Tweets by @Tweetsbysuku myblog: #විහිළු

Facebook Fan Page

Wednesday, August 30, 2017

#විහිළු

1 - රටේ පාලනය විවේචනය කරන අය හැමදාම වීරයන් මෙන් විවේචන පමණක් කිරීම.
2 - සමූපකාර ඡන්දයක් දිනාගන්නට බැරි අය අපිට දේශපාලනය උගන්වන්නට උත්සහ කිරීම|


1
හැමදාම ලංකා දේශපාලනය අවුලේය. ඒක මතක ඇති කාලෙක ඉදන් එහෙමය. හැබැයි එක කොටසක් රටට අතිමහත් ආදරයක් දක්වන අතර, කරන්නේ විවේචනම පමණය..
රටට සැබෑවට ආදරේ නම් කල යුත්තේ, වැරදි නිවරදි කරන්නට කටයුතු කිරීමයි. කල නොහැකි නම්, රටට පැවැත්මක් නැත්නම් වෙන රටකට යෑමයි...
බුද්ධ දේශනාවේ පරිදි, අපිරිසිදු ජල බඳුනකට දිගටම පිරිසිදු ජලය වත්කල විට පිරිසිදු වෙයි..
වැරදි හදාගත යුත්තේ, ඒ තුලම ගොස් හරි දෙය කිරීම මත මිස, විවේචන පමණක් කිරීමෙන් නොවේය.. රට හදන්නට, හැදෙන්නට තමන්ගේ සිට 1 ගානේ හදාගත යුතුය.. ජනතාව හොඳ නම් පාලකයෝද අනිවාර්යෙන්ම හොඳ වෙති. ජනතාව ආත්මාර්ථයට වැඩියෙන් බර වූ විට, කපටි පාලකයෝ ඒ තරම දැනගෙන සැබෑවට නැතත් අපිට පේන්නට සැප විඳිති..
( මට දේවල් කියන අයගෙන් අතිබහුතරය සැබෑවටම මට හිතෛශීවන්ත වීම නිසා කියන බව සැබෑය - රටට යහපතක් කිරීමේදි මඩ - කරදර සාමාන්‍ය දේවල් විය යුතුය - මඩ ගැන බිය නැතත් අවු 20කින් විතර දරුවෙක් ඇවිල්ලා රටට මොනවද කලේ අහද්දි නිරුත්තර වන්නට සිදුවේ නම්... අන්න ඒකට අකමැතිය)

2
සමහර අයෙකුට සමූපකාර ඡන්දයක්වත් දිනාගන්නට හැකියාවක් නැත.. හැබැයි අපිට දේශපාලනය උගන්වන්නට, අරක මේක කරන්නේ මෙහෙමයි කියන්නට පුලුවන් තරම් උත්සාහ දරති. කැපීපෙනෙන්ට වැඩ කරති..
හැබැයි වැඩක් ආවාම කල දේකුත් නැත, අඩු තරමින් දන්න දේකුත් නැත.
එවන් අය කල යුත්තේ මුල සිට රටේ ඉතිහාසය ඉගෙනීමයි. රජවරුනගේ කාල වල සිට සිදු වූ දේ සොයා, ඉන්පසුව දේශපාලන සිද්ධීන්ද සෙවීමයි..
වයස ගියත් දේශපාලනය නොදන්නා prematured අයගේ ඒවා ඇත්තටම විහිළුය...

#augtsh2017 #slpolitics

No comments:

Post a Comment