Tweets by @Tweetsbysuku myblog: Game of Thrones ...

Facebook Fan Page

Monday, August 28, 2017

Game of Thrones ...

අපෙ දිනිති අක්කා දාලා තිබ්බා මේක බලද්දි නින්ද යනව කියල ලගදි.. එතනදි අපෙ මනෝරම අයිය දාලා තිබ්බා බලන අය ඇවිත් මොනවද කියාවි කියල..

Fiqri අයිය ඉන්න සුන්දර - අවබෝධය පිරි ලෝකෙට මේ කතාව අදාල නැහැ මට හිතෙන්නෙ..
මම මුලින්ම සීසන් 01 බලල එපා උනා.. ඊටපස්සෙ අවු 2කට විතර පස්සෙයි ආයෙ බලන්න ගත්තෙ..
මටත් හිතෙනවා හිතද්දි මොකක්ද වටිනාකම කියල..
මම කැමති දේවල් වල ඉස්සරහින්ම තියෙන දෙයක් තමයි #ඉතිහාසය .. හැබැයි මේ කතාවේ තියෙන්නෙ අපි දන්න ඉතිහාසයක් නෙමෙයි.. ඒනිසා ඒක වෙන්න බැහැ.. ඒ අතර හිතුවා මුල ඉදලම කතාවෙ මොකක්ද තියෙන්නෙ කියල..

මේ කතාවෙ තියෙනවා නොහිතන විදියට/ හරි අප්‍රසන්න විදියට අපි කැමති අයව එකපාරට මරලම දානවා..
ඒ කියන්නේ ලෝකයේ හැමදාම වගේ තියෙන දෙයක් තමයි #අවිනිශ්චිත බව.. මේ කතා මාලාවෙ ඒක ඕනවටත් වඩා හොඳට තියෙනවා..
ඒවගේම ලංකාවෙ දේශපාලනය එක්ක බැඳුනු රාජ්‍ය සේවය ගැන හිතද්දි, ඒ අත්දැකීම් එක්ක ගැලපුවාම මේ කතාවෙ තියෙන ඒව සෑහෙන්න උදව් කරනවා - දේවල් තේරුම් ගන්න .. ඒකත් මූලික හේතුවක්..

- අපි නිදිමරාගෙන උනත් මේක බලනව.. 😂

#GOT #Gameofthrones #winterishere

No comments:

Post a Comment