Tweets by @Tweetsbysuku myblog: සල්ලිද වටින්නේ කාලයද වටින්නේ ???

Facebook Fan Page

Saturday, October 14, 2017

සල්ලිද වටින්නේ කාලයද වටින්නේ ???

වටින්නේ - කාලය..
මොකද කාලය ගියොත් ගියාමයි.. ආයෙ මොන විදියටවත් ගන්න බැරි නිසා..

හැබැයි ඇත්තටම අතිබහුතරය මහන්සි වෙන්නේ ජීවත් වෙන්න තියෙන පොඩි කාලේ තමන්ගේ අය එක්ක සතුටින් ඉන්න කාලය ගත කරන්නද ?
නැත්නම් සල්ලි වෙනුවෙන් නැහෙනවද ?

වැඩියෙන් වටින්නේ කාලය නම්, ඇයි බහුතරය බස් වල යන්නේ ? ගොඩක් වෙලාවට අඩු තරමින් ත්‍රිවිල් එකකව‍ත් යන්නෙ නෑ ? ඒකෙන් සල්ලි ඉතිරි වෙනව තමයි.. හැබැයි කාලය වැය වෙනව....

හැමෝම රස්සා කරනව... රස්සාව හොඳ දෙයක්.
හැබැයි රස්සාව කියන්නේ සදාකාලික ප්‍රශ්න වලට තාවකාලික විසඳුම් දෙන දෙයක් කියල අවුරුදු කීපයක් රස්සා කරද්දි තේරෙනව..
උදේ 6-7-8 රස්සාවෙන් ගිහින් හවස/ රෑ 6-7 වෙලා ගෙදර එනව කියන්නේ දවසේ වැදගත්ම වෙලාවෙන් පැය 10-12ක් රස්සාව වෙනුවෙන් මහන්සි වෙලා.. වෙන අයගේ හීන වෙනුවෙන් තමන් කැප වෙලා.. හැබැයි ඒ වෙනුවෙන් ලැබෙන පඩිය, වෙන කැපවීමෙන් 10%ක්වත් ලැබෙනවද කියල හිතෙනව..
රස්සාවකදි වෙන්නේ තමන්ගේ හැකියාවට, කැපවීමට, උගත්කමට මහන්සියට වඩා අඩු වැටුපක් වැටෙනවා, ඒකට ආයෝජනය කරන්නේ තමන්ගෙම ජීවිතය..

ව්‍යාපාරයකදි අනුන්ගේ සල්ලි උනත් ආයෝජනය කරතෑකි. හරියට කරගත්තොත් ජිවිතයේ කාලය ඉතිරි කරගතැකි වැදගත් දේට..

ඉහලම ධනවත් වෙච්ච අය, ඒකියන්නේ සල්ලිකාරයො නෙමෙයි..
ධනවත් වෙච්ච අය යම් කාලෙක කැපවෙලා දැන් වැඩ කරන්නේ දවසටම පැය 1-2ක් ...
ගමනක් ගියත්, සල්ලි බැංකුවට එනව.. ඒනිසයි කියන්නේ බිල්ගේට්ස් අතින් ඩොලර් 100ක් වැටුනත් ඒක අහුලන්න මහන්සි වෙන වෙලාවෙදි ඊට වඩා උපයනව කියල...
ආර්ථික නිදහස = කාලය ... පවුලෙ අය, යාළුවො එක්ක විඳින්න තියෙන ජිවිත කාලය...

#octtsh2017 #lk #srilanka

No comments:

Post a Comment