Tweets by @Tweetsbysuku myblog: හාමුදුරුවරු

Facebook Fan Page

Tuesday, July 12, 2016

හාමුදුරුවරු

#‎හාමුදුරුවරු‬ තේරුම් ගන්න ඕන, අපි කවුරු මොන තත්වෙට ගියත්, ‪#‎ජනාධිපතිකම‬ ඇතුළු හැමදේම පොඩි සාමනේර හාමුදුරු නමකට යටයි...

මහ අධිරාජ්‍යයෙක් වෙච්ච ‪#‎ධර්මාශෝක‬ රජතුමාගෙ හිත වෙනස් වෙන්නෙ නිග්‍රෝධ සාමනේර හාමුදුරුවො දැකල..

- අද ඉන්න සමහර හාමුදුරුවරුන් තමන් තුල තියෙන ඒ ගුණ වලට විශේෂයෙන් සිලයට තියෙන තැන තේරුම් අරගෙන නැහැ...
රටට වින කරපු, කරන දේශපාලකයන්ට කඩේ යනවා...
අපි බෞද්ධ නිසා බුදුන් සරණ යායුතු උනත්, චීවරය දරන ගමන් සමහර හාමුදුරුවරු බලයට එන්න දඟලන දේශපාලන නායකයන්, බලය තියෙන අය කියන අය සරණ ගිහිල්ලද කියලත් හිතෙනව.. ඒ තරමට ඒ තත්වෙට වැටිල..

- ලංකාවේ හාමුදුරුවරු අන්තිමට හොයන කොටත් හිටියෙ 28,000ක් විතර...
ජනගහණයේ හැටියට බොහෝම මදි...
ගිය ආණ්ඩු කාලේ පන්සල් 490කට වඩා වැහුනා.. පන්සල් වල හාමුදුරුවරු අඩුයි...
පවුලකට ඉන්නෙ දරුවො 1-2යි.. ඉතින් ශාසනේට පූජා කරන්න දරුවෙක් දෙන්න ලෝබයි...
ඔය මොනව උනත් බුද්ධ ශාසනේ ලංකාවෙ නැතිවෙන්නෙවත්, ලංකාවෙන් අපේකම් නැති වෙලා වෙන ආක්‍රමණික කවුරුවත් ඇවිල්ලා අපිව අල්ලගෙන රට යටත් කරගන්නේවත් නැහැ..

රට ධර්මය ගැන හැඟීමක් ධර්මය පිලිපදින්න ඕන බහුතරයකට නැති නිසා(දැන් නායකයොත්, කලින් නායකයොත් 2ලම, හාමුදුරුවරු ඇතුලත්ව), අපිටත් හිතෙනව අපේ අවසානය වෙන්න පුලුවන් කියල...
- ඒත් ඒ පේන දේ... පේනදේට වඩා නොපෙන දේ හිතාගන්නත් බැරි තරම් තියෙනව...

- සම්බුද්ධ ශාසනය රකින, රට රකින දෙවිවරු ඉන්නවා.. පලවෙනි බුදුන්ගෙ කාලේ සෝවාන් වෙච්ච දෙවිවරු අදටත් වැඩ ඉන්නව..
මෛත්‍රී බෝධිසත්වයන් බලාගෙන ඉන්නවා.. සතර බ්‍රහ්ම රාජයන් වැඩ ඉන්නව, ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්නවා, මෛත්‍රි බෝධිසත්වයන්ට පස්සෙ බුදු වෙන්න ඉන්න ශ්‍රී නාථ දෙවියන් වැඩ ඉන්නව.. ඒවගේ හැමදාම ශාසනේ රැකපු දෙවිවරු ඉන්නව..

වෙලාවට දෙවිවරුන්ගෙන් පූජා වට්ටි වලින්, දේවාලෙට කපු මහත්තයට දෙන සල්ලි ප්‍රමාණයෙන් ආශිර්වාද ගන්න බැහැ..
බුදු දහම විනාස කරන්න මූලිකව කටයුතු කරන වෙන ආගමක් කියන මහමෙව්නා නමින් තියෙන බොරුවත්, පිටිදූවේ සිරිධම්ම කියන ශ්‍රමණ වේෂක ප්‍රතිරූපකයත්, බුදුන් ලංකාවෙ ඉපදුනා කියන බොරුවත් සියල්ල නැති වෙනව..

ඒනිසා රටටවත්, ශාසනයටවත් වෙනම හානියක් වෙන්නෙ නැහැ..
තම තමන්ගේ කුසල - අකුසල විපාක මිසක්...

- කාලය ඉස්සරහට හැදෙන්නෙ හැමදේම ධර්මයට ඔක්කොම යොමු කරන්න.. මේ තරම කරදර වෙන්නෙ ඒ නිසයි... තමන්ගෙ කුසලාකුසල විපාක එක්ක.

‪#‎july2016tsh‬

No comments:

Post a Comment