Tweets by @Tweetsbysuku myblog: නිවනට මග සදන ස්ථූප - පූජ්‍ය කකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ

Facebook Fan Page

Saturday, March 2, 2019

නිවනට මග සදන ස්ථූප - පූජ්‍ය කකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ

 
                                                        

“ බුදුන්වහන්සේ කාගෙවත් වන්දනාවක් අල්ප මාත්‍රයකින්වත් බලාපොරොත්තු උනේ නෑ. නමුත් මනුෂ්‍යයන් ප්‍රතිපත්තියකට යොමු කිරීමේ මගක් වශයෙන් බුදු ගුණ සිහිකර වැඳුම් පිදුම් කරන්න අනුදැන වදාලා.
අකුසලයෙන් බැහැර වෙලා, කුසල් දියුණු කිරීමේ වැඩපිළිවෙල = ප්‍රතිපත්තිය
- නුවණ තියෙන අයට පිලියමක් නැතත් බුදු ගුණ සිහි කරන්න පුලුවන්. ජීවමානව නොහිටියත්.
නමුත් හැමෝගෙම නුවණ එක පමණට වැඩිලා නෑ. මිනිස් සිතේ දුබල තැන් අදුනන නිසා, බුදුන්වහන්සේ මිනිසුන්ව ප්‍රතිපත්ති මාර්ගයට යොමුවන වැඩ පිලිවෙලක් දේශනා කලා. තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් බුදුහිමියන්ගෙ ගුණ සිහි කරන්න, හිතන්න, කල්පනා කරන්න, වදින්න, පුදන්න දේශනා කලේ ඒ නිසයි. වදිනවා පුදනවා ගරු කරනවා කියන මේ වචන ඔක්කෝම කියන්නේ, “ ගුණයක් පිලිබදව මනසින් ඇගයීම“. හරියාකරාව මනසින් අගයන්නට පුලුවන් නම් තමන් තුලත් ටිකෙන් ටික එබදු ගුණ වැඩෙනවා. ඒකයි හැබෑ වන්දනාව !!!

● බුදු පිළිමයක් ඉදිරියට ගිහින් බොහේ වේලාවක් වැන්දා කියල නමස්කාර වෙන්නේ නෑ !
බුදු හිමියන්ට නමස්කාර වේවා කියල 100 - 1000 වර කිව්වත්, එය වචන ටිකක් පමණක් වෙනවා, මනසින් ගුණ සිහි කරගෙන සැබෑ ගරුත්වයක් ඇති නොවෙනවා නම්. කායික ඉරියව්වකින් හෝ වචනයෙන් යමක් ප්‍රකාශ නොකලත්, මනසින් ගුණය සිහි කරද්දි, ගුණයට නැමුණු, ගුණය වෙත ගරු කරන ස්වභාවයක් යම් සන්තානයක් තුල පහල වෙනවා නම්, ඒකට කියනවා නමස්කාර/ වන්දනා කිරීමයි කියල.

● මල් - පහන් - සුවද දුම් -පැන් පූජා කරන්නේ ඒ ගුණයට අපේ මනස නැඹුරු කරගන්නයි. කාලයක් තිස්සේ ගුණයට ගරු කරන කොට, අපේ මනස තුලත් ඒ ගුණවත් භාවය ඇති වෙන්න එය හේතු වෙනව.

● පෘතග්ජන ස්වභාවය තමයි අනුන්ගේ දෝෂ දැකීම - 1000ක් හොද අය අතර 1 නරක කෙනෙක් හිටියොත් පෙළඹෙන්නෙ දකින්නේ ඒකයි. ඒක හිතුවාම මනස තුල ද්වේෂය හටගන්නවා. කෝපය හටගන්නවා... කෙලෙසන්නේ කවුද ? අපේ හිතයි.
අපි ගුණවතෙකුගේ ගුණ සිතන්ට, අගයන්ට පුරුදු උනාම ඒ ගුණ අප තුලත් මනසේ වැඩෙනවා..

● ප්‍රතිපත්තියට යන්න, අකුසලය මැඩ පවත්වා කුසලය වඩන්න ඕන. ගුණය වඩන්න නම්, මුලින් ගුණය අගය කරන්න ඕන. අගය කරන්න නම්, ගුණයට ගරු කරන්න ඕන. නමස්කාර කරන්න ඕන. ප්‍රඥාවෙන් නොවැඩුනු අයට ඒ සදහා යම් ආමිස පිලිවෙතක් අනුගමනය කිරීම පහසුවක් වෙනවා. ඒනිසයි බුදු හිමි දෙසූවේ පිරිණිවනින් පසුව ගුණ සිහි කරලා ධාතු චෛත්‍ය පුදන්ට කියල.


No comments:

Post a Comment