Tweets by @Tweetsbysuku myblog: Things I just felt...

Facebook Fan Page

Sunday, March 29, 2020

Things I just felt...

මහා බලිගෙ යුගය, තේත්‍රා යුග, මහා රාවණගෙ යුගය, ඊටපස්සෙ අපිට ලිඛිත ඉතිහාසය තියෙන 2500 සහ දැන් ගැන හිතද්දි එදත් අදත් අපි කරදර වලමයි... වෙන රටවලුත් එහෙම ඇති හැබැයි අපේ රට විශේෂයි..
මෑත ඉතිහාසය බැලුවොත්, අවු 30ක යුද්ධය එයින් ප්‍රධානයි.

● 2017 කුණු කන්ද කඩා වැටුනා
● 2018 ගංවතුර ආවා.
● 2019 පාස්කු ප්‍රහාරය උනා
● 2020 අපිට අදාල නැති වෙන්න ඕන උනත් කොරෝනා ඇවිල්ලා..

- සංගක්කාර කරනවා කවුඩ්රි දේශනය බොහොම අපූරුවට. ඒ කතාව එච්චර විශේෂ වෙන්නෙ ගොඩක් සිද්ධින් අපිට තියෙන නිසා. ලංකාවෙ යුද්ධය, පකිස්ථානෙදි අපේ අයට බෝම්බ - වෙඩි තියපු එක වගේ කතා තිබ්බා..

 “ ලෝකයේ හොයාගෙන තියෙනවා සැප පහසු ජීවිත තියෙද්දි නෙමෙයි රටක් ජාතියක් දිනන්නෙ - දියුණු වෙන්නෙ, පුලුවන් තරම් කරදර බාධක මැද ජිවිතය ගත කරනව නම් තමයි නියම තත්වෙකට එන්න පුලුවන් කියල “
- රුසියානු විප්ලවය වෙන්න කලින්, රුසියානු විප්ලවයට සෑහෙන දායකත්වයක් දුන්නු පොත් වල කතා කියවද්දි ඒක හිතෙනව. බොහොම දුෂ්කරතා ගැන කියවෙනවා. මැක්සිම් ගෝර්කිගෙ “ අම්ම “ පොතේ සමහර ඒව තියෙනව. දොස්තයෙව්ස්කිගෙ “ අපරාධය හා දඩුවම “ කියෙව්වත් තේරෙන දේවල් සෑහෙන තියෙනව..

ඉතින් මේ ගාමණී චිත්‍රපටිය බොහෝම ප්‍රසිද්ධ වෙච්ච එකක්. ඒවගේම ඇත්ත සිද්ධිදාමයන් සහිතයි..

● මෙතනදි මූලිකව එන අවුල, ගමේ පන්සලේ හාමුදුරුවොයි, එදා හිටිය අපේ යතිවරුයි, අද ඉන්න දේශපාලන පක්ෂ වලට කඩේ යන හාමුදුරුවරුයි එකද කියල. මොකද ඒ හැමෝම රට - ජාතිය රකින එක ගැනයි කතා කරන්නෙ.

● හැබැයි ඒ දෙගොල්ලක්. ඒකට හේතුව චිත්‍රපටයෙ ඉන්න ගමේ හාමුදුරුවොත්, අපේකම රැකගෙන අවුරුදු දහස් ගානක් බුදු දහම වගේම ජනතාවට උදව් කරපු යතිවරුත් ඒවා කලේ තමන්ගෙ වාසියට නෙමෙයි. වාසි ගත්තෙත් නෑ.
බෝධිසත්වයෝ “ නලපාන ජාතකයෙදි“ තමන්ගෙ අයව බේරගන්න වැඩ කලා. ඒක නායකයන් අනිවාර්ය කල යුතුයි ! හැබැයි තමන්ගෙ හිතට එකඟව හරියට...
සරලව, අද පක්ෂ වලට කඩේ යන හාමුදුරුවරුන්ට පුදුම තරම් වාසියි. එනිසා එදා හාමුදුරුවරුයි, අද ඉන්න වාසියට වැඩ කරන හාමුදුරුවරුයි පටලවා ගැනීම හොද නෑ.
 දුටුගැමුණු රජතුමා, “ මාගේ මේ ව්‍යායාමය රජ සැප විදීමට නොව - සම්බුද්ධ ශාසනයේ දියුණුවටයි “ එහෙම කියල ඇත්තටම එහෙම කලා. හැබැයි අද රට - ජාතිය පෙන්නගෙන මවාපෑම් කරන නායකයෝ ඇත්තටම එහෙම අය නොවෙන බව අපිට තේරෙන්න ඕන තරම් අවස්ථා තියෙනව.

● තරමක අතිශයෝක්තියක් තිබ්බත් ගාමණී චිත්‍රපයට හොද එකක්. බැරිකම - අසරණකම වෙනුවට ජිවිතේ දිනන්න අපිට හුරු කරවන්න උදව් කරන එකක්...

No comments:

Post a Comment