Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, October 20, 2017

අපි දන්න විශ්වාස කරන විදියට, කේන්දර කියල කියන්නෙ ජිවිතේ හොඳට, යහපත් පැත්තට ගෙනියන දෙයක්. බය කරන්න, හිත නරක් කරන්න තියෙන දෙයක් නෙමෙයි...🙂
සාත්තරකාරයොයි, ජ්‍යොතිෂ්‍යය පන්ති ගිහින් ඉගෙන ගත්ත අයයි මිනිස්සු බය කරන්න තමයි මේක පාවිච්චි කරන්නෙ. අන්තිමේ වෙන්නෙ ජ්‍යොතිෂ්‍යය කියන දේ ගැන වගේම, තමන්ගෙ ජිවිතේ ගැනත් කලකිරිමක්, එන එක.. අතිබහුතර කේන්දර කරන අය එහෙම නිසා... ඊට මීට වඩා හොඳයි කේන්දර කියන දේ අමතක කරලා තමන්ගෙ වැඩ කරගන්න එක....

_ තව කොටසක් දේවාල වලට යනවා මහ පුද පූජා දේවල් අරගෙන, පඬුරු තියාගෙන හැබැයි කරන්නෙ සදාචාරයට විරුද්ධ වැඩ. කරන්නෙ පව්කම්, හිතේ තියෙන්නෙ අයහපත...
ඉතින් ඒ මෝඩ මිනිස්සු 😲 හිතනවා, තමන් අද මේ ඉහල තත්වෙ ඉන්නේ දෙවිවරු ආශිර්වාද කරල කියල.. (ඒක ඒ අයගේ කර්ම ශක්තිය. අද හොදට හිටියත් දවසක ඕව ඵල දෙනව)

★ ඒ අය තේරුම් ගන්න ඕන දේ තමයි, පව්කාරයන්ට දෙවිවරු ආශිර්වාද නොකරන බව... දෙවිවරු කියන්නෙ මිනිස්සු වගේ වරප්‍රසාද වලට රවට්ටගන්න පුලුවන් කොටසක් නෙමෙයි,
පලවෙනි බුදුන්වහන්සේගෙ කාලයේ සෝවාන් වෙච්ච දෙවිවරු පවා දේව මණ්ඩලයේ ඉන්නවා. දේව මණ්ඩලයේ හැම ආගමේම දෙවිවරු ඉන්නවා, හැබැයි සර්වාගමික පූට්ටුවක් නෙමෙයි දේව මණ්ඩලය. දෙවිවරු ධර්මයට ගරු කරනව. ධර්මය රකිනව.
දේව මණ්ඩලය සර්ව බලධාරිත් නැහැ.

★ ★සමහර අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මේ වැරදි වෙද්දි දෙවිවරු බලාගෙන ඉන්නෙ කියල, උදාහරණයකට ගණ දෙවියන්ව පෙන්නගෙන මහා ව්‍යාපාරයක් තියෙනව. ඒක කරන චරිතය මහ ධනවතෙක් දැන්. ඔහු ලියපු එක පොතක තියෙනවා දැක්කා ඕනෑම දේවාලයක දෙවි කෙනෙක් විනාඩි ගාණෙන් යාළු කරගන්න හැටි 😂
කොටසකගෙ ප්‍රශ්නය තමයි ඇයි ගණ දෙවියො මොකුත් නොකරන්නෙ කියල..
- ඒක තමයි කියන්නෙ දෙවිවරු කියන්නෙ මිනිස්සු වගෙ හිතන අය අය නෙමෙයි කියල. ගනේශ්වර දෙවියො ඕකට සම්බන්ධත් නැහැ. දෙවියන්ගේ පරිවාර සේනාවක ඉන්න කොහේ හරි කොනක ඉන්න ප්‍රේතයෙක් හරි භූතයෙක්ගෙ හරි සම්බන්ධයක් ඇති.
හැබැයි කාගෙවත් කර්මය වෙනස් කරන්න දෙවිවරු වැඩ කරන්නෙ නැහැ. කරන දෙයක්, ආශිර්වාදයක් හෝ කර්ම විපාක ලබාදිමක් කරන්නෙ අදාල අයගෙ කර්ම ශක්තියට අනුකූලවයි..
(පහුගිය කාලෙ දිගටම බලයේ ඉන්න දඟලපු සියලු භෞතික බලය තිබ්බ අයටත් තමන්ගේ පින ඉවර උනාම යන්න උනා).‍
( මනම්පේරී ඝාතනය උනේ කතරගම දේවාලේ අල්ලපු වැටේ, ඉතින් කතරගම දෙවියන්ගේ දේවත්වය ගැන සමහර අය ප්‍රශ්න කරනවා. තේරුම් ගන්න තියෙන දේ තමයි බලවත් කර්ම ශක්තියක් ඵල දෙන්න තියෙනකොට දෙවියන්ට තියා බුදුන්වහන්සේ වැඩ හිටියත් සමහරවිට කිසිම උදව්වක් කරන්න බැහැ).
( සමහර සිද්ධි තියෙනවා අපි නොහිතන විදියට මිනිස්සු මැරුණු. ඒව හරියට හොයල බැලුවාම තේරුනු දේ තමයි ඒ වෙලාවල ඒ අයගේ ඉෂ්ට දෙවිවරුන්ටවත් කිසි දෙයක් කරගන්න බැරි වෙලා තියෙනවා - ඒ කර්ම ශක්තිය)

තව අය කියනවා දේවාලේ කැටය ගාව CCTV. මිනිස්සු දේවාලෙට ගිහිල්ලා හොරු ගැන අහද්දි, දේවාලේ කපු මහත්තයා දේවාලේ හොරකම් වලට යන්නේ පොලීසියටලු.
කතාව ඇත්ත, ඒත් තේරුම් ගන්න උවමනා දේ තමයි දෙවිවරු දේවාල අස්සේ ඉන්නේ නැති බව. දෙවිවරු කියන්නේ අපිට වඩා මනසින්, කර්ම ශක්තියෙන් දියුණු, දහම දන්න පිරිසක්. දේවාල වල ඉන්න අතිබහුතරයක් කපු මහත්තුරු කියන අය අදාල දෙවියන් ගැනවත් දන්නේ නැති බව අත්දැකීමෙන් දැකල තියෙනව.

( ගිය අවුරුද්දෙ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න ගියාම, එතන පටන් ගන්න තැන ඉදන් අවසාන වෙනකම් හිටිය හැම කපු මහත්තයම සුමනසමන් දෙවියන් ගැන කියන්නේ සේවාන් කියල. සුමනසමන් දෙවියො සෝවාන් කියල තියෙනවා පොත් වල. හැබැයි දැන් සුමනසමන් දෙවියො සකෘදාගාමි🙏 .
ඉතින් තේරුම් ගන්න ඕන දේ තමයි කපු මහත්තුරු කියන අතිබහුතරය පරණ සම්ප්‍රදාය විදියට දේවල් කරන්න දැනගෙන හිටියට භාවනාව වඩලාවත්, අධිෂ්ඨාන ශක්තියකින් දෙවියන්ට පින් දීලාවත් දෙවියන් ගැන දන්නෙ නෑ. සමහර වෙලාවට ඒ අයගෙන් ලාභ ලබන්න කැමති ප්‍රේත - භූත වගේ මහත් අමනුෂ්‍ය ආත්ම තමයි එයාලටත් දෙවියෝ වගේ පේන්නෙ.. ඒක එයාලගෙ දෙයක්.. දෙවියන්ට අපහාස කරාම ඒවට තමන්ට අකුසල් සිද්ධ වෙන බව මොලේ තියෙන කෙනෙක් තේරුම් ගන්න ඕන. නැත්නම් අර මොකක්ද ආසාවකට වගේ දෙවිවරු මෙහෙමයි කිය කිය කැත විදියට අපහාස කරාට දෙවියො ඕව හොයන්නෙ නෑ. හැබැයි තමන්ට අකුසලය වෙනව.🙁
දේවාල පවත්වාගෙන යන්නත්, ඒවයේ ඉන්න අය පවතින්නත් ආධාර කරන එක වරදක් නෑ) දෙවිවරු නෙමෙයි ඔය පඬුරු, පූජා වට්ටි, වැදුම් පිදුම් වලට කැමති වෙන්නෙ ආසා වෙන්නෙ... ප්‍රේත, භූත වගේ කොටස් තමයි කැමති. දෙවිවරුන්ගෙ අධ්‍යාත්මික ශක්තිය බොහොම දියුණු නිසා ඔය වගේ දේවල් වලින් වෙනස් වෙන්නෙ නෑ.😉

දෙවිවරු කැමති කරන පිනකදි තමන්ටත් පින් අනුමෝදන් කරනවට, හැබැයි හිතන්න එපා දෙවිවරු යැපෙන්නෙ අපි දෙන පිනෙන් කියල නම්... ☺😊
හ්ම්..
#octtsh2017

No comments:

Post a Comment