Tweets by @Tweetsbysuku myblog: ජනාධිපතිවරණයේ තිරය පිටුපස කතාවෙන්....

Facebook Fan Page

Saturday, January 10, 2015

ජනාධිපතිවරණයේ තිරය පිටුපස කතාවෙන්....

අවශ්‍ය ප්‍රතිඵලය ලැබුනට පස්සෙත්, වෙන වෙන වැඩ කරන්න ගිහින් නැති අවුල් ඇති නොවී බේරගන්නට කටයුතු කල නව අගමැතිතුමා ඇතුළු පිරිසට කෘතවේදීත්වය පල කරමු....

මුලින්ම ගියා කියද්දි නිකන් නම් යන්නේ නැති බව අපි දැන සිටි අතර... දැන් අවශ්‍ය දේ සිදුවී අවසන්ය.
කීමට ඇත්තේ මෙයයි, තමන්ගේ ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට සියලු දෙනා පුරුදු විය යුතුය. එය අප වැනි සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහලම පුරවැසියාටද අදාලය..
ක්‍රමිකව ගරුත්වය විනාශ කරගත් කටයුතු වල උච්ච අවස්ථාවක් පෙරේදා විකට නළු චරිතයක් සමග ඡන්ද භූමියට පැමිණි මහින්ද මහත්තයා තුලින් දුටුවෙමු.

ඡන්ද කැම්පේන් එකද අත්දැකීම් ඇති, උපක්‍රමශීලි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යටි කූට්ටු වැඩ දන්නා මහතා ඉවත් වී සිගිති මානසිකත්ව ඇති අත්දැකීම් නැති අය කල නිසා දිගටම වැටුනු අතර, ඔවුන් සිතුවේ සල්ලි සහ මැර බලයෙන් සියල්ල කරගත හැකි කියාය...
කවුරු ගියත් අපි දිනන බව ඔවුන්ගේ මතය විය...

දශක ගණන් යුධ පිටියේ, සාමාන්‍ය නීතිය ජනතාව වෙනුවෙන් නිවරදිව ක්‍රියාත්මක කල නිලධාරින්ටද අනවශ්‍ය පීඩන ලැබුනි... ජිල්මාට් බැරි තැන, හදිසියෙන් වැටලීම් සමග බලය ගන්නට ගිහින් තිබුනු ගරුත්වය මීට වසර ගණනාවකට පෙර යුද්ධ අවස්ථාවෙදි තමන්ගේ සෙබලෙකුට තුවාල වීමෙන් දමා යන්නට කීමේ ගැටළුව නිසා තමන්ට වඩා නිල බලයෙන් අඩු සෙබළුන්ගෙන් ගුටි කෑ මහතෙකු ඒවා අමතක කර නැවත අවනීතියක්, බලයෙන් මෙහි සිටින්නට ගොස් නැවත ගුටි කා ඇත...
අපේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ හෘදය සාක්ෂිය හංගන්නට ගොස් ඔයින් බේරුනා ඇතිය.... මක්නිසාද යත් ලොව සිටින දක්ෂම අය බොහෝවිට සිටින්නේ අපිට බැවිනි...

තවද මුදලට, වරදාන, වරප්‍රසාද වලට ජ්‍යොතිෂ්‍යය කරන්නාවූ වංචාකාරයන් ගෙනවිත් නාඩගම් නටන ලදි. එයද එසේ නොවන බව අප දැන සිටි අතර, නිවරදි ජ්‍යොතිෂ්‍යය අනුවද යන්නට වෙන බව කීවෙමු.
මේ රට රකින මෙත් බෝසත් මහ දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලයක්ද සිටි. අධ්‍යාත්මික දියුණුව ඇති සිල්වත් ගුණවත් මහතුන්ගේ දැනීමෙන් අසාගත් පරිදි රටට කරන ලද අකටයුතුකම් සියල්ල දෙවිවරු දැන සිටියහ.

වරද නිවරදි කරන අවස්ථාව මෙය බවත්, එය සහතිකේට වෙන බවත් බොහෝදෙනාගේ හිත් තුල ජිල්මාට් අදහස තිබෙද්දි අපෙන් ඇසීමේදී ස්ථිරසාරව මෙවර මෛත්‍රි දිනනු ඇති බව කීවේ ජනතාව ගැන දන්නා තරම, ජ්‍යොතිෂ්‍ය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බල ඇති අයගේ කියුම්ද එකතු කරගෙනය...
( Iru Sewaya, Iru Astrology අයට social media කරන්නට ලැබීම ගැන සතුටු වන්නේද කිසිවෙකුට පක්ෂපාත නොවී කටයුතු කිරීම නිසාවෙනි. 8 වෙනිදා සිට ලග්න පලාපලයේ කන්‍යා ලග්නයට ‘තිබෙන රැකියාව නැතිවන්නට ඉඩ ඇති‘ බවද, තුලා ලග්නයට ‘සුපිරි රැකියාවකට හිමිකම් කිව හැකි ‘ බවද සමස්ත සියලු එම ලග්න හිමියන්ට මිස පුද්ගලයන්ට ඉලක්කව කියන ලද්දක් නොවන බව පසුව අපට පැවසීය)

No comments:

Post a Comment