Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, August 17, 2018

මේ කාලෙ බණ හරි සුලබයි. ධර්මයත් එහෙම වෙලා.. ඉස්සර මිනිසුන්ට බණ අහන්න නිතරම ලැබුනෙ නෑ. දැන් ටීවි එකේ රේඩියෝ එකේ නිතරම බණ. මටත් ඉන්ටනෙට් අන්ලිමිටඩ් නිසා ඕනෑම බණක් අහන්න පුලුවන්.

හැබැයි මිනිස්සු ඒව ඇහුවට ඒව තේරුම් ගන්නෙවත්, අවබෝධයට ගන්නෙවත් නෑ තමයි, ඒත් බණ තියෙනවා. ගොඩක් අය අැත්තටම ඉන්නෙ තේරුමක් නැතිව. සමහරවිට පන්සලට යන්නෙත් තමන්ගෙ ලොකුකම්, වටිනාකම් ප්‍රදර්ශනය කරන්න.

මම පහුගිය කාලේ වැඩිපුර ඇහුවෙ,‍ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - Maha Rahathun Wedi Maga Osse හාමුදුරුවන්ගෙ බණ. ඒ බණ බොහෝම පිලිගත හැකියි කියල කල්පනා කරද්දි තේරෙනවා.
සරලව කියන්නෙ, පවින් මිදෙන්න. අකුසලයේ බරපතලකම කියල දෙනව. ඊටපස්සෙ කියල දෙනව, පින් කරන්න, කුසල් කරන්න කියල. කුසලයේ විපාකත් කියල දෙනව. නමුත් කුසල් - අකුසල් 2ම කවදමහරි ඉවර වෙනව... ඒනිසා කුසලයත් අනිත්‍ය බව හිතන්න, විදර්ශනාවෙන් දැකලා නිවන් මග සකසා ගන්න..
ඒවගේමයි උන්වහන්සේ කියනවා දෙවිවරු ගැන - දේවතානුස්සතිය. ඒක කලත්, දෙවිවරු පිදුවත් පින් ලැබෙනවා. දිව්‍ය ලෝකෙ යන්න පුලුවන්. හැබැයි ඒවත් කවදහරි අවසන් වෙන කුසල් විපාක බව.

- ඒ අනුව හිතුවාම බොහෝම පිලිගත හැකියි. එක තැනක කියනවා, සිද්ධාර්ථ බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියා කරන කාලෙ, මාර්ග ඵල ලාභි දෙවිවරු වැඩ ඉන්න නෑ, ඒ දෙවිවරු ඊටකලින් බුද්ධ ශාසනය අවසාන වෙනව එක්කම නිවන් අවබෝධ කරගන්න ඇති කියල. නැත්නම් බෝධිසත්වයන්ට ඒක කියාවි දුෂ්කර ක්‍රියාවෙන් නෙමෙයි මැදුම් පිලිවෙත අනුගමනය කල යුතු කියල. ඒ කාරණය විතරක් පිලිගන්න බැරි හේතු තියෙනවා. නමුත් උන්වහන්සේ දක්වන තර්කයන් පිලිගත හැකියි.

* අපි තේරුම් ගත යුතු දේ තමයි, සියල්ල දන්නෙ බුදුවරයෙක් පමණක් කියන කාරණය. ඒ ඒ සත්වයන්ට ධර්මාවබෝධය එන
විදිය (චේතෝපරිය ඥානය), කර්මානුරූපිව ඒ ඒ සත්ව ලෝක වලින් චුත වීම ( චුතු පපාත ඥානය) කියන කාරණා හරියටම තියෙන්නෙ බුදුවරයෙක්ටම විතරයි.
- රහතුන්වහන්සේලාගේත් අවබෝධය විවිධාකාරයි. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර උනාට, ඍද්ධියෙන් අග්‍ර උනේ මුගලන් මහරහතන්වහන්සේ. දාන වේලවත් හරියට නොලැබුනු ලෝකුස හාමුදුරුවො රහත් වෙනවා. “ අසදිස මහ දන“ (බුද්ධ ශාසනයක එක්වරක් කරන) දානය දුන්නු කෝසල මල්ලිකාව, සතියකට දුගතියට යනව වගේම, ඒකට මුල් වෙච්ච කොසොල් මහරජ අපායෙ යනව.
සියල්ල විවිධාකාරයි.
එනිසා අහන බණ අහලා, තමන්ගෙ නුවණින් තේරුම් ගන්න උවමනයි. අවබෝධයත් ඒ අනුව ජිවිතයත්.

- එක්තරා අසපු ක්‍රමයක, හාමුදුරු කෙනෙක් ඍජුවම රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ට චෝදනා කරනව විඩියෝවක දැක්කා. ඒක මගේ දැනුම නම් නිවරදි නැහැ.
ඇත්ත කියන්න ඕන කියලයි කියන්නෙ, ඇත්ත කිව්වොත්, ඒ කියන අයගේ ප්‍රාර්ථනය දැන් වගේම දහමට විරුද්ධව දහම වගේ පේන්න වැඩ කරලා, එක්තරා බුද්ධ ශාසනයක දෙව්දත් පිරිසගේ භූමිකාව කරන්නත්, ඊටපසුව අපාගාමි වෙන්නටත් තමයි ඉතින්..
- උගත්කම - ධනය වටින දේවල් තමයි. හැබැයි ඒව මත ධර්ම ඥානය - අවබෝධය ලැබෙන්නෙ නැත. පොෂ් බෞද්ධයන් වෙන්නට හිතුවාට එතනදි වෙන නියම කුසලයක්ද, සසර කෙටි කර ගැනීමක්ද නැත. අවසානයේ සසර තවත් දික් වෙන්නට සතර අපායටම යනවා පමණය...

#augusttsh2018 #maharahathunwedimagaosse #srilanka

No comments:

Post a Comment