Tweets by @Tweetsbysuku myblog: පෝය දවසේ අමාදහර අහල..

Facebook Fan Page

Wednesday, May 30, 2018

පෝය දවසේ අමාදහර අහල..

අහගෙන ඉද්දි හිතෙන කාරණා අතර, ඇත්තටම බන්ධනාගාර ගත වෙන අය අපිට වඩා නරකද ? වැරදිද කියල හිතෙනව ?
මම පහුගිය කාලෙ හොයපු කාරණා අනුව, අත්දැකීමෙන් දන්නවා බන්ධනාගාර ගත උනාට පස්සෙ ගොඩක් අය යහපත් වෙන බව. ඒ කාරණා වලදි සමහර වෙලාවට මට තරහ ඇවිල්ල තියෙනවා බන්ධනාගාර ජේලර්වරු වගේ අය එක්ක, මොකද අර රැඳවියන්ට හරියට සලකන්නෙ නැති නිසා. ඒව අන්තිමට බන්ධනාගාර භාර ඇමති ගාවටත් ගෙනිච්චා..

කෙනෙක් බන්ධනාගාර ගත වෙන්නෙ පැහැදිලිවම කර්මයකට. සමහරවිට මේ ජිවිතයේ නොකරපු වරදකට. ඒත් කලින් කරපු වරදකට වෙන්න පුලුවන්. ඒක තමයි ලෝකෙ හැටි.
අපි හිතනව මේ ජිවිතයේ හොඳින් හිටියාම හැමදේම හරි. මට කරදර වෙන්නෙ නෑ කියල. එහෙම නෑ. අප්‍රමාණ සංසාරයේ අපි නොදැන කරපු වැරදි තියෙන්න පුලුවනි. ඒව එකපාරටම විපාක දෙන්න පුලුවනි. කොයිතරම ඉහල තත්වෙක හිටියත් ඒක එහෙමම වෙනව.
අපේ රටේ දේශපාලකයෝ වගේ අයගෙ වැරදි නිසා සාමාන්‍ය ජනතාව වැඩිය කර්ම ඵල විශ්වාස කරන්නෙ නැති තත්වයක් තාම තියෙනවා. හැබැයි ඒවගේ චරිත අද වැජඹිලා ඉන්නෙ දෙවිවරු ආශිර්වාද කරල නෙමෙයි, තමන්ගේම පෙර කර්ම ශක්තියේ හැකියාව අනුව කියල තේරෙන්න ඕන. ඒක ඉවර උනු ගමන් වෙන දේවල් එයාලවත් දන්නෙ නෑ. මොකද එයාල පින භාවිත කරන්නෙ වැරදි කරන්න නිසා..

ඒව තේරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. හිතන්න පුරුදු වෙන්න ඕන.
ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක හරි මගට එන්න පුලුවන්. වැරදි මගට වගේම. කෙනෙක් ඒක පොඩි කාලෙ ඉදන් කරාවි. තව කෙනෙක් ඒක අවුරුදු 50දි කරාවි. අපි දකිනවා උපාසක අම්මල ඉන්නවා, තරුණ කාලෙ බණ පදයක්වත් අහල නැති. ඒත් දැන් හරියට පන්සල් එනවා. සමහර වෙලාවට උපහාසයටත් බඳුන් වෙනවා වයසට ගිහිල්ලා නෙමෙයි තරුණ කාලෙ මේව කරන්න පටන් ගත යුතුයි කියල. ඒත් වයසට ගිහින් හරි කමක් නෑ. පුලුවන් වෙලාවෙදි ජිවිතය ගැන හිතල, ධර්මය ගැන අවබෝධයෙන් හරියට වැඩ කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන..

හරි වැරදි හිතුවොත් මේ ලෝකෙ හරි කියන්න කෙනෙක්වත්, වැරදි කියන්න කෙනෙක්වත් නෑ. අපි හැමෝම වගේ සක්විති රජකම වගේම, අවිචියේ වැටිලා දුක් විඳලත් ඇති.. ඉතින් ලොකුකම් බොහෝම පොඩි කාලෙකට තියෙන හරයක් නැති දේවල්..
නිවන වෙනුවෙන් වැඩ කරන එකයි, අතහැරීමෙන් පුරුදු වෙලා ඒක අවබෝධ කරගෙන වැඩ කරන එකයි කල යුතු දේ හ්ම්...

#maytsh2018 #posonpoya2018 #poson #posonpoya

No comments:

Post a Comment