Tweets by @Tweetsbysuku myblog: මල් පූජා කිරීම ගැන...

Facebook Fan Page

Thursday, June 18, 2015

මල් පූජා කිරීම ගැන...

මේ දවස් වල Romantic අදහස් පහල වන්නේ නැත.
Job කරන අයට වගේ හොඳින් කරන්නට, හෝ ටාගට් කවර් කරන්නට ඇත්තේද නැත.
වැඩක් විශේෂයෙන්ම කරන්න හිතෙන්නේත් නැත. කරපුවා කරගෙන යනවාය..
එක ලොකු තැනක එකෙක්ගේ ලොකුකම වැඩි නිසා ඊට වඩා හොදින් මගේ වැඩේ කරගෙන යනවාය..

මේ දවස් වල හොඳින්ම කරන වැඩේ නම්, බුදුන් වඳින්නට මල් හොයන එකය... හිතට සැනසීමක් ලැබෙන්නටද හොඳ දෙයකි - මල් පූජා කරලා වඳින එක... හ්ම්..
ගාල්ලෙ වගේ ලේසියෙන් මල් හොයන්න කොළඹදි බැරිය...
එක්කෝ සල්ලි වලට ගන්න ඕනය.. නැත්නම් මහන්සි වෙලා ගේන්න ඕන...

සුදු මල් නම් ගොඩක් තැන්වල තිබුනත්, විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් සියලු බුදුවරුන්ට පූජා කරන නිල් මල්(නිල් කටරොඩු), ලක්ෂ්මි මෑණියන්ගේ, තාරා මෑණියන්ගේ නාමයෙන් සියලු බුදුවරුන්ට පූජා කරන කහමල් ආදිය පවා සොයාගන්නට අමාරුය.. - ඒක දුකකි.. හ්ම්..

ඉතින් අනුරාධපුරේ ගියත් පාට පාට මල් අරගෙන එනවාය..
ගමේ ගියත් වෙනම පෙට්ටියක් ගෙනිහින් මල් ගේනවාය...

අද බුද්ධ පූජාවට එළකිරි හොයාගන්න ගිය වෙලේ කහ මල් ගොඩක් තිබුනා දැක, ඒ ගෙදර වයසක අංකල්ගෙන් මල් කඩාගන්නද ඇහුවාම හා කිව් නිසා සතුටින් මල් කඩා ගත්තෙමි..
ඒ අංකල්ට තෙරුවන් සරණ පතලා ආවෙමි... ඉතින් හිතට සතුටුයි.. අනුරාධපුරේදි කෑමට අමතරව නිල් මල් 200ක් විතර ගේන්න ලැබුනු එකත් සතුටකි.. හ්ම්..

බුදු පුදට මල් වවන සියලුදෙනාට තුනුරුවන්ගෙ ආශිර්වාදය දෙවි රැකවරණය ලැබේවා !

පහුගිය කාලෙ මම හරියට නොකල වගේම කරන්නවත් නොදැන හිටිය මල් පූජාව දැන් හොඳට දන්න කෙනෙක් වගේ කරන්න ලැබෙන එක හොද දෙයක් වෙන්න ඕන... දහම් පාසල් ගිය කාලෙත් ගෙදරදි මල් එක හදාගෙන ගියා මිසක් මල් වට්ටියක් හදාගන්න මට පුලුවන් කමක් තිබ්බෙ නැ. දැන් පුලුවනි... හ්ම්..
https://www.facebook.com/hithenadewal/posts/686647068134198

No comments:

Post a Comment