Tweets by @Tweetsbysuku myblog: අපේ රට සහ ඉදිරිය ගැන හිතෙන දැනෙන... හැඟෙන හැටියට...

Facebook Fan Page

Monday, June 1, 2015

අපේ රට සහ ඉදිරිය ගැන හිතෙන දැනෙන... හැඟෙන හැටියට...

අපෙ DS අයිය ලගදි දවසක කියල තිබ්බ සිංහල ජාතියට ඉස්සරහට කරදර වැඩිවේවි කියල...
එහෙම අපිටත් නොහිතෙනව නෙමෙයි.. හැබැයි ඉතිහාසයේ ගත්තම ඊට වඩා අමාරු තැන් අපි
පහුකරල ආපු අය...

දැන් පවතින තත්වෙ අනුව හිතුවොත්... දැන් රටේ පාලකයා අපෙ ජනාධිපතිතුමා පින් ඇති කෙනෙක්. අගමැතිතුමත් එහෙමයි. පින ඉදිරියට තියෙන අය...
ඒ අනුව මේ ක්‍රමය ඉදිරියට යනවා. වෙච්ච වැරදි හදාගෙන යනවා. තාම දේශපාලන සංස්කෘතියේ අවුල් නිසා හරියට පැහැදිලි නෑ ගමන..
මහින්ද මහත්තයගෙ පින ගෙවිල ඉවරයි.. ආයෙ ඒමක් නෑ.. අඩුතරමින් ඡන්දෙකටත් එන්න ලැබෙන එකක් නෑ... (ඒකාලෙ වෙන රටවල අය පවා අහද්දි මහින්ද මහත්තය කියල තියෙනවා අද ඉන්න තත්වෙට හේතුව පක්ෂය හැර නොයාම කියල, මූලික කාරණයක් විදියට... ඉතින් වෙන පක්ෂයක් හදාගෙන දෛවයේ සරදමකට ලක් වෙන එකක් නෑ කියල මට හිතෙනව)

අන්තවාදිත්වය සහ ජාතිවාදිත්වය කතා කලොත් කවුරුත් කැමති සතුටින් සැපෙන් ඉන්න.
අපි දන්නවා කොළඹ ඉන්න මුස්ලිම් අය නෙමෙයි කාත්තණ්කුඩි ඉන්නෙ. අමුතු අය. වාහනයක යන්න බෑ ඒ පාරවල... නීතියක් නෑ. හෙල්මට් නෑ. පොලිසියටත් වැඩි බලයක් නෑ. ඒව ඒ ඒ අයගේ වැඩ.
හැබැයි ඒව එහෙම උනත් එකක් පෙන්නලා තව එකක් කරන පාලනයකට වඩා මෛත්‍රි පාලනේ දියුණුයි.
ඒනිසත් රට රකින දෙවිවරු නිසත් ඉදිරියට මේ සියලු ප්‍රශ්න ක්‍රමිකව විසඳෙනව..
අන්තවාදිත්වයේ මූලික තැනකට නේපාලෙට වෙච්ච දෙයක් වෙන්නත් ඉඩ තියෙන අතර ඒකත් අන්තවාදිත්වය අඩු වෙන්නත් හේතු වෙන් පුලුවනි.

මේ රට වාසනාවන්තයි... දෙයියන්ගෙ බුදුන්ගෙ රට... 1 වෙනි බුදුවරයාත් වැඩිය මේ රටට, අපිට වින කරන්න ලේසි නෑ... වෙන රටවල ඒකාධිපති පාලකයෝ අවු 30-40 ඉද්දි අපෙ එහෙම නොවෙන්නෙ ඒකයි...
යටින් තියෙන්නෙ අදටත් වඩා අමාරුවෙන් අපි හිටපු කාල ගැන මතක ටිකක්...
____
* 01) 5 වෙනි මහින්ද රජ එක්ක අනුරාධපුර රාජධානිය ඉවර වෙනව... එතුමා බීමතින් හිටිය පුදුම ස්ත්‍රි ලෝලත්වයක් තිබ්බ, රටේ ආර්ථිකය විනාශ කරපු කිසි දෙයක් නොදන්න කෙනෙක් කියල තමයි ඉතිහාසයෙ දැක්වෙන්නෙ...
ඊට පස්සෙ එතුමාගෙ පුතා 6වෙනි කාශ්‍යප පටන් ගන්නවා(*) එතුමා වික්‍රමබාහු නමින් තමයි මුලින් පටන් ගන්නෙ. අවාසනාවට ලෙඩ වෙලා මැරෙනවා --- ඊට පස්සෙ කීර්ති සෙන්පතිය
ඊටත් පස්සෙ මහලාන කීර්ති --- වික්‍රම පාණ්ඩ්‍ය -- ලෝකේෂ්වර එනවා...
ඊටත් පස්සෙ තමයි මුල ඉදල කීර්ති කුමාරය = මහා විජයබාහු රජතුමා...

* 02) තව එක අවස්ථාවක් තමයි, කෝට්ටෙ මහා රණශූරය වෙච්ච වීදිය බණ්ඩාර නැතිව කෝට්ටේ පාලනය පෘතුගිසින් දොන් ජුවන් ධර්මපාලගෙන් අරගනිමින් හිටි අවස්ථාව.
ඒකාලේ බලවත්ම පාලකයා උනේ සීතාවක රාජසිංහ රජතුමා... ඒත් අරිට්ඨ කී වෙංඩු වගෙ අය නිසා එතුමා බුද්ධාගමට හානි කලා...
සිංහලේ අනතුරේ තිබ්බේ.... රාජසිංහගෙන් පණ බේරගන්නත්, තාත්ත මරපු පලිය ගන්නත් පෘතුගිසි ගාවට ගිහින් එහේදි රොසලින් කියල කෙනෙක්ව බැඳපු කොනප්පු බණ්ඩාර...
කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ ඥාති පුතා වෙච්ච යමසිංහ බණ්ඩාර එක්ක උඩරටට ඇවිත් අල්ලගන්නවා... යමසිංහ බණ්ඩාර පෘතුගිසි කැප්ටන්ට ඔළුව පහත් කරගෙන ඉදීම ඉවසන්නෙ නැති කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාර මරල “ 1 වෙනි විමලධර්මසූරිය“ වෙනව..
අන්තිමේ තමන්ගේ පරණ ප්‍රේමය අමතක කරලා, දෝන කතිරිනා/කුසුමාසන දේවිව බැඳලා අපේ රටට අලුත් අලෝකයක්/පණක් දෙනව....

*03) කාලිංග මාඝ තමයි ප්‍රභාකරන් වගේ මහා විනාසයක් ලංකාවට කලේ. එදත් මානුෂීය මෙහෙයුම් තිබුන... කාලිංග මාඝ පරාජය කලේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි මූලිකව...

*04) 1815 උඩරට කැමැත්තෙන් දුන්න මිසක් යුද්ධෙන් දිනුවේ නෑ. ශ්‍රී වික්‍රමරාජසිංහ පිස්සු නටපු නිසා අන්තිමේදි ජනතාවම බලය සුද්දන්ට දුන්න..
ඒකෙත් ඉවසගෙන හිටිය 1848 වෙනකම්( අතරමැද තිබ්බා ඒව හරියට දැනුනෙ නෑ. 1818ත් එහෙමයි)

* 05) මෝගල් අධිරාජ්‍යයටත් ඕනකම තිබ්බා ඉන්දියාවෙත් සෑහෙන්න අල්ල ගත්ත වගේ ලංකාවත් අල්ලගන්න... ඒත් බැරි උනා... ඒකාලෙත් දුර්වල පාලනයන් තිබ්බෙ.. මූලිකව දකුණු ඉන්දියාව අල්ලගන්න බැරි උන නිසාත් අපේ වාසනාවටත් ඒක උනා...
___
‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬

No comments:

Post a Comment