Tweets by @Tweetsbysuku myblog: මට මතකයි...

Facebook Fan Page

Saturday, January 17, 2015

මට මතකයි...

මට මතක ඉතිහාසයේ මුලින්ම මම පාර්ලිමේන්තුව බලන්න ගියේ ගයි මාමා එන්න කියල 2013 දෙසැ වල...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10201796476108124)
එදා ඉතින් ගයි මාමා මුළු පාර්ලිමේන්තුවම මට පෙන්නුවා, ජනාධිපතිතුමා, විපක්ෂනායකතුමා එන කාමර ඇරුනම...
උපරිම විදියට මට හැමතැන ගැනම අවබෝධයක් දුන්නා....

ඉතින් එදා පාර්ලිමේන්තුවෙන් කාලත් ආවා... ගයි මාමා, හදිසියෙම වෙඩින් එකකට අත්සන් කරන්න ටික වෙලාවකට සිනමන් ග්‍රැන්ඩ් ගිය නිසා මාව පාර්ලිමේන්තුවෙ භෝජනාගාරයේ අයට කියල ගියා බලන්න කියල... ඒ හැමෝම කෑම කනකම් බලාගෙන හිටියා... ඩෙසටුත් කාලා ඉවර වෙලා ඉද්දි,
ගයි මාමා එතනට කෝල් කරලා අහලා මම කෝ හොදින් ඉන්නවද කියල...

ඒපාර මට ෆෝන් එක දුන්නම කියනවා, අයිස් ක්‍රීම් කෑවද... ඒවත් ඉල්ලගෙන කන්න කියල...
මට එතකොට තේරුනේ මාව තාම පොඩි කාලේ විදියට හිතේ ඇත්තේ කියල....
ෆැන් පේජ් එක පිලිවෙලට කරද්දි නම් තේරෙන්න ඇති තාම පොඩි නෑ කියල...



කොහොම හරි එතනදි තමයි මට තේරුනේ පාර්ලිමේන්තු යන එකෙත් තියෙන වටිනකම... පුදුම ගරුත්වයක් ලැබෙනවා... ඒක මම හිතන්නෙ ගයි මාමගේ චරිතය එක්ක පුරුදු කරපු විදියට ලැබෙන ගරුත්වයක් වෙන්නැති...
(අපේ අම්ම එහෙම කියනවා කරුණාතිලකල බොහොම සන්සුන් ඒවගේම කිසි කබලයක් නැති ගරුත්වයකින් කටයුතු කරන අය කියල)

මට මතකයි, එදා කැබිනට් ඇමති කෙනෙකුගේ කාමරයක් පෙන්වලා ඒකෙ තියෙන ඒවත් පැහැදිලි කලා... මම නිකමට වගේ කිව්වා තව අවුරුද්දක් 2ක් යද්දි ගයි මාමටත් ඇමති කෙනෙක් වෙතෑකිනේ කියල...
(ඒක අද ගැන හිතිලා කියපු දෙයක් නෙමෙයි, Iru සේවයෙ ජ්‍යොතිර්වේදින් එක්ක නිතර වාද කරමින් රට ගැන, ආණ්ඩුව ගැන අහල මම හිතල තිබුනු නිගමනයක් විතරයි)



ඒවගේම එදා ඊට පස්සේ මට 2ට විතර, යන්න ඕන නම් යන්න කිව්ව. කාරක සභා අයවැය විවාදයක්ද කොහෙද තිබ්බා ඒක නිසා... වාහනේ දීලා කිව්වා ගෙදරින් බස්ස ගන්න කියල...

ඉතින් කොහොම හරි අද ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාරගත්තා අපේ ගයි මාමා... නිහතමානි සතුටක් අපි හැමෝටම තියෙනවා... ඒවගේම පුදුම සෙනගක් හිටියා...



අද සංග්‍රහයට වියදම තමන්ගේ පෞද්ගලික සල්ලි වලින්ම කරපු එකෙන්ම ගයි මාමා අදහසක් මුලින්ම ලබාදීලා තියෙනවා... ඒවගේම තොරතුරු දැනගැනීමේ පනතත් ගේනවා කිව්ව.
අපේ ගම් වල නෑදෑයෝ, හිත මිතුරන් වගේ ගොඩක් අය හිටියා...
මම දැක්කා අමාත්‍යංශයේ වැඩ කරන මහත්තයෙක්ගේ ස්ටේටස් මේ සෙනග මීට කලින් මේ අමාත්‍යංශයේ දැකල නෑ කියල...

* ගිය දකුණු පලාත් සභා මැතිවරණයෙදි මහ ඇමතිකමට ආණ්ඩුවට යනව කියද්දි.... යන්නත් එපා.. යන්නෙත් නෑ කියල වැඩියෙන්ම කියපු කෙනෙක් මම... මේපාර ආණ්ඩුවට යනව කියල ඡන්දෙදි කියද්දිත් අපි එහෙමයි... ඒ ගෞරවය දිගටම ගයි මාමා රැක්කා... ඒ ගැන ගරුත්වය අපේ හිත් වල තියෙනවා...



පුරුදු විදියටම ගෞරවයෙන් මේ ඇමතිකම කරාවි කියල අපි බලාපොරොත්තු වෙනවා...ඒක එහෙම කරාවි... හිටපු ඇමති කෙහෙලිය මහත්තයත් ආපු එක වටිනවා...

ඒවගේම අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් ගයි මාමට ලැබිලා....
අපි හිතන පතන විදියට රටට යහපත් පාලනයක් සහ හැමදේම හොඳින් වේවි කියල හිතනව...
ගයි මාමට තුනුරුවන්ගෙ සරණින් ජය පතමි... !
ප.ලි.... අපේ සීයා හිටිය නම් අද හොදටම සතුටු වේවි හ්ම්... ඒ ගැන පොඩි කණගාටුවක් හිතේ තියෙනවා...

__________

Gayantha Karunatilleka මහතා විසින්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාර ගන්නා ලදි...



* සංග්‍රහය තම පෞද්ගලික වියදමින් කිරීම....

* තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන බවට වූ පොරොන්දුව යළි සිහිපත් කිරීම.

* මාධ්‍ය නිදහස තහවුරු කිරීම, මාධ්‍යවේදින් සමග සුහදශීලිව ලෙංගතුව පෙර පරිදි කටයුතු කරන්නට කැපවීම..

* පිරිසිදු දෑත් සහිතව පැමිණියාසේම ඒ ආකාරයටම ගෞරවණීය ආකාරයෙන් යන්නට කටයුතු කරන බව කීම....

No comments:

Post a Comment