Tweets by @Tweetsbysuku myblog: වැරදි මෝඩ මත

Facebook Fan Page

Friday, May 3, 2019

වැරදි මෝඩ මත

පහුගිය දවසක, බණ පොත් එහෙම කියවන ආන්ටි කෙනෙක් කියනවා, ආන්ටි යන සුප්‍රසිද්ධ අසපුවක ලොකු හාමුදුරුවෝ කිව්වලු, ඉපදුනු හැටියෙ ගෑණු දරුවෙක්ව උනත් අල්ලන එක හාමුදුරුවරුන්ට හොද නෑ කියල. ඒක බුදු හාමුදුරුවො කියපු විදියටයි කිව්වෙ.

මම ඇහුවා ඇයි ගෑණු දරුවො මනුස්ස නෙමෙයිද කියල ?
●  “ සබ්බේ සත්ථා “ කියල බුදු හාමුදුරුවෝ දේශනා කලේ - සියලු සත්වයෝ එතනදි මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සතුනුත් අදාලයිනෙ කියල.

ඒපාර කිව්වා, ආනන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුවො එහෙම කිව්වලු.
● මම කිව්වා මම දන්න විදියට නම්, බුදු හාමුදුරුවො එහෙම කියල නෑ. කාන්තාවන් තමන්ගෙ සහෝදරියන් විදියට හිතන්න කියලයි උපදෙස් දුන්නෙ කියල..

⭕ කොහොම හරි ඕකෙන් එලියට ආවෙ, සමාජය තුල තියෙන, හදාගත්ත මෝඩ අදහස්. ඒව සෑහෙන්න සමාජයේ තියෙනව. සර්වඥ ධාතු මන්දිර වලට කාන්තාවන්ට යන්න බැහැ. අසනීප වෙන දවස් වලට දේවාල වලටත් යන්න බැහැ.

● දෙවිවරු නැති, භූතයෝ - ප්‍රේතයෝ වගේ පහත් අමනුෂ්‍ය කොටස් අරක්ගත්ත දේවාල වලට ගියොත් නම් යම් බලපෑමක් ඒ වගේ ආත්ම භව වලට දැනෙන්න පුලුවන්.
හැබැයි අධ්‍යාත්මිකත්වය සහිත මනුස්සකම මූලික කරගත්ත බුදු දහම විශ්වාස කරන අයට නම් ඔය වගේ වැරදි මත වල ඉන්න බැහැ.
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ, “ හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නවා වගේ, නිවන වෙනුවෙන් කැප වෙන්න කියල“.
- ඉතින් ඔය එක එක මනස්ගාත එක්ක අප්‍රමාදී වෙන්න බැහැනේ ???

⭕ ශ්‍රී මහා බෝධිය වඩම්මගෙන එන්නෙ, සංඝමිත්තා තෙරණිය. වම් දන්ත ධාතුව මාස ගානක්, ජිවිත තර්ජන එක්ක තමන්ගෙ කොණ්ඩේ තියාගෙන ආරක්ෂා කරගෙන වඩම්මගෙන එන්නෙ හේමමාලා කුමරිය..
 කිලි නැති පිරිමි නෙමෙයි ඒව කලේ....
( ඒ ටික කිව්ව නම් එක්කෝ ඒ ආන්ටිට කල්පනා කරල තේරුම් ගන්න ලැබේවි, නැත්නම් ආයෙ කවදාවත් මා එක්ක ධර්ම කතා නොකරාවි කියල හිතුනු නිසා ඒ ටික කිව්වෙ නෑ)

#maytsh2019

No comments:

Post a Comment