Tweets by @Tweetsbysuku myblog: Selfish Turds ...

Facebook Fan Page

Wednesday, July 13, 2016

Selfish Turds ...

ඉස්සර කාලෙක කරපු බිස්නස් එකකදි දැනගත්ත අයිය කෙනෙක් ඉන්නවා.
එයා ටියුබ් ලයිට්.. දෙයක් කිව්වම එකපාරට තේරෙන්නෙ නෑ. මෝඩ ප්‍රශ්න අහ අහා ඉන්නවා ඉතින් බිස්නස් සාකච්ඡා වලට ගියාම මෙයාගෙ ප්‍රශ්න නිසාම පැය 2-3 පැය 4කටත් එහා යනව..
හැබැයි එහෙම අහල කොහොම හරි තේරුම් ගන්නවා කියන දේ...
එකපාරට දේවල් තේරුනු අපිට බැරි උනාට, ඒ අයිය බිස්නස් එකෙන් මිලියනයක් හෙව්වා මාස 2ක් යන්න කලින්.. ඒක දක්ෂකම..

ඉතින් කෝම හරි එයාව මුණ ගැහෙනවා සමහර වෙලාවට අතින් කටින් එල්ලගෙන යනවා කොල්ලුපිටියෙදි එහෙම හවසට, වයිෆ් එනවා පස්සෙන් හෑන්ඩ් බෑග් එක විතරක් තියාගෙන..

එයාට මාව මතක නෑ. එකපාරක් ක්ලික් උනා අපෙ පවුල් වල කෙනෙක් ඇමති උනාම. ටෙන්ඩරයක් පාස් කරගන්න මට කතා කරල තිබ්බා. මම ඔය ඉල්ලීම් නිසා මාස 3ක් විතර ෆෝන් එක ඕෆ් කරලත් තිබ්බ..
පස්සෙ මේ ලගදි දැකල මම එක කාණ්ඩෙකට හදල දුන්නු ලක්ෂ 1 හමාරකට වඩා සෙනග ඉන්න පේජ් එකක්.. ඒ අය මං මුලින්ම සෝෂල් මිඩියා කරා කියල පෝස්ට් එකක දාලා තිබ්බා.

ලගදි මට මසේජ් කරනවා, අර පේජ් එකේ අයට කියන්නලු, එයා ලගදි ඇරපු රෙස්ටුරන්ට් එකේ පේජ් එක ෂෙයා කරන්න කියල..
එයාගෙ වචනේ "bro could u do me a small favor " ..

ලක්ෂ 1 හමාරකට වඩා සෙනග ඉන්න, සතියකට මිලියනයකට ලං වෙන්න බලන පේජ් එකක ලින්ක් එක ෂෙයා කරන එක පොඩි උදව්වක් එයාට.. හැබැයි එයා බේතකටවත් අපි කියලවත්, අපිට උදව්වකට අපි කරන, සර්විස් දුන්නු පේජ් එකකට ලයික් එකක් දීලා නෑ..

- මෙහෙම මිනිස්සු ඉන්නව... ගානට දන්නවා වැඩේ කරගන්න නම් කොහෝම හරි.. බිස්නස් කලත්, වෙන දෙයක් කරත් වැඩේ කරගෙන ගේම ගහගෙන ඉන්න දන්නවා. ආත්මාර්ථකාමිකමේ උපත..
මනුස්සයෙක්ට සත 5කින් උදව්වක් කරන්නෙ නෑ. පුලුවන් තරම් තමන්ටම කරගන්නවා...
හැබැයි උන්ටම හරි යනවා...

- ඒක ලෝකෙ හැටි... එහෙම අයට වරදිනකොටත් උන්හිටි තැන් නැතිවෙනව අත්දැකීම් අනුව...

- අපි දැන් ඔය ගැටීම් වලින් අයින් වෙලා පාඩුවෙ ඉන්න බලන්න ඕන හ්ම්...

#julyhithenadewal2016‪

No comments:

Post a Comment