සැලකීම ___

Facebook Fan Page

Monday, January 12, 2015

___ යුධ ජයග්‍රහණය..... මහින්ද රාජපක්ෂ සහ කලගුණ සැලකීම ___

යුධ ජයග්‍රහණයෙදි මහින්ද මහත්තයාට සැලකිය යුතු ගරුත්වයක් ලැබිය යුතුය... කතා 2ක් නැති... අපි අදටද ගරු කරමු.... 2010දී ඒකට අපි කලගුණ සැලකුවෙමු... - කියන විදියට රටේ බහුතරය

තවත් කලගුණ සැලකීම්, රට බේරාගත් නායකත්වය සහ ජාතිවාදි ප්‍රකාශයන්ට.....

අද වත්මන් ජනාධිපති මෛත්‍රිපාල මහත්තයා ජාතිය ඇමතුවේ, දළදා මාලිගාව අභියසදීය. මුලින්ම දළදා මාලිගාව ඔතන කෙරෙව්වේ 1 වෙනි විමලධර්මසූරිය රජතුමාය. රජ වෙන්න කලින් කොනප්පු බණ්ඩාරය.
උඩරට සිටි ප්‍රබල ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර මුදලි පියා විය. වීරසුන්දර මුදලි, සීතාවක රාජසිංහයන්ට පක්ෂව කරලියැද්දේ බණ්ඩාර ලෙස එවකට උඩරට පාලනය කල රජුගේ පාලනය බිද වැට්ටීමට කටයුතු කලේය.
එයට තෑගි දෙනු වෙනුවට සීතාවක රාජසිංහයන්ට බොරු කියා වීරසුන්දර මුදලි කෙරේ බිදවූ අතර, අවසානයේ වීරසුන්දර මුදලිව බොරු වළක ලා මරා දමන්නට කටයුතු යෙදින.

පියා අහිමි වූ කොනප්පු බණ්ඩාරට ජිවිත ආරක්ෂාව දුන්නෙ පෘතුගිසින්ය.
ගෝවේද සිටි කොනප්පු බණ්ඩාර පෘතුගිසි හමුදාවක් සමග යමසිංහ බණ්ඩාර නම් වූ කරලියැද්දේ බණ්ඩාරයන්ගේ බෑණා සමග කන්ද උඩරටට පැමිණ සීතාවක රාජසිංහයන්ගෙන් බලය ලබාගත්තේය.
යමසිංහ බණ්ඩාර රජ විය...
ඒත් රජවෙන යමසිංහ කියන දේ අහන්නේ පෘතුගිසි කැප්ටන්ගෙ. සිංහලයන්/සිංහල රදලයන් එක්ක කතාවක් නෑ.,.. සැලකීමක් නෑ....

අන්තිමට කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරව මරලා විමල ධර්මසූරිය විදියට රජ වෙලා පෘතුගිසින්ව එලවනව. (රාජ්‍යත්වය තහවුරු කරගන්නේ දෝන කතිරිනා කසාද බැඳීමෙනි.)
අපිට අදටත් ලංකාවක් තියෙන්නෙ ඒකයි...

“““ පෘතුගීසින් කලගුණ සැලකුවෙ නෑ කියල කිව්වම විමලධර්මසුරිය රජතුමා කියනව, මට සැලකුවා මාව ආරක්ෂා කලා තමයි... 
හැබැයි ඒ හැම එකටම වඩා මට මගේ රට වටිනවා. රටට ද්‍රෝහි වෙන්න බැ කියල...“““
අපිත් එහෙමයි... යුද ජය 1 ජයකි... වැදගත්ම ජය විය හැක. තවත් ජය ගන්නට තිබේය... ඒවා හරියට මහින්ද මහත්තයා කල බවක් නොතේරුනි... මෛත්‍රිපාලයන් යම් දෙයක් කරනු ඇත.....
මේක කියන්න හිතුනෙ Nadishan මල්ලි එක්ක කතා කල නිසයි... මල්ලිට ස්තූතියි...

No comments:

Post a Comment