Tweets by @Tweetsbysuku myblog: Presidential Pardon to Sunil Rathnayaka

Facebook Fan Page

Friday, March 27, 2020

Presidential Pardon to Sunil Rathnayaka


ඔබ, යාපනය, කිලිනොච්චි, වවුනියා, මන්නාරම, ත්‍රිකුණාමල, මඩකලපුව යනාදි පැති වලට ගිහිල්ලා තියෙනවා නම් දෙමළ අය ගැන තරමක තේරුමක් ගතෑකි. සමහරවිට ඒ අය අපිට කොළඹදි හෝ දකුණු පැති වල මුණගැහෙන අයට වඩා වෙනස් අය වේවි. ඒත් ගතිගුණ අතින් බොහොම හොද විශේෂතා තියෙන අය බවත් තේරේවි..

- කොටි සංවිධානය ඇතිවෙන්නෙ වර්ගවාදය ( භාෂා ප්‍රශ්නය වගේ) එක්ක. හැබැයි එයාල ත්‍රස්තවාදි සංවිධානයක්.
● උතුරේ කොටි සංවිධානයට බැඳෙන එක, අනිවාර්ය දෙයක් වෙලා තිබ්බෙ. පවුලක 1ක්වත් බැඳෙන්න ඕන. ඒවගේම ඒකට පඩි නෑ - ස්වේච්ඡා සේවයක්.
● ඉතින් උතුරු පැති වල ගියාම, ඒ පැතිවල ගොඩක් අයට කොටි එක්ක සම්බන්ධකම් තිබුනු එක අරුමයක් නෙමෙයි.
කිලිනොච්චියේ තියෙන මහවිරු සොහොන් වලට ගියා නම්, මහවිරු දිනයක එතනට ගියා නම් අඬන අම්මලා - පවුලෙ අනිත් අය දැනගන්න දැකගන්න තිබ්බා..

- දිනපු යුද්ධයක් දැක්ක, ඉතිහාසය නොදන්න - ඉතිහාසය නිසා තමන්ට දැනෙන්න ඕන නියම ප්‍රෞඪත්වය - වගේම මානුෂීයත්වය නොදන්න අයට නොතේරුනත් ඒක තේරෙන අය ඉන්නවා..
- රට - ජාතිය පෙන්නගෙන ඒක නිසා ව්‍යාපාර කරන අයට රැවටෙන්නෙ හරියට ඉතිහාසය නොකියවපු, ඉතිහාසයේ වටිනාකම තේරුම් නොගත්ත අයයි..

● සුනිල් රත්නායක නිදහස් කිරීම

2000 වසරේ දෙසැ මාසයේ, යාපනයේ මුරුසවේලි හිදී 8 දෙනෙක් එයින් 3ක් වයස 19ට අඩු සහ වයස 5ක දරුවෙක් ඇතුලත්ව වධ දී මරණයට පත් කල බවට 2000 වසරේ සිට විභාග වූ නඩුවකින්, 2015 ජුනි මාසයේ වරදකරු කියල තීන්දුව ලැබෙනවා, යුධ හමුදාවේ එවකට ස්ටාෆ් සාජන්ට්වරයෙක් වෙච්ච සුනිල් රත්නායකට, ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්.
නැවත ශ්‍රෙෂ්ඨාධිකරණයෙනුත් එම තීන්දුව තහවුරු කරනවා.
‍‍
- උඩ කිව්ව කතා එක්ක හිතුවාම, කොටි සංවිධානයේ හිටියෙ සාමාන්‍ය මිනිස්සු. මට මතකයි මගෙ මාමා පොලිස් නිලධාරියෙක් හැටියට යුද්ධෙ පවතින පැති වල සේවය කරලා ඇවිල්ලා මට කිව්වෙ, කොටි කියන්නෙ යුනිෆෝම් ඇදගෙනම ඉන්න අය නෙමෙයි. සරම ඇදලා තුවක්කුව අයින් කරලා සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න අය.
ඉතින් ඔය සිද්ධියට අදාලව ඝාතනය කෙරුනු අය 100%ක්ම නිර්දෝෂි හෝ අහිංසක නැතිව ඇති. නමුත් අවු 5ක දරුවෙක් සහ ළමා වයස් වල ඉන්න අය ඝාතනය කියන එක මොනම තත්ව යටතේ උනත් අනුමත කරන්න බැහැ..

- රණවිරුවෙක් නිදහස් කිරීම ජනාධිපති කලා නම් වරදක් නෑ. මෙතන ගැටළුව කොටින් වගේ ත්‍රස්තවාදින් කරන දෙයක් කරන්න යුධ හමුදාවකට සදාචාරාත්මක හෝ නීතිමය හැකියාවක් නැති එක. අපේ හමුදාව මානුෂීය හමුදාවක්. ඒක අපි හොදින්ම දන්නවා. පුනුරුත්ථාපනය වෙච්ච සහ තුවාල වෙච්ච කොටි සංවිධානයේ හිටිය අය කියපු බොහෝමයක් කතා එක්ක කල්පනා කලාම සාපේක්ෂ වශයෙන් මානුෂීය ගුණයන් අතින් ඉහලම හමුදාව ලංකාවෙ හමුදාව බව කියතෑකි..
‍කොහොම හරි මේ තීන්දුව එක්ක ජාත්‍යන්තර වශයෙන් බලපෑම් සහ නරක තත්වයන් වලට ලංකාව පත්වෙන්න පුලුවන්. ඒවයෙ ප්‍රතිඵල ඉදිරියෙදි තේරුම් ගන්නත් ලැබේවි..

#GotaR #sunilratnayaka #srilanka #gota2020 #slppl


No comments:

Post a Comment