Tweets by @Tweetsbysuku myblog: මහින්ද මහත්තයගෙ කතා..

Facebook Fan Page

Saturday, June 6, 2015

මහින්ද මහත්තයගෙ කතා..

අපේ මහින්ද මහත්තයා/Mahinda Rajapaksa දැන් කියනවා....

“ දෙවියන්ට විතරලු“ කියන්න තියෙන්නේ...

එතුමගෙ දැනුමෙ තරමට... දෙවියො කියන්නේ ලොකු පූජා වට්ටියකට කැමති වෙන, වැඩි ගානක් පඬුරු වශයෙන් දුන්නම ඒකට ආසාවෙ තමන්ට ආශිර්වාද කරනව කියල හිතාගෙන වෙන්නැති...

දෙවියො කියන්නෙ අධ්‍යාත්මික ගුණය අතින් අපිට වඩා බොහොම දියුණු පිරිසක්.. දේව මණ්ඩලයේ මාර්ග ඵලලාභි දෙවිවරුත් සෑහෙන්න ඉන්නවා. අපේ බුදුහාමුරුවො විතරක් නෙමෙයි ඊටත් කලින් බුදුවරුන්ගෙ කාල වල හිටිය දෙවිවරු ඉන්නවා...
දෙවිවරු ධර්මය දන්නවා... දෙවිවරු තමයි දහම රැකගන්න කටයුතු කරන්න...

මහින්ද මහත්තයා ගියේ දහම රකින ගමනක නෙමෙයි... දහමට පිටුපාලා තමන්ගෙ හෙංචයියන්ට වැඩ කැමති විදියට කරන්න දුන්නා...
පින ඉවර වෙද්දි, විපාක පටන්ගෙන...
දෙවියන්ගේ තීරණය වෙනස් වෙන්නෙ නෑ මහින්ද මහත්තයෝ... ඒ බව ඉදිරි මාස කීපයෙදි කාටත් දැනගන්න ලැබේවි...
එදාට පරක්කු වැඩි වේවි... පුලුවන් විදියට දන්න භාෂාවෙන් අපහාසයක් නොවෙන්න උපරිම වශයෙන් මහින්ද මහත්තයගෙ අනුගාමිකයන්ට, එහෙම හිතාගෙන ඉන්න අයට කිව්වත්... ඇහුවෙ නෑ නේද කියල තේරේවි...

No comments:

Post a Comment