Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, March 8, 2020

බුදු වෙන්නට පෙර දින රාත්‍රියේ අප මහා බෝසතාණන් වහන්සේ සිහින 5ක් දකිනවා. එයින් 01 ක්,

“ විවිධ වර්ණ ඇති  ලිහිණියන් 04 දෙනකු සතර දෙසින් පියාඹා අවුත් තම පාමුල වැටී ක්‍ෂණිකව සුදුපාට වූවාක්‌ මෙන් පෙනීමය.
බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන සතර කුලයනට අයත් අය බුදු සසුනෙහි පැවිදිව එකම වංශයකට හෙවත් භික්‍ෂූත්වයට පත්වී සිවුරු දරන බව මෙහි අදහසයි...

“ අප රාජ වංශයේ, රාජ වංශයේ අපට නිගා නොකොට, රජ වාසලෙන් වළදිනු මැනවි “ - සුද්ධෝදන මහ රජු..
“ මහරජ මම බුද්ධ වංශයේ. අපගේ වංශයේ සියලුදෙනා මේ ආකාරයට ආහාර ගත්හ“ - බුදුන්වහන්සේ..

හැම භේදයක්ම ( ජාති - ආගම්, කුල - ගෝත්‍ර) නැතිව දහමක්  - ජීවන දර්ශනයක් තියෙන අපි, අදටත් රැකගෙන ඉන්න ථේරවාද සම්ප්‍රදායේ හිමිකම කියන අපේ අද තත්වය භික්ෂු ශාසනය කුල භේදය සහිතයි..

- නෑ මේක කියන්නෙ ඒව වෙනස් කරන්න නෙමෙයි. ඒව වෙනස් කරන්න තියා ඒ ගැන කතා කරන්නවත් ගිහි අපිට අයිතියක් නෑ.
මගෙ සීයා පලාතේ ප්‍රධාන පන්සල්, ආරණ්‍ය වල ප්‍රධාන දායකයා වෙලා හිටියත් ඒව හොයද්දි දැනගත්ත දේ තමයි ගිහි අපිට තියෙන්නෙ නාමික බලයක් විතරයි..  ඇත්තටම හාමුදුරුවරු අතර විතරයි තමන් සම්බන්ධ සියලුම බලය තියෙන්නෙ..

ගැටළුව වෙන්නෙ බුදුන්වහන්සේගේ දර්ශනයට පිටුපාමින් ගමන යෑමයි...

සුනීත - සෝපාක වගේ හීන කුල වල අයට වගේම, රාහුල - ආනන්ද වගේ උසස් කුල වල අයටත් පැවිද්ද දුන්නු අපේ බුද්ධ ශාසනේ.... හ්ම්...

#බුදුසසුන #ලංකාව #තණමල්විලකොල්ලෙක්

No comments:

Post a Comment