Tweets by @Tweetsbysuku myblog: Shutter Island - රාජ්‍ය ත්‍රස්තවාදයේ පැත්තක් ගැන කතාවක්ද මංදා....

Facebook Fan Page

Tuesday, April 7, 2015

Shutter Island - රාජ්‍ය ත්‍රස්තවාදයේ පැත්තක් ගැන කතාවක්ද මංදා....

Crazy ppl r the perfect subjects.... They talk - Nobody Listens....
https://www.facebook.com/sukumal.harischandra/posts/10204994465975872

* Which would be worse, to live as a monster or to die as a good man?”
* World can only give reminders of what don't have, can never have, didn't have for long enough.”

“Charm was the luxury of those who still believed in the essential rightness of things. In purity and picket fences.”

“She died in a fire. I miss her like you... If I was underwater, I wouldn't miss oxygen that much.”
(Pain n imaginary combined.... interesting..)

“I think if a man beats you and fucks half the women he sees and no one will help you, axing him isn’t the least understandable thing you can do.”
- way u go... grin emoticon
something worth from a woman who's having critical psychological issue...

තාරුකට මට තේරෙන විදියට කියල දුන්නු විස්තරේ.....

Tharuka හ්ම්... ඒකෙ ඉංග්‍රිසි බරපතල වෙලා තියෙන්නෙ ගොඩක් තියෙන්නෙ මෙඩිකල් ඒවයි සයිකොලොජිකල් පැත්තට බර වචනයි නිසා... සමහරවිට බයිස්කෝප්.එල්කේ එකේ ඇති සිංහලෙන් බලන්න... එයාලගෙ හැමඑකම වගේ සාමාන්‍ය විදියට හොදට ට්‍රාන්ස්ලේට් කරල තියෙනවා..

කතාව ගැන කිව්වොත් සරලව, කතාව මෙහෙමයි... ලෝකෙ හැම ආණ්ඩුවකටම රාජ්‍ය රහස් කියල දෙයක් තියෙනවා.. ඒක රකින්න එයාල නොකරන දෙයක් නෑ..
මේකෙත් එහෙම දෙයක් යන්නෙ... නට්සිවාදි අය ජර්මන් කාරයෝ එයාලගෙ සිරකරුවන් වෙච්ච යුදෙව් අයව වෛද්‍ය පර්යේෂණ වලට අරගෙන තියෙනවා...
අපිට හිතාගන්න බැරි තරම් දියුණු වෙන්න සමහර ඒව කරල තියෙනව කියල කියනව... උදාහරණයකට වෙන ලෝක එක්ක සම්බන්ධකම් වගේ ඒව පවා...
ඒත් දිගට ගියේ නෑ.. ඒවගේම නට්සි අයගෙ විද්‍යාඥයින්ට විරුද්ධව කරපු වැඩ නිසා හොදම මොල එයාලට හිටියෙ නෑ..
ඇමරිකාවත් ඒවගේ කරනවා.. ලොකු රටවල්නෙ මිනිස්සු ඉන්නව...

මේකෙ අර Teddy Daniels (Leonardo DiCaprio) කියන්නෙ ඇමරිකාවෙ ෆෙඩරල් නිළධාරියෙක්... ලොකු බලයක් තියෙන කෙනෙක්...
එයා අර රහස් වැඩ හෙව්ව නිසා එයාටත් නොතේරේන්න එයාටම එයාව පිස්සෙක් කියල තේරුම් කරල දෙන එකයි කරන්නෙ...

එතනදි එයාල භාවිත කරන්නේ එයාගෙ අතීතයේ වෙච්ච අමතක නොවෙන ජිවිත බිඳ වැටීමේ සිද්ධි 2ක්...
1ක් තමයි නාසි කදවුර වටලල ඒකෙ හිටිය අයව ඇල්ලුවට මැරුණු අයව බේරගන්න බැරි වෙච්ච එක.. එතන දැක්ක අම්මත් දරුවත්.. හිමෙන් මිදිල හිටිය..
2 තමන්ගෙ බිරිද ගින්නකින් මිය යෑමත් ඒකට හේතු වෙච්ච කෙනා ජිවතුන් අතර සිටීමත් කියන කාරණය (බයිබලයේ එහෙම තියෙනවා ඇසට - ඇසක් කියල) ඒකියන්නෙ වරදක් කලාම දඩුවම් ලැබෙන්න ඕන කියල . ඉතින් ඒක හිතේ තියෙන්නෙ පලිගැනීමක් විදියට...

මනෝ විද්‍යාවෙදි ඉගෙන ගෙන තියෙනවා විභාගෙකට වගේ යනකොට අසාමාන්‍ය සිද්ධි ඒකියන්නෙ හදිසි අනතුරක්, තුවාල වෙච්ච අය වගේ අයව දකින්නෙ නැතිව සාමාන්‍ය විදියට යනව නම් හොදයි මොකද එහෙම දැක්කොත් ඒ මතකය දිගටම හිතේ තියේවි කියල...
මෙතනදිත් එහෙමයි නාසි කදවුරට ගිහින් දකින දේ ජිවිතේටම බලපානව...

අනික බිරිද... ප්‍රේමය කියන්නෙ තමන්ගෙ ආත්මයම ආදරේ කරන කෙනාට දෙන එකනේ... ඒ තරම ආදරයක් තිබිලා තරුණ කාලෙදිම නැති උනාම එතන ලොකු අවුලක් තියෙනව...
ඒ 2ම එකතු උනාම ක්‍රැක් එකක්... බිද වැටිමක් පෙන්නුම් කරනවා... ඒක තමයි ප්‍රයෝජනයට ගන්නෙ සම්පූර්ණව බිද වට්ටලා ලෙඩෙක් කරන්න....

එතනදි මූලික වෙච්ච කාරණා 2 සාක්ෂාත් කරගන්න, රාජ්‍ය බලය විසින්ම මෙයාට දෙන සහයකය වෙන අනිත් නිළධාරියව මෙයා දන්නෙ නෑ.. එහෙම උනාම විශ්වාසය නෑ..
අනිත් කාරණය කෑමටත්, වතුරටත්, බේත් වලටත් සිගරට් වලට පවා පිස්සු වට්ටන කංසා එකතු කරපු මත්ද්‍රව්‍ය එයාල දෙනවනේ... ඒකට ඉංග්‍රිසියෙන් කියන්නෙ Hallucination කියල... පිස්සු හදවන දෙයක්... තමන්ට අමුතු හීන පේන දැනෙන දෙයක්... සිංහලෙන් භ්‍රාන්තිය කියනව...
අර ගල් ගුහාවෙදි මුණ ගැහෙන දොස්තර නෝනා ඒව මෙයාට කියනවනේ...

ඒ අනුව පැහැදිලියි මේක ප්ලැන් කරල කරපු දෙයක් බව...
මේ විග්‍රහයට වඩා වෙන විග්‍රහ දෙන්න පුලුවනි... ඒත් රාජ්‍ය බලය එක්ක රාජ්‍ය ත්‍රස්තවාදය එක්ක මිනිසුන්ගේ අයිතින් උදුරගෙන එයාලට ඕන ඒව කිරිම ගැන තියෙන අත්දැකිම් අනුව මම හිතනවා පිස්සු වැට්ටුව... නැති දෙයක් ඇති කලා කියල...
තව ඔය භ්‍රාන්තිය කියන දේ මනෝ වෛද්‍යවරු කියන්නෙ හිතේ ඇතිකරගන්න දෙයක් කියල... එයාල හොල්මන් වගෙ ඒව විස්වාස කරන්නෙ නෑනේ...
ඒත් අපිට මේ මූවි එකේදි පේනවා ටෙඩිගෙ මැරුණු නෝනා ඇවිල්ලා කියන දේවල් ඒ විදියටම ඇත්ත වෙන බව... 66ක් කියල සංඛ්‍යා ලේඛන තිබ්බත් 67කුත් ඉදල තියෙනව...
මනෝ විද්‍යාව නොපිලිගන්න භූතාත්ම නොපෙනන ඒවා මම අත්දැකිමෙන් දන්න නිසා මම හිතනවා තමන්ගෙ සැමියට අධික ආදරේකින් මැරුණු බිරිද, මැරිලත් අවතාරයක් වෙලා සැමියව බේරගන්න උත්සහ කරනව කියල... ඒ කියපු ඒව ඒ විදියට උනා ඒනිසා...

කොහොම හරි අන්තිමේ... රාජ්‍ය බලය දිනනවා...

Which would be worse, to live as a monster or to die as a good man ?
ටෙඩි පිලිගන්නවා තමන්ට පිස්සු බව...



No comments:

Post a Comment