Tweets by @Tweetsbysuku myblog: අපේ Lasitha අයියා....

Facebook Fan Page

Tuesday, January 6, 2015

අපේ Lasitha අයියා....


අපේ යාළුකම අවුරුදු 5-6ක් විතර ෆේස්බුක් එකේ.... හැමදාම හොඳම යාළුවෙක්...

හිටියෙ ඉතාලියේ... දැන් අවුරුදු 11කින් ලංකාවට ඇවිත්... හ්ම්...

මට මතකයි අපේ Prasanjith අයිය මං ගැන, “සීතල ප්‍රහාරකය“ කියල ලිව්ව පෝස්ට් එක... අවුරුදු 3කට විතර කලින්... ඒකෙ ලසිත අයියගෙ කමෙන්ට් එක...

“ අපේ ආදරණීය සුකුමාල් මල්ලි “......

ඒ එකවුන්ට් එක නෑ... ප්‍රසන්ජිත් අයියගේ අරුම පුදුම පරිකල්පන ශක්තිය ගැන තේරෙන පෝස්ට් එකක්වත් නෑ...

ඒ සරල සුන්දර අතීතය ආයෙ එන්නෙ නෑ... දැන් මෙතන හරි සංකීර්ණ වෙලා... අවුරුදු 2-3ක් ඇතුලත පුදුම තරම් වෙනස් උනා...

අද දැක්කෙ මම ලසිත අයිය එක්ක අන්තිමට කතා කරල තිබුනෙ 2013 අගෝස්තු... කාලයක් හැමදාම කතා කරපු අපි... දුරස් වෙලාද කියල හිතුන... ඒත් එහෙම වෙලා නැති බව අයිය කෝල් කරාම හිතුන...

අයිය ලංකාවට ආපු බව දැනගත්තට කමෙන්ට් එකක් විතරක් කරලා මසේජ් නොකලේ...
අපි දුරස් වෙලා කියල හිතට හිතුනු නිසා වෙන්නැති... එතනදි මට වැරදුනා... හ්ම්....

අවුරුදු ගානක් අයිය ලංකාවට එනකම් බලාගෙන ඉදල...
ඔන්න අයිය ඇවිල්ලා ... ඒ ගැන හරිම සතුටුයි...

No comments:

Post a Comment