Tweets by @Tweetsbysuku myblog: ඔච්චර තමයි මහින්ද මහත්තය...

Facebook Fan Page

Monday, January 12, 2015

ඔච්චර තමයි මහින්ද මහත්තය...

සමහර අය රටට වින කල පාලකයන් නැවත බලයට ගෙන ඒමට ලොකු මහන්සියක් දරනු පෙනේ. ඒ සදහා ඊට යටින් ලොකු මුදල් සංසරණය වන බව අප දන්නවාය...

අපිට කියන්නට ඇත්තේ ඡන්දයට පෙර, මෛත්‍රි අනිවාර්ය දිනනවා කිව්වා සේම දැන්ද කිසිවක් කිරීමෙන් ඵලක් නැති බවයි...
නැති ජාතිවාදයක් අවුලුවා, 1% ප්‍රවෘත්තිය 90% ඉහලට ගෙන මේ කරන්නට හදන්නේ රටට නැවත වින කිරීමකි.
ඔවුන්ට කියන්නට ඇත්තේ බඩගෝස්තරය කෙසේ වෙතත් වතාවක් රටට වින කල පාලකයන්ට සුදු හුණු ගෑමෙන් අනුමෝදන් කරගත් පව් වලට අමතරව හැකි නම් තවත් පව් ඇති කරගන්නා ලෙසයි....

මේක දෙයියන්ගේ බුදුන්ගෙ රටයි... මේ රටට වින කරපු අයට හැමදාම උනේ එකම දේ... ඒක ඉතිහාසය හොදට දන්න අයට තේරෙනවා...

සදාකාලිකව තමන්ට බලය තියේවි කියල හිතාගෙන හිටියට එහෙම බැරි බව තේරිලා දවස් කීපයක් උනාට තවම උෂ්ණය තිබෙනු දැනේ...

මේ රටට කරන විනාශය, මෙත් බෝසත් මහ දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලය නොදැන සිටියා නොවේ. අවස්ථාව ඒමේදි විය යුත්ත සිදුවිය...

ජනතාව බහුතරයක්ද, ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බලය ඇති අයද එය සනාථ කලා...
නැවත බලයට පත් කරවන්නට තැත් කරත්, ඊට කලින් සිහි විකල්ව විපාක විඳි අය ගැන සිහි කරන්නට ආරාධනා කරමු....

මේ රටට වින කර ඇත්තෙක් වේ නම් ඔවුන්ටද අත්වන්නේ ඒ ඉරණමයය....
අවශ්‍ය නම් තවත් කටයුතු කර ඒ පව් තවත් වැඩි කරගෙන තමනුත් කොටසක් කාරයෙක් වී විඳවන්න...
( මොන ආණ්ඩු තිබුනත් දැනෙන දේ කියනවාය...)

https://www.facebook.com/sukumal.harischandra/posts/10204423511142358

No comments:

Post a Comment