Tweets by @Tweetsbysuku myblog: ලංකාවේ අපේ මිනිසුන්ගේ අවුල් ගොඩක් තියෙනවා..

Facebook Fan Page

Saturday, March 7, 2020

ලංකාවේ අපේ මිනිසුන්ගේ අවුල් ගොඩක් තියෙනවා..



මූලික දෙයක් තමයි ඕන ආරංචියක් - පණිවිඩයක් ඒක ඇත්තද බොරුද නොහිතා ඒ අවස්ථාව අනුව පිලිගන්නවා. ඒපාර නැති කරදර ඇති වෙලා සමහරවිට ඉවර වෙන්නෙ. සමහරවිට ඇත්ත පණිවිඩය දැනගනිද්දි ගොඩක් දේවල් වෙලා. දැන් හෝ නොදැන වෙන අයට බණිනවා තමන් කවදාවත් වරදක් නොකරපු, ශුද්ධ චරිත වගේ..
සමාජ ජාල වල ඉද්දි ඒක සාමාන්‍ය දෙයක්.

● රට ජාතිය ගැන දන්නෙ නැති ඒ ගැන ආදරයක් නැති මිනිස්සු ගැන හිතනවා එයාල ජාතිවාදි, ජාති හිතෛශීන් කියල.
දේශපාලනය මූලික කරගෙන එහෙම කරපු අය හැමෝම වගේ කරල තියෙන්නෙ බොරුවක් කියල පස්සේ තේරුම් යනවා.
මට මතකයි ඔය අදටත් ජාතිය පෙන්නගෙන හම්බ කරන සමහරුන් මුණගැහුනාම කතා කරල තියෙනවා, ඉතිහාසය දන්නෙ නෑ. කොහෙන් හරි අහුලගත්ත කෑලි දන්නවා. ඉතිහාසයේ නැති බොරු දන්නවා එච්චරයි.
හරියට ඉතිහාසය නොදැනීම, නියම ප්‍රෞඪත්වය නැති වෙන්න හේතුවක්.. ඒක තමයි අද කරගෙන තියෙන්නෙ.. අතීත ශ්‍රී විභූතිය වර්ණනා කරනවා. හැබැයි හරියට දන්නෙ නෑ. කරන අය අතිබහුතරය කරන්නෙත් මවාපෑමක් - හම්බ කරගන්න..

● තව දවසක් ජාතිය ගැන නිතර කතා කරන කෙනෙක් මගෙන් ඇහුවා, දේශපාලනයට සම්බන්ධ කටයුතු වලදී වැඩියෙන් උදව් කරල තියෙන්නෙ සිංහල අයටද කියල. මම කිව්වා ඔව් කියල.
ලංකාවේ වැඩියෙන් ඉන්නෙ සිංහල බෞද්ධ අය. ඉතින් වැඩියෙන් උදව් කරන්න වෙන්නෙත්, කරල තියෙන්නෙත් සිංහල අයට තමයි. ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. එහෙම තමයි. පුලුවන් හැමෝටම පොඩි හරි සහයෝගයක් දීලා තියෙනව.

- ඔය වගේ තමයි මුහුදු මහ විහාරය, කූරගල අවට වගේ දේවල් ගැන සෑහෙන්න හිතනව. එතනදි මූලික වෙන්නෙ වෙන ආගම් වල අය බුද්ධ ශාසනය විනාස කරනව වගේ ඉඩම් අල්ලගෙන. ඉඩම් අල්ලගත්ත කතාව ඇත්ත. ගමේ පන්සලේ හාමුදුරුවරු එක්ක පන්සල අයිනේ ඉඩමට නඩු යන සිංහලයෝ ඕන තරම්. හෙව්වාම, වැඩියෙන් පන්සල් වල ඉඩම් අල්ලල තියෙන්නෙ වෙන ආගම් වල අය නෙමෙයි. සිංහල බෞද්ධයෝම තමයි.

● බුදුන්වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරල තියෙනවා, බුදු දහම විනාශ වෙන්නෙ බෞද්ධ කියන අය නිසාමයි, නිසි ප්‍රතිපත්තිය දුර්වල වීම තුල කියල. නැතිව වෙන අය නිසා නෙමෙයි. ඒක තමයි නාලන්දාවෙත් උනේ. හොයාගෙන යද්දි නාලන්දාව 1 පාරක් නෙමෙයි 6 වතාවක් විතර ගිනි තියල තියෙනවා. මම මේක කැළණියෙ ඉතිහාස අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි ගල්කන්දේ ධම්මානන්ද හිමියන් එක්කත් කතා කරල තියෙනවා. හොයාගෙන යද්දි ඒ ගිනි තියල තියෙන්නෙ මුස්ලිම් නෙමෙයි. හින්දු සම්බන්ධයක් තියෙන අය. ඒ කාලේ හින්දු සහ බෞද්ධ අතර තමයි තරගයක් තිබිල තියෙන්නෙ. ඒවගේම ඒ කාලේ ප්‍රතිපත්ති - සීලය දුර්වල වෙලා තියෙනව බෞද්ධ අයගෙ. ඒ කාලේ තමයි මුස්ලිම් අයත් එන්නෙ. අන්තිමට සීලය - ප්‍රතිපත්තිය දුර්වල වෙච්ච බෞද්ධයෝ සෑහෙන ප්‍රමාණයක් මුස්ලිම් වෙලා තියෙනවා හින්දු අයට විරුද්ධ නිසා. ඉතින් සීලය - ප්‍රතිපත්තිය දුර්වල නැත්නම් එහෙම වෙන්නෙ නෑ.
අදටත් සිවුර දරණ හාමුදුරුවරුම කොච්චර සීලය සහ ප්‍රතිපත්තිය අතින් දුර්වලද.. හැබැයි ඉතින් කවුරු කොහොම උනත්, ශාසනය රකින්නෙ දෙව් - බඹුන්....

● කොරෝනා නිසා ලෙඩ හැදුනු අපේ අයට එන්න එපා කියනවා සමහරු.
ඒක සම්පූර්ණ වැරදියි. රට ගිය අතිබහුතරය රට ගියේ ආසාවට නෙමෙයි. කරන්න දෙයක් නැති නිසා. රටක් විදියට අපි හරි රටක් හදල නැති නිසා.
වුහාන් වල අයව ගෙනාවේ දේශපාලන ප්‍රචාරයක් එක්ක ලොකුවට උනත්, චීනෙන් ආපු අනිත් අය හිටියා අපේ අය ඒ දවස් වලම. කිසිම පරික්ෂාවක් නොකර..
තමන්ගෙ රටට එන්න ඕන නම් අපේ අයට එන්න පුලුවන් වෙන්න ඕන.
ආණ්ඩුවෙ වගකීම එන අයව පරික්ෂා කරන එකයි, වෛද්‍ය සහය ඕනද කියන එකයි...

#යථාර්ථවාදිජනතාවාදි #tshmarch2020 #slppl

1 comment:

  1. If you're attempting to lose weight then you absolutely need to try this brand new tailor-made keto meal plan diet.

    To create this keto diet service, licensed nutritionists, fitness trainers, and professional cooks have united to develop keto meal plans that are useful, suitable, economically-efficient, and enjoyable.

    Since their first launch in January 2019, 1000's of clients have already completely transformed their body and well-being with the benefits a good keto meal plan diet can provide.

    Speaking of benefits; clicking this link, you'll discover 8 scientifically-certified ones offered by the keto meal plan diet.

    ReplyDelete